The Lord Of Weito -Green Lord .
.
.
.
.
.
.
" මෙහෙන් වාඩි වෙලා රැගෙන ආ බල හරයන් ගන්න...
වෙයිටෝගේ මුහුණේ බලාපොරොත්තුවක් තිබුණ ද එය විඩාබරව හා සෝබරව පසුවිය...
වෙයිටෝ තම ලෝගුවේ අත ඇතුලත ඇති සාක්කුවෙන් බල හරයන් සහිත බෝතල් 5 පිටතට ගත්තේය...
" මාස්ටර් මෙහි...!"
" කෝ බලය අවශ්‍ය පුද්ගලයා.."
මාස්ටර් එය ඇසූ විට වෙයිටෝ කලබල වීය...
" ඔහු නැහැ..."
" කුමක් ද..??
" ඔහුව පැහැරගත්තා...
වෙයිටෝගේ දෑසින් සීතල කොපුල මත කඳුලක් රූරා වැටුණි...
" කුමක් ද..??"
" ඔහුව විලෝපිත වනයේ දී පාතාල ලෝකයෙන් පැහැර ගත්තා..."
" එසේනම් ඔහුට බලය ලබා දෙන්නේ කෙසේ ද..???"
" මාස්ටර් කරුණාකරල කුමක් හෝ සිදුකරන්න..
වෙයිටෝ ආයාචනාත්මක ලෙස පවසන්නට විය...
" හ්ම්ම්ම්ම්ම්"
" බල හරයන් සහිත බෝතල් සමග ඔබේ සියලු බලයන් හී එකතුවක් එක් කර මට ලබාදෙන්න..වන්දිය වශයෙන් එය ප්‍රමාණවත්..
දෙවිවරුන් හිත යටින් කලබල වූවත් එය සුළු දෙයක් නිසා වෙයිටෝ මාස්ටර් ලබා දුන් බෝතලට ගෙන එයට තම බලය එකතු කරන්නට පටන් ගත්තේ ය ...
වෙයිටෝ තම බලයන් එක් කොට බෝතලයට එම බල කිරණ යොමු කල අතර එය පිරීමට හෝරාවකට අධික කාලයක් ගත වූයේ ය...
වෙයිටෝ අවසානයේ තරමක් වෙහෙසට පත්ව සිටියේ ය...
" හොදයි.. එසේනම් අපි පටන් ගනිමු.."
" පැමිණෙන්න සියලු දෙනා...
මාස්ටර් අඳුරු ගුහාවක් තුළට සියලු දෙනා සමගින් ගිය අතර වෙයිටෝ දුන් සියලු බෝතල්වල බල හරයන් සහ වෙයිටෝගේ බෝතලයේ බලයත් තමා තුළට ලබා ගැනීමට බිම වාඩි වී එම බෝතල්වලට යමක් මතුරන්නට විය...
අවසානයේ බෝතල්වලින් පිටතට පැමිණි ආලෝක ධාරාවන් මාස්ටර්ගේ හදවත අසලින් ඇතුල් වූයේ ය....
ඔහු යම් වේදනාවකින් කෑගසන්නට වූ අතර අවසානයේ ඔහු විශාල ආලෝකයක් දරමින් සියලු දෙනාගේ දෑස් බොඳ කර හැරියේ ය...
හෝරා දෙකකට පසුව සියල්ල සාමාන්‍ය වූ අතර අඳුරු කුටිය ඉතාම ආලෝකමත් ශ්වේත වර්ණ කුටියක් බවට පත්ව තිබුණි..
වෙයිටෝ ඇතුළු සියලු දෙනා වටා හිමෙන් වැසී තිබුණු අතර කකුල් මත ඇති බූට්වලි බාගයක් ම ඉන් වැසී තිබුණි..
පසුව වෙයිටෝ හිස ඔසවා මාස්ටර් දෙස බැලූ අතර අනෙක් දෙවිවරුන් ද කට ඇර ගත්තේ ඔවුන් ඉදිරියේ ඇති දර්ශනයේ විශ්මිත භාවය හේතුකොටගෙනය...
" අහ්... බබාහ්.... යීබෝ තම දෑස් ලොකු කරගෙන තමා ඉදිරියේ සිටින ශාන් දෙස බලන්නට විය....
" බෝ බෝ.....?????"
" මගේ බබා.. අනේ මම කොයිතරම් නම් හෙව්ව ද ඔයාව... අනේ මැණික..
යීබෝ අවට කිසිවක් ගැන අවධානය යොමු නොකල අතර එකවර ශාන් පැන බදා ගන්නට විය...
එක මොහොතක් දෙදෙනා එකිනෙකාට දැඩි ලෙස තුරුළු වන්නට විය..
නමුත් අනෙක් දෙවිවරුන් මෙය දුටුවේ සැකයකිනි....
ඊලග මොහොතේ දී ශාන් එකවර යීබෝ පසෙකට තල්ලු කරේය...
"බබා ඇයි...????"
" නුඹේ ශාන්ට ඇත්තේ කුඩා වෙලාවක් පමණි.. ඉක්මනින් ඔහු සිටින ස්ථානය අසාගන්න...
ශාන් තම කටහඩ මාස්ටර් ලෙස වෙනස් කරගෙන තිබුණි..
ඇත්තටම සිදු වූයේ මාස්ටර්ගේ බලය මගින් ශාන්ගේ මනෝකාය තාවකාලිකව කැදවා ගැනීමක් පමණි..
වෙයිටෝ එක වර බිමට ඇද වැටුණි...
ඔහුගේ හදවත වේදනාවෙන් කම්පා වූ නිසා නාසයෙන් පවා ලේ ගලන්නට වූ අතර මාස්ටර්ගේ සිරුර වෙත පැමිණ තිබූ ෂාන්ගේ මනෝකාය ද කෑගසා හඩන්නට වීය...
"අනේ මගේ බෝ... අනේ එයාව බලන්න.. බෝ බෝ මම ඉන්නේ මට සාපය කරපු මිනිහාගේ බන්ධනාගාරේ. උන් මාව ගැට ගහලා තියෙන්නේ..
ඒත් මට බලය හම්බුනොත් මම ඉක්මනින් ඔයා ලගට එන්නම් බෝ බෝ... අනේ මගේ මුද්දත් නැති වුනා බෝ..."
" ඒත් බබී ඔයයි මායි එකට බැදිලා ඉන්න නිසා ඔයා යන තැනට මාවත් ඇදිලා යන්න එපැයි. කොහොමද මෙහෙම උනේ..?"
" එයා ආයේ මට මොනවද කරා බෝ.. ඒක මට ටිකක් රිදුනා. දැන් නම් ගානක් නෑ...
මම යන්නම් බෝ මගේ පපුව හිර වෙනවා වගේ තවනම් භාවනා කරන්න බෑ.. මම භාවනා කරේ ඔයාගේ බලය හරි චුට්ටක් මං ලග තියනව ද බලන්න. එතකොට මට ඇහුනා ඔයාගේ කටහඩ.. ඒත් එක්කම සුදු එලියක් මට එන්න පාර කිව්වා.. ඉතින් ඒ පාර දිගේ මම ආවේ ඉක්මනින්ම මම ඔයා ලගට එන්නම්.. මාස්ටර් ශාන්ගේ ස්වරූපයෙන්ම ගුහා කෙලවරක තිබූ නීල පැහැති තටාකයක් වෙත පැන්නේ ය...
සියලු දෙනා විශ්මයට පත් කරමින් විශාල රක්ත වර්ණ ආලෝකයක් මධ්‍යයේ තටාකය ද රක්ත වර්ණ වූ අතර එහි ජලය පුරා රෝස මල් පෙති බුබුළු දමන්නට විය....
එම කිරණ සමග තවත් හෝරා කීපයක් ගත වූ අතර වෙයිටෝ තම හැඩීම ද නවතා ඒ දෙස උනන්දුවෙන් බලා සිටින්නට විය.
නාසය තුළින් ගලා ආ ලේ බිඳු තම පිටි අත්ලෙන් පිස දමාගන්නට විය...
" උතුමාණෙනි , ඔහු සුවෙන් සිටී.. කරදර නොවන්න.. අපි ඉක්මනින් රෙඩ් උතුමාණන් සොයා ගනිමු...
" .................."
වෙයිටෝ නිහඩය...
සීතලය....
ශෛලමය ලෙසින් තවමත් වාඩි වී තටාකය දෙස බලා සිටියේ ය...
" මගේ බබා.... එයාව මට කලින් ආත්මෙත් නැති උනා.. මේ පාරනම් මම නැති කරගන්නේ නෑ..
මම එයාව පෘථිවියෙන් හොයාගෙන ආවේ ඒකට නෙවෙයි..
එහෙනම් මම එයාව පෘථිවියේම තියලා තියනව...
ඇයි මම ආත්මාර්ථකාමී වෙල එයාව මෙහෙ ගෙනත් මගේ අහිංසකයට දුක් දුන්නේ..
මම පොරොන්දු උනා එයාව පරිස්සම් කරනවා කියලා..
වෙයිටෝ අසල ඇති හිම පැහැ කුඩා පාෂාණයක් තම අත්ලට ගෙන එක අතකින් පපුව ද අල්ලාගෙන දෙකම එකවර තදින් අල්ලා ගන්නට විය..
පාෂාණය කුඩු වී වෙයිටෝගේ අත ද පසාරු කරගෙන රුධිරය ගලන්නට වූ අතර හියුන්සන් පැමිණ තම ඇඳුමේ රෙදි කඩක් ඉරා ලේ ගලනා අත බැද දැමුවේය .
සුව කිරීමේ බලය වෙයිටෝට පමණක් තිබුණත් ඔහු කිසිවක් උත්සහ නොකර පපුවේ කැකෑරෙන වේදනාව හමුවේ හඩා වැටෙන්නට විය...
" උඹලා ...........උඹලාටත් බැරි උනා මගේ මැණිකව මම නැති මොහොතේ බලාගන්න...
.වෙයිටෝ නැගිට ගොස් හයිකුආන් සහ හියුන්සන් ගේ ලෝක්ගු කරෙන් ඇද බිමට තල්ලු කර දැම්මේ ය...
සියලු දෙනා වෙයිටෝගේ වේදනව හමුවේ හිතෙන් වැලපෙන්නට වූයේ ස්වර්ග ලෝකයේ කවුරුත් ඊර්ෂ්‍යා කරන සහ ආදරය දක්වන එකම යුවල ඔවුන් වූ නිසාය...
"අන්න ඔහු පිටතට එනවා..."
අවට ආලෝකය එක හීසරයක් සේ සෑදී ඈතට පාව යන්නට වූ අතර මද වේලාවකින් එම බල හීසරය අවර්ණ ලෙස වෙස් ගත්තේය...
"ඒකත් හරි.."
තටාකයෙන් පිටතට ආවේ තරමක් තරුණ මිනිසෙකි..
නමුත් ඔහු මාස්ටර් යැයි පැවසීමට කිසිවෙකුත් අසමත් නොවූයේ ඔහුගේ කේශ වැටිය සහ නිය , දෙතොල් එලෙසම පැවතීම හේතුවෙනි....
"ආ................ඔහු තම හිරි කඩමින් වෙයිටෝ ඉදිරියේ සිටගත්තේය ...
" වැඩේ හරි.. ඒ බලය මම අදෘශ්‍යමාන කරපු නිසා රෙඩ් ගාවටම ගිහින් හදවතට ඇතුළු වෙයි....
අනිවාර්යයෙන්ම .....
" ස්තුතියි මාස්ටර්... වෙයිටෝ මාස්ටර් දෙස බලා කඳුළු පුරවා ගන්නට විය..
" නෑ මමයි ස්තුති කරන්න ඕනි.. මොකද මම වසර 100ක් තරුණ පෙනුමක් ලබාගත්තා...
" යන්න පාතාල ලොව දොරටුව අසලට ගොස් එහි ගැවසෙන්න.. නමුත් ඇතුලට නොයන්න.. ඔහු නුඹ සොයා ඒවී....එතෙක් ඉවසන්න..."..
ඔහු පවසා එකවර අතුරුදහන් විය...
වෙයිටෝ සියලු දෙනා වෙත හැරුණේ ය ...
" නුඹලාගේ කාර්‍යයය අවසන්... එම නිසා ඉවත්ව යන්නට අවශ්‍ය අයට යා හැකියි...
කිසිවෙකු නොයා එලෙසම රැදී සිටි අතර වෙයිටෝ වේදනාවෙන් පසු වීම එයට හේතු විය.
නමුත් කිසිවෙකු වෙයිටෝ වෙත ලංවීම එඩිතර නොවූ අතර වෙයිටෝට හිතවත්ම වූ කීපදෙනා හැර ඔහු කිසිවෙකුත් ගනන් නොගත්තේය..
" අපි යමු..එහෙනම්.."
වෙයිටෝ තමා වටා බල ආරාවක් සකසාගෙන පාතාල ලොව දොරටුව පෙනෙන නොපෙනන මානයට පැමිණියේ ය...
" සේරම අහගන්න.. ඔවුන්ට අපි සිටිනවා යැයි දැන ගැනීමට ඉඩ නොතබන්න.. මම අදෘශ්‍යමාන කවචයක් ගොඩනගන්නම්..
එහි ඇතුලත රැදෙන්න...
වෙයිටෝ සකසන ලද අදෘශ්‍යමාන කවචයෙන් සියලු දෙනා ආරක්ෂිත වූ අතර විටෙන් විට දොරටුව වටා සහ ලාවා මත ඇති කෙටි මාර්ගය මතින් මුරකරුවන් වැනි පාතාල ලොවේ මෙහෙකාර දෙවිවරුන් ගමන් කලේය...
දිනක් ගත වීය... ශාන් පිළිබදව හෝඩුවාවක් නොමැත...
තවත් දිනක් ගත විය... එවරත් කිසිවක් නොමැතිය..
ඒ සමග වෙයිටෝ ද තම හදවත පීඩනයට පත් කරගෙන සිටි නිසා හයිකුආන් වෙයිටෝට කවචය තවත් රදවා ගෙන සිටීමට අවශ්‍ය බලයට ඔහුගේ බලයෙන් සහයක් දැකිවීය..
තවත් දිනක් ගත විය.. මෙලෙස සුවිශේෂී දෙයක් නොමැතිව දින ගත විම සියලු දෙනා පීඩනයට පත් කරන්නට විය...
සතියකුත් ගත විය.. දැන් දැන් සියලු දෙනා තම බලයන්ගෙන් කවචයට ආධාර සැපයූ අතර වෙයිටෝ දුර්වලව සිටියේ ශාන් නොමැති වේදනාවෙන් ම පමණි...
" ඌව අල්ලපන්...........දොරටුව ඇතුලතින් හඩක් නැගුණි.. වෙයිටෝ ඇතුළු සියලු දෙනා කලබල වූයේ කිසිවෙකු පැන යන බවක් සිතුණු නිසාය...
" වෙ රෙඩ් උතුමාණන් ද..??"
" ඉක්මනින් අපි කෝකටත් සූදානමින් ඉමු.."
වෙයිටෝගේ දෑස් දීප්තියෙන් බබලන්නට විය..
" ඒ ඔහු... මා හට රෝස මල් සුවඳ දැනෙනවා.."
වෙයිටො සතුටින් අනෙකුත් අයට පැවසූ අතර සියලු දෙනා මද සිනහවක් ගත්තේ මේ සතිය පුරාවටම වෙයිටෝ කතා කරන ලද තෙවන වචන ස්වල්පය එය වූ නිසාය....
.
.
.
.
.
.
.
මතුසම්බන්ධයි
( බන්ටි )
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
බෝනස් ඕනි නම් රෑ 10ට කලින් වෝට් 50යි කමන්ට් 50 ඕනි😁