The Lord of Weito-(YizhanFF✔️...

Door BantiPrabu

45.4K 10.8K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... Meer

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
13 ( 2500 රහස )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
17 ( ශ්වේත මාළිගය )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
23- ( බල වර්ධනය )
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
36- ( අත්භූත වනය )
37- ( ශාක දඩයම )
38- ( ගස් වැල් සමඟ )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
44-( ශ්වේත නදිය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

39- ( අතුරුදහන් වීම )

584 203 54
Door BantiPrabu

The Lord Of Weito - Green Lord
.
.
.
.
.
.
.
.
" කියන්න බබා... කවුද මගේ පැටියගේ හිත රිදෙව්වේ...???
යීබෝ ෂාන්ව තව තවත් තමාට තුරුළු කරගනිමින් අසන්නට විය..

" කවුරුත් නෑ බෝ... ඒත් මම වැඩ වැරැද්දුවා. හියුන්සන් මට තේරුම් කරා මං වරදක් කරේ කියලා.. එයාගේ නෙවේ වරද.. මමයි ඕනි නැති විදියට එතනට මැදිහත් වෙලා සේරම අවුල් කලේ..."

ෂාන් නොදැක්කාට යීබෝ එක් අතක් මිටමොලවා ගත්තේය..

" මගේ පැටියා මුකුත් කරේ නෑ. ඒ වෙලාවේ මැණික කරේ අපිව බේරගන්න උත්සහා කරපු එකනේ. ඒ නිසා බබා ඔහොම දුක් වුනොත් මම ඇත්තටම තරහා වෙනවා.
තේරුනා ද..?? "

"හුම්... ෂාන් දෙතොල් නොපිටට පෙරලගෙන තවත්‍යීබෝට තුරුළු වුනේය..

සියලු දෙනා ඉස්සර වී යන්නට වූ අතර ෂාන් තවමත් යීබෝට තුරුල් වී ගමන් කරන්නට විය.

හියුන්සන් යීබෝ දෙසට හැරුණු අතර යීබෝ ඔහු වෙත දවා අළු කරන බැල්මක් හෙලන්නට විය..

" උතුමාණෙනි අනෙක් ශාකය ලබා ගැනීමට අපිට අර නවලෝක දොරටුව පහු කරන්නට වෙනවා....
ඉදිරියෙන් තිබූ දොරටුව පෙන්වමින් හියුන්සන් පැහැදිලි කරන්නට විය..


"අනෙක් පැත්තේ ඇත්තේ කුමක් ද???" අනෙක් අය ඇසූ අතර හියුන්සන් තම දෙවුර හැකිලුවේය...

" දැන් අන්තිම එක මම ගන්න ඕනි. ඒ නිසා මම යන්නම්...
යීබෝ පවසන්නට විය...

" නොහැකියි උතුමාණෙනි අපි සියලු දෙනා නුඹ සමග එන්නමු.."

" ඔව් බො බෝ මාත් එනවා. මට බෑ ඔයා නැතුව ඉන්න."
.
සියලු දෙනා යීබෝගේ අදහස ප්‍රතික්ෂේප කරන්නට වූ අතර යීබෝ ෂාන් බිම තබා ඉස්සර විය.
එහෙත් අතින් තද කොට අල්ලා ගත්තේ ෂාන්ගේ ආරක්ෂාව ඔහුගේ ප්‍රධානම කාර්‍යයය වූ නිසාය...

"බබා මං ලගින් ම ඉන්න...
ප්‍රථමව හයිකුආන් ද පසුව යූෂේන් ද පසුව යීබෝ සහ ෂාන් ද දොරටුවෙන් ඇතුළු වූ අතර අවසානයේ හියුන්සන් ඇතුළු වීය...

ඇතුළු වූ පසුව එය බබල් අවකාශක් විය...
එය සුදු අවකාශයක වර්ණ මිශ්‍රිත බබල්ස් පිරී තිබුණි...
එහෙත් ඈතම ඈත කෙලවරක ශාක කීපයක් ආලෝකය විහිදුවමින් පැවතුනේය...

"Whoooooooooowwww බෝ බෝ මාරම ලස්සනයි නේ... මෙතන...."

ෂාන්ගේ දෑස් දිදුලන්නට විය.
නමුත් සියලු දෙනා ඉදිරියෙන් මතු වීමට ඇති භයානක ප්‍රශ්නය නොදැන සිටියේ ය...

" මෙතැන මල් බොහෝමයක් නිදහසේ පැවතීම සැකසහිතයි...
වෙයිටෝ සියලු දෙනාට පැවසුවේ ය.
සියලු දෙනා කල්පනාවෙන් ඉන්න...
ෂාන් මගේ ලගින්ම ඉන්න.. මුකුත් අල්ලන්න යන්න එපා .

" ඒත් බෝ අර බබල් එකක් මම පුපුරන්න ද..???"
යීබෝ ෂාන්ට කෝපයෙන් රැව්වේ ය..

" විකාර ද බබා ඇයි ඔයා තේරුම් ගන්නේ නැත්තේ අපි ඉන්නේ භයානක ගමනක කියලා.. ඇයි ඔයා තේරුම් ගන්නේ නැත්තේ ඔයා ලෝකයක් භාර දෙවි කෙනෙක් කියලා. එහෙන් ඔයාට ලැබුණු බලය ඔයා හරියට පාවිච්චි කරන්නෙත් නෑ.. පිස්සුවක් නටනවා... යීබෝ වියරුවෙන් මෙන් ෂාන්ගේ අත අතහැර කෑ ගසන්නට වූ අතර දෙවිවරු එකිනෙකා විවිධ දේ අරභයා වාද කරන්නට පටන් ගත්තේය ..

නමුත් ෂාන්ට යීබෝගේත් වෙනසක් තේරුණු අතර පෙර පැවසූ වචන ෂාන්ගේ පපුවට අනින්නාක් සේ දැනුනත් යීබෝ සිහියෙන් තමාගේ හදවත කිසි විටෙක නොරිදවන බව ෂාන් දැන සිටි නිසා එය රිදවූවත් ඉවසුවේ ය..

" බෝ බෝ යූෂෙන් මොකක්ද වෙලා තියෙන්නේ...??ඇයි ඔයාලා ඔක්කොම රණ්ඩු කරගන්නේ.. මොකක්ද වෙන්නේ මෙතන.. මොහොතකෛන් එකිනෙකා සටන් කරන්නට වූ අතර යූෂේන් හයිකුආන් සමග ද යීබො ෂාන්ට රවමින් ද සිටි අතර නමුත් හියුන්සන් මේ සියල්ල සිනා සෙමින් බලා සිටින්නට විය...

" ඔයා මොකද හිනා වෙන්නේ... ??

" හ්හ්හ්හා හිනා වෙන්නේද.. මුන් එකිනෙකා කොටා ගත්තම මම තමුන්ව මෙතනින් අරගෙන පාතාල ලෝකයට යන නිසා.. තමුන් රෝස ලෝකය නැවත ගොඩනගන්නේ නෑ.. තමුන්ට බැහැ බලය නැවත ලබා ගන්න...
එනවා මං එක්ක යන්න.. මුන්ගේ පියවි සිහිය එන්න කලින්...

හියුන්සන් ෂාන්ගේ අතින් තද කොට අල්ලා ගත් අතර ෂාන් තම මුදුව ඇති අත ඉදිරියට කල ද එහි මුදුව තව දුරටත් තිබුණේ නැත.. ෂාන් කලබලයෙන් යීබෝ දෙස බැලූ අතර යීබෝගේ දෑස් එක යුද්ධයක පසු වුනේය...
බල ආලෝකයන් යීබෝගේ ශරීරයෙන් අපහසුවෙන් මෙන් පිටතට විසි වූ අතර යීබෝ වේදනාවෙන් කෑ ගැහුවේ ය..

" බෝ බෝ අනේ මගේ බෝ......ඔයාට මොකක්ද වෙන්නේ... ෂාන්ගේ දෑසින් නොනවත්වාම කඳුළු කඩා වැටෙන්නට වූ අතර හියුන්සන් ෂාන්ව තදින් අල්ලාගෙන දොරටුවෙන් පිටතට ගියේ ය...

ෂාන් නැවත හියුන්සන් අදිමින් දොරටුව දෙසට ගමන් කරන්නට වූ අතර හියුන්සන්ගේ බලය සමග ෂාන් ගැටීමට නොහැකි වූ නිසා ෂාන් අසරණව කෑ ගසා හඩන්නට වූයේ ය..

" යමන්......... එකවරම හියුන්සන්ගේ දේව ස්වරූපය ෂාන්ට හුරුපුරුදු වූවෙකු බවට වෙනස් වීය. .

" උඹ..........................!!!!!! උඹ කවුද...............අතෑරපන් යකෝ මාව.........

"මම ආවේ පාතාල ලෝකෙන් මැණික.. අපි යමු හොදේ... "

ෂාන් කෑගැසූ අතර එම දරුණු පෙනුමැති මිනිසා එකවරම තම සාක්කුවකින් ගත් දම් පැහැ වැලි ස්වල්පයක් බිමට විසි කල අතර විශාල දුමාරයක් අතරින් ශාන් සහ මිනිසා අතුරුදහන් වීය....

"අනේ මගේ බෝ............මාව බේරගන්න..."

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️

" වෙයිටෝ හයිකුආන් යූෂේන් පියවි සිහියට එන්න...."

හියුන්සන් කෑ ගැසුවේ ය...

තම බලයන් විහිදුවමින් සියලු දෙනාවම එම මර දොරටුවෙන් හියුන්සන් පිටතට ඇදගත්තේය...

දෙවිවරුන් සියලු දෙනා සිහි නොමැතිව බිමට ඇද වැටුණේ ය...

මද වේලාවක් හියුන්සන් බලා සිටි අතර වෙයිටෝ ටික වෙලාවකින් තම දෑස් විවර කලේය...

"මොක....ද්...ද වුනේ...????" වෙයිටෝ අසද්දී

" අහ්...මගේ ඔලුව.. පපුවත් රිදෙනවා .. හයිකුආන් කෙදිරි ගාන්නට විය...

" මොකක්ද උනේ කියනවා... මට මතක මේ මගුලෙ දොරෙන් ඇතුළු වෙලා අර දිලිසෙන බබල්ස් මල් දකිනවා විතරයි...

යීබෝ වටපිට බලමින් කෑගැසුවේ ය...

" කෝ මගේ බබා..... යීබෝ එකවර කලබලයෙන් අසන්නට වීය...

" කෝ ෂාන්.... ????? ෂාන් බබා.... මගේ ෂාන් බබා කෝ..........."

උතුමාණෙනි ඔහු නැහැ....ඔහුව රැගෙන ගිහින්..... හියුන්සන් තම වචන ගලපන්නට විය...

ඒ වචනවලට වෙයිටෝ කෝපයෙන් තම දෑස් රතු කරගත් අතර ,

" කියපන්.......මොකක්ද මෙතන වුනේ....???"

" අහන්න උතුමාණෙනි, කලබල වෙන්න එපා.. මම ඊයේ රාත්‍රියේ සියලු දෙනා නිදා සිටිය දී අපහසුතාවයක් නිසා පදුරක් අසලට ගියා.. පසුව මම එය නිදහස් කරගනිද්දී මගේ ඇගට කුමක් දෝ ඇතුළු වූවාක් සේ දැනුනු අතර මම මගේ ඇස් මානයේ දුටුවේ පාතාල ලෝකයේ ගෝනුස්සා නමැති මිනිසාය...

"ඔහු මාව අඩපන කර මගේ මුහුණට අත තබා මගේ රූපය සොරා ගත්තා...

ඔහු පැවසුවේ රෙඩ් පැහැරගෙන ගිය පසු මා හට නැවත සිහිය ලැබෙන බවයි..
එපමණයි...

පසුව මට මොහොතකට පෙර පියවි සිහිය ආ අතර මම නුඹලාව සෑම තැනම සෙව්වා.. අවසානයේ මා මේ දොරටුව අසාමාන්‍ය ලෙස බබලනවා දුටු නිසා සිදු වී ඇත්තේ කුමක් දැයි වටහාගත්තා..
බල හරයන් සහිතව මෙම දොරටුවෙන් ඇතුළු වන අයට තම පියවි සිහිය අහිමි වන අතර මනස වියරු වැටෙනවා.
මට එය පෘථිවි දෙවිතුමා මෙහි එන්නට පෙර දුන් පොතක කියවූවා..
ඒනිසා මම මගේ බල හරය සීල් කොට මෙහි ඇතුළු වූ අතර නුඹලා වේදනාවෙන් පසු වන බව මා දුටුවා..
මට වැටහුණේ ගෝනුස්සා පැමිණි කාරණය දැන් ඉටුවී ඇති බවයි...

එම නිසා අපි ඉක්මනින් මෙම අවසාන මලේ බල හරයන් රැගෙන රෙඩ් උතුමාණන්ට බලය ලබා ගැනීමට මාස්ටර් හමුවිය යුතුයි...

වෙයිටෝ සියල්ල අසා සිටියේ කම්පනයෙන් යුක්තවයි.. තමා කොයිතරම් පරිස්සම් කෙරුවද ෂාන්ව රැක ගැනීමට තමා අසමත් වූ නිසා වෙයිටෝ දැඩි ලෙස පසු තැවෙන්නට වූ අතර වෙයිටෝගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය..
එය සැගවීම සදහා ඉක්මනින් තම බලය සීල් කොට නැවත දොරෙන් ඇතුළු වී මලක හරය රැගෙන පිටතට අවුත් සියල්ලටම ප්‍රථමව පෙරමුණ ගත්තේය..

ඒ දෑස් සීතල වූ අතර පෙනුම පවා දැඩි බවක් ගත්තේය...
දෙවිවරුන් ද කණගාටුවෙන් පසුවස ආ අතර හියුන්සන්ට දැනුනේ දැඩි වරදකාරී බවකි.. තමාගේ රූපයෙන් පැහැරගත් තම උතුමාණන්ගේ ආදරවන්තයා පිළිබදව හියුන්සන් බොහෝ කණගාටු වූ අතර හයිකුආන් හියුන්සන්ගේ උරහිස මත අත තැබුවේය...

" නුඹේ වරදක් නෑ... දුක් නොවන්න. අපි අපේ උපරිමය සිදු කරමු.."

මේ අතර යූෂේන් දැඩිව අඩමින් ආ අතර සියලු දෙනා ඔවුන් ද සනසන්නට විය...

" එන්න... අපි කාලය ආපස්සට කරකවමු... වෙයිටෝ පවසන්නට විය...

සියලු දෙනා බියෙන් වෙයිටෝ දෙස බැලුවේය..

" එය කල නොහැකී උතුමාණෙනි නුඹේ බලය එමගින් දින කීපයක් අහිමි වීමට ඉඩ ඇත. එමගින් යහපතක් සිදු නොවන අතර අප සිදු කල යුත්තේ රෙඩ් උතුමාණන්ට ඔහුගේ බලය ලබා ගැනීමට උදව් කිරීමයි...

" එහෙත් අපිට ඔහු නැතුව ඔහුට බලය ලබා දිය හැකි ද..??? යූෂේන් බර වූ නාසයෙන් ඇසීය....

" හැකියි.. හයිකුආන් පිළිතුරු දුන්නේය...

" හ්ම්ම් එසේනම් අපි එය සිදු කරමු...
වෙයිටෝ සීතල ලෙස එය පැවසූ අතර සියලු දෙනා ඉස්සර වූයේ වොලෝපිත වනයෙන් පිටව යාමටයි...

නමුත් නොසිතූ ලෙස වියරු වැටුණු කොණ්ඩ කඩා හැලී අති පාට ඇග පුරා තවරා ගත් මුගුරු අතින් ගත් පිරිසක් ඔවුන් වටකරගත්තේය...

" මොක්කු ද මේ...??????"""
සියලු දෙනා එකිනෙකා දෙස මුහුණෙන් මුහුණ බලාගන්නට විය...
.
.
.

.

.මතුසම්බන්ධයි
( බන්ටි )

💚 බාල්දි සීසන් නේ😁
❤️ වෝට් 100 ක් ආවම තමා ඊලග කොටස දෙන්නේ😁

Ga verder met lezen

Dit interesseert je vast

28.8K 7.7K 46
COMPLETED ✅ 'ආත්මයෙන් ආත්මයට සොයා පැමිණි සෙනෙහසේ සුවද' 🐢💜Turtles of the River 🍃✨ ලබා ගත නොහැකිව මහමෙරක් තරමට දරාගත් ඒ ජින් හා සොං සමග පෙම් බැදි ත...
293K 50.2K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
64.3K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
37.9K 7.4K 32
💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙ...