🐯19 Episode🐯

1.3K 216 52
                                        

අනේ ජේකේ ඔයා මෙහෙම දෙයක් කරගත්තේ ඇයි ..ඔච්චරටම තරහා ගියානම් මේ මට ගහන්න තිබ්බනේ ,වින්ඩෝ ග්ලාස් එකට ගහන් නැතුව..සිහිසුන්ව හිටිය ජේකේ උස්සන් ගිහින් ඇදෙන් තිබ්බ වී firstaid box එක ගාවට දිව්වේ පිස්සුවෙන් වගේ.....

කැපිච්ච තැනවත් හොයා ගන්න බැරිවෙන්න ලේ වලින් පෙගිලා තිබ්බ ජේකේගේ  අත පුලුන් වී කෑල්ලක් අරන්  පිහන්න ගත්තේ ඉක්මනටම තුවාලයෙන් ලේ යන එක නතර කරන්න ඕනි හින්දා...

ගොඩක් ලේ ගිය හින්දා වෙන්න ජේකේ ⁣faint  වෙන්න ඇත්තේ අනේ තව සිහිය එන්න කොච්චර වෙලා යයිද දෙය්යනේ ... ජේකේලේ ලේ වලින් තේ වෙලා තිබ්බ බෙඩ්ෂීට් එකයි ටයිලුයි දකින කොට වීගේ ඇග හිරිවැටිලා ගියේ එයාටත් නොදැනීමයි.....

අනේ ජේකේ ඔහොම ඉන්න එපා නැගිටින්නකෝ....මට බයයි ඔයා ඔහොම ඉන්න කොට ...වී  ඇදේ ⁣faint වෙලා හිටිය  ජේකේගේ පපුවට ඔලුව තියා ගෙන ඉකි ගගහා අඩන්න ගත්තා..

ම්....⁣ඔයා අඩනවද ...ටික වෙලාවකින් සිහිය ආපු ජේකේ අමාරැවෙන් එහෙම ඇහුවේ එයාගේ පපුවට ඔලුව තියාගෙන අඩ අඩ හිටපු වීගේ ඔලුව අතගාන ගමන් .......

අනේ ජේකේ ඇයි එහෙම වැඩක් කර ගත්තේ.... මේ බලන්නකෝ ඔයාගේ අත හොදටම තුවාල වෙලානේ...ඇයි ඔයා ඔයාටම රිද්දගත්තේ ජේකේ..මට සමාවෙන්න මේ ඔක්කෝටම වැරදි මං....එහෙම කියන ගමන් වී ජෙකේගේ තුවාල හින්දා  ගෝස් වලින් බැන්ඩේජ කරපු අත අල්ලගෙන අඩන්න ගත්තේ ගොඩක් අවු⁣ලෙන්.

කෝ දැන් අඩන එක නවත්තලා මගේ ඔලුව ටිකක් මසාජ් කරන්නකෝ...එහෙම කියලා   වීගේ ඔඩොක්කුවේ  පොඩි එකෙක් වගේ ඔලුව තියා ගත්තා ......

අනේ මට සමාවෙන්න ⁣ජේකේ ..මට ඔයාට එහෙම නොකියා ඉන්න තිබ්බා...ඒත් මට ඉතින් දුක හිතුනා  ඔයා මාව එක්කන් යන්න එනවමයි කියලා ආවේ නැති උනාම..ආයේ කවදාවත් මං ඔයත් එක්ක බොරැවට රන්ඩු වෙන් නෑ ජේකේ ..වී ජේකේගේ ඔලුව අත ගාන ගමන් කිව්වේ ගොඩක් දුකෙන් .....

හරි හරි ඒවා දැන් අමතක් කරලා දාන්න මටත් තිබ්බා තරහ ටිකක් පාලනය කර ගන්න..මගෙත් වැරැද්දනේ, එනවා කියලා ආපු නැති එක...⁣මාත් එක්ක එන්න එච්චර ආසයි කියලා දන්නේ කවුද අප්පා..ඒක නෙවෙයි වී පැටියෝ මොකද කියන්නේ හෙට අපි දෙන්නා පොඩි රවුමක් ගහන්න යමුද..ජේකේ  ඇහුවේ එයාගේ ඔලුව අත ගගා ඉන්න වීගේ මුන හා බලන ගමන් ..........

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now