🐯 22 Episode🐯

Start from the beginning
                                        

ඕ ෂිට් එහෙනම් සික් එක වැඩි වෙලා වගේ ....ජේකේ ඔයා වීට වෙලාවට බෙහෙත් ටික දුන් නැද්ද...rm  එයාව බදන් හිටපු ජෙකේව හෙමීට පුටුවෙන් ගස්සන ගමන් ඇහුවේ සීරයස් මූඩ් එකෙන්....

දුන්නා...ජේකේ rm ට එහෙම කියන ගමන් අත් දෙකෙන්ම මූන  වහගෙන අඩන්න ගත්තේ  ඇත්තටම වීගේ බෙහෙත් ගැන හොයනවා තියා වී බෙහෙත් බොනව කියලවත් ජේකේට rm  අහනකන්  මතකේ තිබ්බේ නැති නිසා....

ඔයාද එතකොට අය් යූ ...ඔයත් හිටියේ ජේකේගේ දිහාද...  rm  අහුවේ ජේකේ ගාවින්ම හිටන් හිටිය අය් යූගෙන් ...

ඔව් මං තමා අය් යූ මමත් හිටියේ ජේකේලගේ  දිහා... අය් යූ එහෙම කියනවත් එක්කම icu එකේ ඉදන් ඩොක්ටර්ස්ලා  එලියට ආවා...

මියුන්ජේ...මොකද  වීට  ....rm ඇහුවේ එතන හිටිය එයාගේ යාලු වෛද්‍යවරියගෙන්

තත්වය ටිකක් සීරියස්  rm...සිහිය එනකන් මුකුත්ම කියන්න අමාරැයි....stress  එක වැඩි වෙලා සික් එකට ඇවිත්...එකයි මෙහෙම එකපාරටම වැටිලා තියෙන්නේ...මං කලින්  දීපු බෙහෙත් ටික වෙලාවට දුන් නැද්ද rm...පේෂන්ගේ ජීවිතේට නම් දැනට අනතුරක් නෑ...ඒත් ආයෙත් මෙහෙම දෙයක් උනොත් නම් ගොඩ ගන්න අමාරැයි....අනික භයානකම දේ තමා පේෂන්ගේ මතකේ අමතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...දැන් එහෙම වෙලා නොතිබුනත් ඉස්සරහට එහෙම දෙයක් වෙන්න පුලුවන් ...ඒ හින්දා පේෂන් ගැන හොද අවදානෙන් ඉන්න...දැන්මම කාටවත්  පේෂන් ගාවට යන්න එපා...සිහිය ආවට පස්සේ ගියාට කමක්  නෑ...හැබැයි පේෂන්  stress  වෙන කිසි දෙයක්  කරන්න කියන්න එපා...එහෙනම් rm  මං වෝඩ් එකේ පේෂන්ලා චෙක් කරලා එන්නම්..මියුන්ජි එහෙම කියන ගමන්   rm  ගෙන් සමුගත්තා....

ඕ  වීට  stress   වෙන්න තරම් තිබ්බ ප්රශ්නය මොකක්ද   අනේ...rm  එහෙම කිව්වේ නලලත් රැලි කර ගන්න ගමන්...

ඔයා දන් නැති උනාට වීට ගොඩක් ප්රශ්න තිබ්බා  ..එයාට මෙහෙම උනේ මං හින්දා..මමයි හැමදේටම වගකියන්න ඕනි ...ජේකේ  හිත ඇතුලෙන් එයාටම වෛර කරගත්තා...

ටික වෙලාවකින් අය් යූටයි ,rmටයි  දෙන්නාටම  ළඟ තිබ්බ පුටු වලටම වෙලා නින්ද ගිහින් තියෙද්දී ජේකේ නිහඩවම  icu  එක ඇතුලේ සිහිසුන්ව හිටිය වී දිහා කවුලුවෙන්  බලන් හි⁣⁣ටියේ පිස්සුවෙන් වගේ....

අනේ වී නැගිටින්නකෝ ....⁣මාව පන පිටින් මෙහෙම පුච්චන්න එපා...මට ඒක දරාගන්න අමාරැයි...ඔයා ඔහොම විදවන කොට මං බලන් ඉන්නේ  කොහොමද...ජේකේ ඇදේ  සිහිය නැතිව ඉන්න වී දිහා බලාගෙන තනියම කියවන්න ගත්තා....

ඒයි ජේකේ...... ජිමින් හොස්පිටල් එක කියලවත් බලන් නැතුව හය්යෙන් කෑ ගහගෙන එන කොට  පුටුවලට වෙලා අඩ නින්දේ හිටපු අය් යුයි  ,rm මුත්  ගැස්සිලා ඇහැරැනා......

තමුසේට මං කලින්ම කිව්වා  නේද මෙහෙම දෙයක්  වෙයි කියලා...දැන් සතුටුද....තමුසෙනම් මහා ජරා මිනිහෙක් ජේකේ...ජිමිනා එහෙම කියන ගමන් ජේකේගේ කම්මුලට පාරක් ගැහුවේ  තරහින්....

ඒයි මොකද මේ ....මේක හොස්පිටල් එකක්...අනික වීට වෙච්ච දේට ජේකේ⁣ එක්ක පැටලිලා හරියනවද ...වීට සික් එක වැඩිවෙලා ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ...උබත් වෙලාවක⁣ට පොඩි එකෙක් වගේ බන්  .. rm  ⁣එහෙම කියන ගමන් ජිමිනව පැත්තකට කරා....

ඒ උබ දන්න තරම තමා...උබට මේවා තේරෙන කොට කල් යයි..ඒත් මං කියන දේ හොදට මතක තියාගනින් වීට මොනා හරි උනොත් මං ජේකේව මරලා හිරේ යනවා...ජිමින් තරහෙන් එහෙම කියන ගමන් icu  එකේ කවුලුව ගාවට ගිහින් වී දිහා බලන් හිටියේ ඇස්වල කදුලු බිඳු බේරෙද්දීයි....

ජේකේත් රිදුම් දෙන  කම්මුල අතගාන ගමන් නිහඩවම හිටියේ ජිමිනා කියනවත් වගේ මේ ඔක්කෝටම මුල එයා කියලා දන්න නිසා හිතෙන් ගොඩක් විදවන ගමන්.....

මුන්ට පිස්සු තියෙන්නේ...තුන්කොන් ආද⁣ර කතාවේ සුලක් මුලක් නොදන්න ⁣rm  ජිමිනටයි ජේකේටයි බනින්න ගන්න කොට  අය් යූත් පැත්තකට වෙලා මේ දේවල් බලන් හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරැවයි...

මේ එපියනම් ටිකක් අවුල් නේද...හවසට දිල එපියක් දෙන්නම්කෝ...😍😍😍😍














💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now