එදා උබ මාව දාලා යන කොට උබ එනකන් ඉන්න කියලා මාව පොරොන්දු කර ගත්තේ ඇයි අය් යූ ....උබ මාව එහෙම පොරොන්දුවක හිර කරලා දැම්මේ නැත්තම් අද උබත් සතුටෙන් මාත් සතුටෙන්...අය් යූගේ කාර් එකේ හඩ නොඇසී යද්දී ජේකේ කදුලු අස්සෙන්ම කල්පනා කරේ පොරොන්දුවකට මිනිහෙක්ගේ ජීවිතේ මේ තරම්ම හිරකරලාදාන්න පුලුවන්ද කියලා.....
ටික වෙලාවක් සාලෙට වෙලා කල්පනා ලෝකේ ගිලිලා හිටිය ජේකේ නිදාගන්න කියලා කාමරේට ගියත් උදේ 11 ට විතර නිදා ගන්නවා කියන එක බොරැවක් උනා...
අය්යෝ තාම දවල් වෙලාවත් නෑ...මං කොහොමද වී නැතුව මේ දවස් ගෙවා ගන්නේ මට පිස්සු හැදෙයි දෙය්යනේ....කර ගන්න කිසිම දෙයක් නැතුව පැයක් විතරම ඇදේ එහාට මෙහාට පෙල්ලි පෙල්ලි වීගේ මතක එක්ක පොරබැදපු ජේකේ අන්තිමට ඇදෙන් නැගිට්ටේ එක කාලයක මේ ලෝකේ එයාට වැඩිපුරම සැනසීම තිබ්බ තැනට ආයේ යන්න හිතන්...මොකද ජේකේට එයාගේ හිතේ තියෙන වේදනාව එතෙන්ට ගිහින් නිදහසේ කියන්න ඕනි උනා...
ජේකේට කාර් එක drive කරන් යන ගමන් අවට පරිසරය දැක්කම ආවේ අමුතුම හැගීමක්....වේදනාවක් හින්දා අතඇරලා දාපු තැනටම වේදනාවක් අමතක් කරලා දාන්න ආයේ එන්න වෙලා ....ජීවිතේ කියන්නෙත් මහ පුදුම දෙයක්.... ෆයින් ගස් වලින් වට වෙච්ච ඉස්කෝලේ තාමත් ඒ වගේමයි...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනස් වෙලා තිබ්බේ කාලය විතරයි..අය් යූත් එක්ක කොච්චරනම් මතක මේ ඉස්කෝලේ අස්සේ හැන්ගිලා ඇත්ද...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯25 Episode 🐯
Start from the beginning
