අනේ වී ඔයාට ආයේ කවදාවත්ම හන් ගැන මතකේ එන් නැතිවෙයිද....ඔයාට අනිත් හැමදේම මතක් වෙලා මාව විතරක් අමතක් උනේ කොහොමද..ඇදේ ටික වෙලාවක් වී ගැන හිත හිත හිටපු ජේකේට කලින් දා රෑ නිදිවර්ජිතව හිටිය නිසා ඉක්මනටම නින්ද ගියා...
_____________________________________
අම්මෝ මෙච්චර හවස් වෙනකන් නින්ද ගියාද.. ජේකේ ඔරලෝසුව දිහා බලන් ඇහැරෙන ගමන් ඇදේ එහා පැත්ත බැලුවේ පුරැද්දට වගේ..මොකද වෙනදටනම් එයා දවල්ට නිදා ගන්න කොට වීත් එයාට තුරැලු වෙලා හොදට නිදාගන්නවා....
ජේකේගේ මනසේ ආයෙත් වීගේ මතක සැරිසරන්න ගද්දී ජේකේ ඇදෙන් නැගිටලා කාර් කී එකත් අරන් සාලේ දිහාවට දිව්වේ කාමරේ පුරාවට වීගේ මතක හොල්මන් කරනවා වගේ දැනුණ නිසා...
ජේකේ ඔයා ඇහැරැනාද ..කොහෙද ඔයා දුවන්නේ සාලේට වෙලා phone එක ඔබ ඔබ හිටපු අය් යූ ඇහුවේ දඩි බිඩියේ එලියට දුවන ජේකේගෙන්.....
අය් යූ ඔයා තාම ගියේ නැද්ද...මං එලියට යනවා පොඩ්ඩකට...මට ටිකක් නිදහසේ ඉන්න ඕනි ....
මට හොටෙල් එකට යන්න බෑ ජේකේ..මමත් ඔයා එක්ක එන්නද..අය්යූ ඇහුවේ ජේකේව තනියම යවන්න බය හිතුනු නිසා..
එපා එපා ...ඔයා හොටෙල් එකට යන්න අය් යූ ...මන් එන්න ටිකක් රෑ වෙයි...ජේකේ එහෙම කියලා එලියට දුවන් ගියා....
ඔයා ඉස්සරනම් මං නැතුව කොහෙවත් යන් නෑ...ඒත් දැන්....කාලය ඔයාව ගොඩක් වෙනස් කරලා ජේකේ...අය් යූ සෝෆා එකේ ඉදගන්න ගමන් කල්පනා කරේ...එදා හිටපු ජේකේට වඩා අද ඉන්න ජේකේ කොච්චර වෙනස් වෙලාද කියලා ....
ඔයා මාව කොහි විදිහට පිලිගයිද දන් නෑ වී... ඒත් මට ඔයාව බලන් නැතුව ඉන්න බෑ ....ඔය මූන බලන්න නැතුව පිස්සු හැදෙයි....ජේකේ ජිමිනගේ මිදුලේ කාර් එක නවත්තලා ගේ ඇතුලට යන්න ලෑස්ති උනේ හිතේ දෙගිඩියාවෙන්....
ජේකේ ඇතුලට යන කොට වී හිටියේ tv එක බල බල.....
ආ.....ඔයා ජිමිනගේ යාලුවා නේද...එන්න ඉදගන්න.... ජිමිනා වොෂ් එකක් දාන්න ගියා..ඉක්මනටම එයි.. වී ජේකේට කිව්වේ අහින්සක විදිහට හිනා වෙලා .......
ඉතින් වී කොහොමද...ඔයාට දැන් හොදයි නේද...ජේකේ වී ළඟ තිබ්බ පුටුවකින් ඉදගන්න ගමන් එහෙම ඇහුවේ ඇස් වල නලියන කදුලු හිරකරගන්න උපරිම ට්රයි කරන ගමන්....
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 23 Episode🐯
Start from the beginning
