කාමරයෙන් එලියට දුවන් ආපු වී එලියේ තිබ්බ බෙන්ච් එකෙ ඉදගත්තේ අවසිහියෙන් වගේ..අනේ ජේකේට මොකද එකපාරටම උනේ.. ඇයි එයා එහෙම කතාවක් කිව්වේ මට ආදරෙයිලු...ඒක හන්ග ගන්න ඕනි හින්දලු මට රිද්දව්වේ..අනික මට කරපු දේවල්..මේ මොකක්ද වෙන්න යන්නේ..වී ඔලුව බදාගෙන කල්පනා කරේ මේ වෙච්ච දේවල් හීනයක්ද කියලා..

නෑ.. නෑ.. ජිමිනා අද කිව්වා නේද මේ ලගදි ජේකේව හොයන් අය් යූ කියලා කෙල්ලෙක් ආවා කියලා..අනික ජිමිනා කිව්වා ඒ කෙල්ල ආවා කියලා කියද්දී ජේකේ ගොඩක් shock උනා කියලා ...sure එකටම අද ජේකේට බීලා අවසිහියෙන් හිටපු හින්ද මාව ඒ කෙල්ල වගේ පේන්න ඇති..ඒකයි එහෙම හැසිරැනේ..කොහොමත් බීලා ඉන්න කොට ඕනෙම මනුස්සයෙක් ලග පාත ඉන්න එකාගෙන් හිතේ තියෙන දේවල් පිරිමහගන්නවනේ..ජේකේත් අර කෙල්ල ගැන හිතේ තියන් හිටපු දේවල් මගේ පිටින් යවන්නැති...වී අන්තිමේදි එහෙම හිතලා හිත හදා ගත්තා..
තවත් ටික වෙලාවක් bench එකට වෙලා හිටපු වී ගේ ඇතුලට ගිහින් හොරෙන් හොරෙන් එබිලා බැලුවේ ජේකේ නිදිද කියලා...
අම්මෝ ඇති නින්ද ගිහින් තව ඩින්ගෙන් මන් අර කෙල්ල කියලා හිතාගෙන මට මොනවා කරයිද දන් නෑ😁😁..වී එහෙම හිතන ගමන් හෙමින් හෙමින් ගිහින් ඇදේ කෙලවරේම නිදා ගත්තේ ජේකේ ආයෙත් ඇහැරිලා පිස්සුවක් නටයිවත් කියලා බයෙන්....
ම්....අම්මෝ වෙලාව 10.a.m ද මට එච්චර වෙලා නින්ද ගිහින්ද ..ජේකේ නම් කලින්ම නැගිටලද කොහෙදෝ...ඉයේ රෑ කෙල්ල කියලා මාව kiss කරපුවා එහෙම මතකද දන් නෑ..😁😁😁වී එහෙම හිත හිත ටවල් එකත් අරන් bathroom එකට ගියා..
ඕ ගෝෂ්... කන්නාඩිය ලගට ගිය වීට හීල්ලුනා..
මෙච්චර තුවල වෙලාද ,අර කෙල්ල කියලා හිතාන මට මෙහෙම කරානම් ..ඇත්තටම ඒ කෙල්ල හිටියනම් මොනා වෙයිද..😁😁ආදරේ වේදනාවක් කියන්නේ මේ හින්දා වෙන්න😆 ජේකේගේ දත් පාරවල් වලින් තුවාල වෙලා තිබ්බ තොල් දෙකයි,බෙල්ලයි අල්ලන ගමන් වී ඉයේ වෙච්ච දේවල් කල්පනා කරේ හිතට අමුතුම හිරියක් නැගෙද්දීයි...

ජේකේ.. ජේකේ.. bathroom එකෙන් එලියට ආපු වී ජේකේව මුලු ගෙදර පුරාම හෙව්වේ පේන්න හිටියේ නැති නිසා...
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
