🐯 23 Episode🐯

Start from the beginning
                                        

අනේ මෝචි මට දැන් හොදයි ...මට හොස්පිටල් එකේ ඉන්න බෑ..මාව මෙහෙන් අරන් යන්නකෝ  වී ජිමිනව බදාගෙන අඩන්න ගද්දී ජේකේගේ ඇස්වල කදුලු නලියන්න ගත්තා...

හරි වී පැටියෝ අපි ඉක්මනටම ගෙදර යමු...කෝ දැන් අඩන්න එපා දෙය්යෝ...ඔයාට අඩන්න හොද නෑ...ජිමිනා කිව්වේ වීගේ ඔලුව  අතගාන ගමන්.....

වී ඔයා මාත් එක්ක ඔච්චරටම තරහද..ඒකද මාව මෙහෙම රිද්දන්නේ...ජිමිනගේ තුරැලට වෙලා ඉන්න වී දිහා බලන ජේකේ අඩන්න ගත්තේ වීගෙන් මේ වගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු උනේ නැති හින්ද....

මේ  ඔයා⁣ගේ යාලුවෙක්ද මෝචි...ටික වෙලාවකින් ජේකේව පෙන්නලා වී එහෙම අහද්දී ජේකේට හුස්මත් හිරවුනා... ජේකේ ඉක්මනටම  වට පිටබැලුවේ   තව කවුරැ හරි ඇතුලේ ඉන්නව වත්ද කියලා බලන්න...

ඇයි වී පැටියෝ මේ ඉන්නේ ජේකේනේ,... ජිමිනා කිව්වේ ⁣වී එහෙම ඇහැවේ ඇයි කියලා හිතාගන්න බැරැවයි..

මට මතක නෑ කියන්⁣නකෝ මෝචියෝ.... වී කිව්වේ නලලත් රැලි කරගෙන ⁣ජේකේ දිහා බලන ගමන්....

පොඩ්ඩකට එලියට යනවද මට පේෂන්ව චෙක් කරන්න තියෙනවා ...මියුන්ජි ඇවිත් එහෙම කියද්දී ජේකේ icu එකෙන් එලියට දුවන් ආවේ අවසිහියෙන් වගේ....

අැයි ජේකේ මොකද මේ...වීට දැන් හොදයි නේද...ළඟ තිබ්බ පුටුවකට වෙලා ජේකේ මහ හය්යෙන්  අඩන්න ගද්දී කැන්ටින් එකට ගිහින් ආපු අය් යූ එහෙම ඇහුවේ ගොඩක් බය වෙලා...

වීට මාව මතක නෑ අය් යූ ...මං දැන් මොකද කරන්නේ ජේකේ එහෙම කිය කිය අඩන්න ගද්දී ජිමිනටත් ඉබේටම ඇඩෙන්න ගත්තේ ජේකේ එක්ක කොච්චර  තරහෙන් හිටියත් ජිමිනගේ හිතේ ජේකේ ගැන ලොකු සහෝදරකමක් හැන්ගිලා හින්දා...

මොකක් හරි ප්රශ්නයක්ද...ඇයි ⁣මේ ජේකේ අඩන්නේ...  icu  එක ලගට ආපු  rm  කලබ⁣ලෙන් ඇහුවා...

⁣වී⁣ට ජේකේව මතක නෑලු අපි දැන් මොකද කරන්නේ .......අය් යූ  rm ගෙන් කිව්වේ  කිසිදෙයක් හිතාගන්න බැරැවයි...

මොකක්.... වීට ජේකේව මතක නෑ...rm එහෙම අහන කොටම මියුන්ජිත්  වීව චෙක් කරලා එලියට ආවා....

පේශන්ව ඩිස්චාර්ජ් කරන්න පුලුවන් වෙයි  rm..එයාගේ රිපොට් එහෙමනෙම් ඔක්කොම නෝමල්...ඔයාල පේෂන් එක්ක කතා කරන්න ඇතිනේ එතකොට පේෂන්ගේ මොකක් හරි වෙනස් වීමක් තිබ්බද ...මියුන්ජි ඇහු⁣වේ හැමෝම දිහා බලන ගමන්....

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now