Don't worry බේබි එහෙම හිතුවත් මොකද වෙන්නේ..😁😁කෝ නගින්න bike එකට..ඉක්කමනට ගෙදර ගිහින් බෙහෙත් ටිකත් බීලා නිදාගන්න..
Bike එකට නැන්ග වී ජිමිනාගේ පිටෙන් ඔලුව තියාගත්තේ කැරකිල්ල ගතිය වැඩි උන නිසා...
ඕන් අපි ආවා..මේ තමයි මගේ පැලස් එක ජිමිනා bike එක ගාඩ්න් එකට දාන ගමන් කිව්වා...
වාව් ලස්සන ගෙදරක්නේ මෝචිට තියෙන්නේ..වී එහෙම කිව්වේ ජිමිනගේ අම්මා මල් එහෙම වවලා ලස්සන කරලා තිබ්බ garden එකයි.ගේයි දිහා බලන ගමන්..
ඉන්නකෝ මන් ඉක්මනටම noodles ටිකක් හදන්නම්..එතකොට බෙහෙත් ටිකත් බීලා එක වැරකම නිදා ගන්න පුලුවන්නේ වීට එහෙම කියන ගමන් ජිමිනා ටක් ගාද්දි උයන්න ලෑස්ති උනා..
වීත් කිචන් එකට වෙලා ජිමිනා උයන දිහා බලන් හිටියේ කැරකිල්ල ගතිය ටිකක් අඩු වෙලා ගිහින් තිබ්බ නිසා..
ඔන්න dinner එකනම් රෙඩි ..හැබැයි ජේකේ හදන ඒවා තරම්නම් රස නැතු ඇති හොදේ...ජිමිනා වීට noodles ටික දෙන ගමන් කිව්වා..
අනේ නෑ මෝචියෝ දෙන්නම උයන ඒවා රසයි..වී එහෙම කියන ගමන් ඉක්මනටම noodles ටික කන්න ගත්තේ ටක් ගාද්දි නිදා ගන්න ගන්න ඕනි උන නිසා...
අහ් මෙතන බෙහෙත් ටික තියෙනවා..Noodles ටික කාලා මේ බෙහෙත් ටිකත් බොන්න හොදද..ඉට පස්සේ හොද නින්දක් දාන්න..අර තියෙන්නේ මගේ room එක ...මන් ටක් ගාද්දි bike එක හෝදලා දාලා එන්නම් ..ජිමිනා එහෙම කියලා එලියට ගියේ කකා හිටපු වීගේ කම්මුලකුත් මිරිකලාමයි...
අනේ ජේකේ ඔයා උදේ කිව්ව දේවල් ඇත්තටමද කිව්වේ..මාව එච්චරටම පේන්න බැරිද ඔයාට ...ඔයා බනිනවා ,ගහනවා මට ඉවසන්න පුලුවන් ,ඒත් මට මෙහෙම වෙනස් කම් කරනවා දරා ගන්න ගොඩක් අමාරැයි .. බෙහෙත් ටිකත් බීලා නිදා ගන්න ගියත් උදේ ජේකේ කියපු දේවල් මතක් වෙන කොට වීගේ මුලු පපුවම රිදෙන්න ගත්තා...
ආ..හොරගෙඩියා තාම නිදි නැද්ද, මන් හිතුවා මෙලහට නිදාගෙන හොද හීනයක් එහෙමත් බලනවා ඇති කියලා..ජිමිනා කිව්වේ ඇදේ එහාට මෙහාට පෙල්ලි පෙල්ලි කොට්ටෙන් මූන හන්ගන් ඉන්න වී ගාවට යන ගමන්..
කොට්ටෙට මූන තද කරන් හිටියත් වී අඩන සද්දෙ ජිමිනට හොදට ඇහුනා..වී ඔයාට මුකුත් ප්රශ්නයක් වත්ද,කෝ ඔයා අඩනවා නේද..කෝ මෙහෙ බලන්න හොද ලමයා වගේ..ජිමිනා වී ලගින් ඉදගෙන කොට්ටෙට තද කරන් හිටපු වීගේ මූන අයින් කරන්න try කරා...
අනේ මෝචි...මට මැරෙන්න ඕනි, එක පාරටම නැගිට්ට වී ජිමිනට තුරැලු වෙලා ඉකි ගගහා අඩන්න ගත්තා...
අනේ ඇයි මේ අඩන්නේ කියන්නකෝ....එයාට තුරැලු වෙලා අඩන වීගේ ඔලුව අත ගාන ගමන් ජිමිනා ඇහුවේ ගොඩක් අසරණව..
ජිමිනා කොච්චර ඇහුවත් වී අඩනවා මිසක් වචනයක්වත් කතා කරේ නෑ...
හරි මන් ආයේ මුකුත්ම අහන් නෑ.. ඔයාගේ හිතේ දුක නිවෙනකන් ඇති තරම් අඩන්න.දුක තද කරන් ඉන්න එපා රත්තරන් ...ජිමිනා එයාට තුරැලු වෙලා අඩන වීට නින්ද යනකන්ම හෙමීට ඔලුව අත ගාන්න උනා...
මටත් කියන්න බැරි තරම් ඔයාට තියෙන ප්රශ්න මොකක්ද වී ..ඔයා ඔහොම අඩන කොට මන් ගොඩක් අසරන වෙනවා රත්තරන් ... නින්ද ගිහින් හිටිය වී ගේ මූනේ තිබ්බ තාමත් වේලිලා නැති කදුලු පිහදාන ගමන් ජිමිනා කල්පනා කරා..
ටිකක් වෙලා වී අඩන්න හේතු කල්පනා කර කර හිටපු ජිමිනත් වී ගාවින්ම නිදා ගත්තා..
🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
පහුවදා උදෙන්ම ඇහැරැන ජිමිනා school එකට යන්න ලෑස්ති උනා..
අහ් මෝචියෝ ඔයා උදෙන්ම නැගිට්ටද..වී ඇහුවේ අල්මාරියේ තිබ්බ හැම ඇදුමක්ම බිමට දාගෙන ඇදුම් තෝර තෝර හිටිය ජිමිනගෙන්..
ආා අඩන බබා නැගිට්ටද.. ඔව් අනේ අද Artsday එකනේ මට school එකේ වැඩ ගොඩ ගැහිලා ,ඉක්මනටම school එකට දුවන්න ඕනි .....
ජේකේ ඔයාව එක්කන් යන්න එයි එතකන් ඉන්න හොදද.ඒක නෙවෙයි කියන්නකෝ මේ shirt දෙකෙන් කෝකද හොද කියලා..ජිමිනා වීට shirt දෙකක් පෙන්නන ගමන් ඇහුවා...
ම්.....black colour හොදයි නේද ..කෝක ඇන්දත් ඔයාට ලස්සනයි මෝචියෝ වී කිව්වේ හිනාවෙලා...
අම්මෝ ඒකටනම් kiss එකක් දෙන්නම ඕනි...එහෙම
කියපු ජිමිනා දුවගෙන ඇවිත් ඇදේ හිටිය වීගේ කම්මුල් දෙක සිපගන්න උනා...
ඒත් එක්කම ජේකේ ජිමිනගේ කාමරේට ආවේ වීව එක්කන් යන්න හිතන් ....
මේ මොකක්ද මේ වෙන්නේ..වීව ජිමිනා kiss කරනවා දැක්කම ජේකේට උන්හිටි තැන් අමතක් උනා...ජේකේ ටක් ගාද්දී කාමරෙන් එලියට දිව්වේ පිස්සුවෙන් වගේ...
YOU ARE READING
💕Must I Go..💕(vminkook sinhala) (Completed )
Romanceනෙලන්නට බැරි ඉසව්වක් පිපි මලකි නුඹ මගේ ජීවිතේ .... හඩන්නට ලොව උපන් ඇස් දෙකෙ කදුලු බිදුවකි ආදරේ...💔
🐯 12 Episode 🐯
Start from the beginning
