The Lord of Weito-(YizhanFF✔️...

By BantiPrabu

48.6K 11K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... More

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
13 ( 2500 රහස )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
17 ( ශ්වේත මාළිගය )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
23- ( බල වර්ධනය )
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
36- ( අත්භූත වනය )
38- ( ගස් වැල් සමඟ )
39- ( අතුරුදහන් වීම )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
44-( ශ්වේත නදිය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

37- ( ශාක දඩයම )

680 197 106
By BantiPrabu

The Lord Of weito....
.
.
.
.
.
.
ෂාන් යීබෝගේ උකුළ මත හිස තියාගෙන තද නින්දේ පසු විය...
නමුත් යීබෝ දෑස් පියාගෙන සිටියා පමණි.. නින්ද අහලකවත් නොතිබුණු අතර විටෙක ෂාන්ගේ හිස අතගාමින් ද තවත් විටක නලල මත හාදු තැවරීම ද සිදු කලේය..

" මං දන්නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා ඒත් අපි අපිට ඕනි දේවල් අරගෙන යන්නම ඕනි බනී..
මම පොරොන්දු වෙනවා ඔයාව ආරක්ෂා කරනවා කරනවා කියලා.. මගේ අන්තිම මොහොත වෙනකන් ම...

යීබෝ හිතෙන් තමාට හැමවිටම වෙන පොරොන්දුව නැවත සිදු කලේය..

පසුදින ඉර එළිය වැටෙනවාත් සමඟ සියලු දෙනාම අවදි වූ අතර ෂාන් නම් තවමත් කම්මැලියෙකු සේ නිදමින් සිටියි...

" බබා.....නැඟිටින්න. අපි යන්න ඕනි....

ෂාන් හිමීට ඇස් හැර පසුව නැගිට්ටේ ය...

" අපි යමු.. වෙයිටෝගේ අණ පරිදි සියලු දෙනා ඝන වනාන්තරය අතරින් ඉදිරියට ගියේය...

කට්ටියම මේ බලන්න.. මේ වගේ ශාක ඔයාලා දැක්කොත් මේකට ඒකේ බල හරය එළියට අරන් එකතු කරගන්න.. වෙයිටෝ ශාක කීපයක රූපයන් තම බලය මගින් මවා පෙන්නුවා.

මේවගෙන් ඕනි එකක් ගන්න...

මේවගෙන් පිටතට බල ආලෝකය නිකුත් කරනවා වගේම ශාකය ආරක්ෂා කරන්නත් ආධ්‍යාත්මික සත්වයන් ඉන්නවා...
එයාලත් අපිට අභියෝගයක්...

( අධ්‍යාත්මික ශාක )

මේ බෝතල්වලට ඔයාලගේ බලය ඒ වෙලාවට යොමු කරන්න.. පස්සේ ශාකයට අල්ලන්න...
බාධක ඒවී... ඒත් ඔයාලා දක්ෂ දෙවිවරු...

( Yu zhen ගේ ආධ්‍යාත්මික මධ්‍යබල බෝතලය )

( Hiyunsung ගේ ආධ්‍යාත්මික මධ්‍යබල බෝතලය... )

( Haikuan ගේ ආධ්‍යාත්මික මධ්‍යබල බෝතලය )

( weito ගේ ආධ්‍යාත්මික මධ්‍යබල බෝතලය )

( red ගේ ආධ්‍යාත්මික මධ්‍ය බල බෝතලය. )

" බබී මෙන්න ගන්න මේක ..."
යීබෝ සියලු දෙනා ඉදිරියේ පැවසූ වචනය නිසා ලැජ්ජ සිතුනේ ෂාන්ට වුනත් බිම බලාගත්තේ දෙවිවරුන් ය...
ෂාන් යීබෝගේ අත කොනිත්තමින් රතු පැහැති බෝතලය අතට ගත්තේය...

" woooh..... මේක නිකන් බටකොළ ආච්චි එයාගේ මුට්ටියෙන් කැද එකතු කරන බෝතලයක් වගේ..

ෂාන් කුඩා දරුවෙකුට හමු වූ සෙල්ලම් බඩුවක් සේ ඒ මේ අත හරවමින් බලන්නට විය...

" ෂාන් ඕක සෙල්ලම් බඩුවක් නෙවෙයි..." යීබෝ නැවත එය තමා අතට ගත්තේ පරිස්සමක් නොමැතිව එය කඩා දමයි යනුවෙන් ඇතු වූ සාධාරණ සැකය හේතුවෙනි...
ෂාන් යීබෝට රවා යීබෝගේ අතේම එල්ලුනේය....

ෂාන් යීබෝ පසුපසින් එද්දී අනෙක් අය පෙරමුණ ගත්තේය...

රූස්ස ගස්වල සිට කුඩා තණකොළ දක්වා විවිධ ප්‍රමාණයේ ශාකවලින් වනාන්තරය ගහනය වීය...
ෂාන් යීබෝගේ අතේ එල්ලී යන විට ගසක් තුළ සතෙකු දඟලන බව දුටුවේය...

" ඔහ්... බෝ අර බලන්නකෝ.... අර අර...... එයා පූසෙක් වගෙයි.. කකුල් ගොඩක් තියනවා...
ෂාන් ඇගිල්ල දිගු කර අත්ත මත සිටි අමුතු සතාව පෙන්වීය...

පදුරු අවටින් තවත් සද්ද ඇසෙන්නට වූ අතර පස් දෙනාම එකට එකතු වූයේ ය...
එක තප්පරයකින් ගස උඩ සිටියාක් මෙන් සතුන් 50 කට අධික පිරිසක් ඔවුන් වට කරගත්තේය..

" බෝ............අනේ එයාලා ඇයි ඒ අපිව වට කරගත්තේ....????

" සද්ද කරන්න එපා....!!!!!!"

" හෙලවෙන්නම එපා .....!...."

වෙයිටෝ තම අත දිගු කොට නැවත ගිනිදැල් මතු කලේය...
සියලු දෙනා වටකොට ගිනි රවුමක් අවට සැකසූ අතර ෂාන් බියෙන් යීබෝගේ පිටුපස බදාගෙන සිටියේ ය..

නමුත් මද වේලාවකින් ඔවුන් ගිනිමැලයට ද ලං වූයේ ය...

" හැමෝම අහන්න.. මෙයාලා මේ තරම් ඉන්නේ යමක් පරිස්සම් කරන නිසා.. ඔයාලා දන්නවනේ මේ වනයේ වටිනම දේ මොකක්ද කියලා..
ඒ නිසා අවධානයෙන් ඉන්න..
මේ අවට අනිවාර්යයෙන් එකක් හරි තියනවා....

ගින්න නිවී යන්නට ආසන්න වූ අතර යීබෝ තවත් තම බලය යොමු කරන්නට වීය...
යීබෝගේ මුඛය තද වී දෑස් තද කොළ පැහැ ගැනුනු අතර බෙල්ල අත්වල නහර ද ඉලිප්පී තිබුණි...

යීබෝගේ අපහසුව හමුවේ ෂාන්ට දැනුනේ හදවත බර වී යන බවකි... යීබෝට අපහසු වන්නට වන්නට රිදුනේ ෂාන්ට ය....
හදිසියේ පැනනැගී ආ සිතුවිල්ලක් මත ෂාන් යීබෝ අතහැර ඉදිරියට ගොස් තම මුදුව ඉදිරියට දිගු කලේය...
ෂාන්ට අවසන් වරට අඩ සිහියෙන් යීබෝ මතට පැන්න ව්‍යාග්‍රයා වෙත මුදුව දිගු කල බව මතක තිබුණි....

"අහ්.........ෂාන් කෑගසමින් ඉදිරියට පැන්න අතර මුදුවේ රත් පැහැ බල ආලෝකය සතුන් අතරට විහිදුවේය...
ඒත් සතුන් වේගයෙන් ෂාන් වෙතට පනිනවාත් සමඟ යීබෝ කඩුව ගෙන බල හරයේ වේගය සහ ශක්තිය එකතු කර කොළ ආලෝකය සමඟ සතුන් සියල්ලම නිහඩ කර තිබුණි....
ඒ සමඟම ෂාන් බිමට ඇද වැටුණේ ඇති වූ කම්පනය හේතුවෙනි....

" ෂාන්................සතුන් පනහම යීබෝගේ බල කඩුවට අවසන් ගමන් ගොස් තිබුණි...

" ෂාන් බබා... ඇස් අරින්න... කෝ... ඔයා මොකට ද පැන්නේ... මම ඉන්නවනේ.. හිතුවක්කාරකම.. කෝ එන්න.. යීබෝ ෂාන්ව තම තුරුළට ගෙන මුහුණ පුරා හාදු තැවරුවේය...
මේ ෂාන් තමාවම අනතුරේ දමාගත් දෙවන අවස්ථාව ය...
යීබෝ හිතන්නටත් පෙර තමාවම අමාරුවේ දාගන්නා තම ආදරවන්තයා හේතුවෙන් යීබෝගේ නෙත් අඟට ද කඳුලක් ඉනුවේ ය...

" බෝ....ඔයා අඬනව ද...???

" අහ්.. නෑ.... යීබෝ තම කඳුල නැවත ඇස තුළටම ගිල ගත්තේය...

" ඔයා ආපහු ඔහොම ඔයාවම අනතුරේ දාගත්තොත් බනී මම තරහා වෙලා ඔයාව ආපහු පෘථිවියටම ගිහින් දානවා...
මම එන්නෙත් නෑ බලන්න.."

" හේ ....හේ බෝ විහිළු කරනවා නේ...?" ෂාන් හිනාවෙවී යීබෝගේ පපුවට තුරුළු වුනේ ඒ වදන් හිත තුළට කෑරී ඇතුළු වූ නිසාවෙනි...

" උතුමාණෙනි අර....????
එකවරම යූෂේන් ගේ හඩට ෂාන් ද යීබෝගේ තුරුලින් මිදී බැලුවේය...

වටේටම අලෝකය විහිඳුවමින් එකම පඳුරු කීපයක් වට කරගෙන ඒ මධ්‍යයේ ආධ්‍යාත්මික ශාකයක් පිහිටා තිබුණි....

ඒක ගන්න....
හයිකුආන් ඉදිරියට ගොස් තම බෝතලයට තම බලය නිකුත් කර ශාකයේ බල හරය එයට එකතු කරගත්තේ ය...

" එන්න අපි යමු ඉස්සරහට... යීබෝ ෂාන්ගේ ඉනවටා අත දමා අල්ලා ගත්තේය...

ෂාන් ද පුළුවන් තරම් යීබෝගේ අතට වාරු වී ඇවිෆ්හ ගියේ ය...

"බෝ බෝ....

" හ්ම්ම්ම්ම්ම්....

" මාව වඩාගෙන යන්නකෝ....???"

ෂාන් යීබෝගේ කනට බර වී කන් පෙත්තක් ද සියුම්ව සිපගෙන පැවසුවේ ය....
ෂාන්ගේ සුසුම් උණුසුම් පහස යීබෝගේ සියොලඟම උණුසුම් කරන්නට වීය...

" කට්ටිය ඉන්නවනේ බබී.. මෙහෙම යමුකෝ....???"

" අනේ බෝ...... ගන්නකෝ....
ෂාන් ඉදිරියට ගොස් නැවත බෝ දෙස හැරී අත දිගු කලේය...
රෝස දෙතොල් ද නොපිටට පෙරලගෙන යීබෝ දෙස බලා පපී ඇස් දෙකක් ද දැම්මේ ය...

" කට්ටිය....!!!"

" ඔව් උතුමාණෙනි ,

" ඉදිරිය බලාගෙනම ගමන් කරන්න..."

" හොදමයි..."

තිදෙනාම කට කොනකින් සිනාසුනු අතර ඉදිරිය බලාගෙන ගමන් කලේය .. ප්‍රේමවන්තයින් මධ්‍යයේ අසරණ තනිකඩයන්ට වන්නේ එය යි....

( මට වගේ.. මාත් මැරීඩ් කපල් 3ක් එක්ක වෙඩින් එකකට ගිහින් තනියම බුදු කට්ටක් කෑවා...😭 )

" කෝ එනවා...! "යීබෝ ෂාන්ව ඉනෙන් ඔසවා තම ඉනට ගත් අතර ෂාන් දෑත් යවා යීබෝගේ ගෙලවටා බැදගත් අතර නිකට යීබෝගේ උරහිස මත තබාගෙන දෑස් පියා ගත්තේය...

මද දුරක් ගිය පසුව යීබෝගේ උරහිස මත තෙතක් දැනුණි.. ඒ අතර සියුමැලි දෙතොල් පහසක් දැනුනු අතර යීබෝගේ සියලු හැඟීම් ඉන් අවදිවන බව යීබෝට දැනුනි...

" අහ්...ම්.........බනී.... මොකක්ද කරන්නේ... නෝටී....
අපි මේ භයානක කැළයක් මැද්දේ ඉන්නේ බබී.... මාව අසරණ කරන්න එපා...

" හුම්... ඉතින් ගොඩක් දවස් මට මුකුත් නෑ.. එයා මෙතන රෙඩ් එක්ක ඉදලා.. දුෂ්ටයා...
ෂාන් තරමක් හයියෙන් කෝපයෙන් හඩ ගෑ අතර යීබෝ ෂාන්ගේ දෙතොල් තම දෙතොලින් සීල් තිබ්බේ ය...
මොහොතක් එහි රස බැලූ යීබෝ ෂාන්ගේ හුස්ම හිර වූ පසු ඉවත් වීය ....
ෂාන්ගේ රෝස දෙතොල් එවිට රතු වී තිබුණි...

" බෝ.....?

" හ්ම්ම්....

" මට ඕනි නේ..."

" මොනවද...?

ෂාන්ගේ මුහුණ රතු වීය..

" ඩීඩී කරන්න..."

" මොන...???

" ඒවා ඕනි.....

යීබෝ ෂාන් ඉල්ලන දේ දැන සිටිය ද ෂාන්ගේ රතු මුහුණ බැලීමට හිත යට තිබූ ආසාව නිසා එය නැවත නැවත ඇසුවේ ය...

" මොනවද... " මට තේරෙන්නෑ මොනව ද ඔයා ඉල්ලන්නේ කියලා...?

" අයියෝ මොකක්ද අනේ ..... මට ඕනි ඔයා මගේ ඇතුලේ...
ෂාන් කෑගැසූ අතර අනු දෙවිවරුන් ඈත සිට බිම බලාගෙන හිනාවෙන හඩට යීබෝට පොලව පලාගෙන යන්නට සිතුණි...

"දෙවියනේ බනී වදින්නම් ඔය කටේ සද්දේ අඩු කරගන්නකෝ..."

යීබෝ ලැජ්ජාවට රතු වීය.. ෂාන් රතු කිරීමට ගොස් රතු වූයේ යීබෝ ය...

" ඕනි එකක් දෙන්නම් රෑ වෙනකන් ඉන්න... "

" අන්න එහෙම එන්න.. ෂාන් නැවත යීබෝගේ උරහිසේ මුහුණ හංගා ගත්තේ ය...

සියලු දෙනා දැන් විශාල වනය මධ්‍යට පමණ ඇවිත් තිබුණි..

" උතුමාණෙනි අන්න තව එකක්...

ඈත දිලිසෙමින් ඇති ශාකයක් දෙස හයිකුආන් අත දිගු කලේය...

" පරිස්සමෙන් ...
ආරක්ෂකයින් ඇති....

හියුන්සන් සහ හයිකුආන් ශාකය අසලට යන්නට ගිය අතර යූෂේන් අවට පරීක්ෂා කරන්නට විය...

" ඔන්න බලාගෙන...... එකවරම ආ කුඩා ආධ්‍යාත්මික ආරක්ෂක මීයෙක් ඔවුන් ඉදිරියට ආවේය ....

හයිකුආන් සහ හියුන්සන් තම බල හරයන් තම අත්ලට එකතු කොට සතා දෙසට දිගු කරන්නට විය....

නමුත් සතා කෙමින් කෙමින් විශාල වන්නට වූ අතර ඔවුන් දෙදෙනා පසුපසට වීය....

නමුත් යූෂේන් විශාල ආලෝකයක් විහිදුවමින් කඟවේනෙකුගේ ස්වරූපයට හැරී දේදුණු ආලෝකය එදෙසට විහිදුවේය...

අනුදෙවිවරුන් දෙදෙනා පුදුමයෙන් බැලුවත් යීබෝ ෂාන් නම් සාමාන්‍ය ලෙස සිටින්නට විය...

ආධ්‍යාත්මික මීයා තම දෑස් ලොකු කරගත් අතර විශාල කරගත් ශරීරය නැවත කෙමින් කෙමින් කුඩා වීය.....

" අන්න එයා ආයෙම පොඩි වෙනවා.. ෂාන් කෑගැසුවේ ය...

එකවරම කුඩා වී ඌ ඈතට පැන දුවන්නට වීය...
යූෂේන් නැවත සාමාන්‍ය දේව ස්වරූපයට හැරුණු අතර හියුන්සන් තම බෝතලයට බලය එකතු කරගත්තේය ...

සැනසුම් සුසුමක් හෙලූ යීබෝ තම හඩ අවධි කලේය...

දැන් ඉක්මනින් කලුවර වැටෙයි .. අපි මෙතන නවතිමු...අද දවසේ ඔයාලා හොද වැඩක් කරා.. දැනටමත් ශාක දෙකක් අප සතුයි...
තව තුනයි..
එය අපි හෙට දින සම්පුර්ණ කර ගනිමු...
දැන් විවේක ගන්න...

තිදෙනා තැන් තැන්වල විශාල ගස් යටට වූ අතර යීබෝ ෂාන් සමඟ මදක් ඈත ඇති ගසක් යටට ගියේ ය...

" බෝ බෝ... ෂාන් යීබෝ දෙස බලා මනමාල හිනාවක් පෑවේ ය....

" මොකද නරකයා...."

" අර... මේ...මේ ... අපි .... අර .... මම... ඉල්ලුවෙ.... ඒ....ක... "

යීබෝ හිනා වූයේ ෂාන්ගේ ගොතගැසීම හුරතල් නිසාවෙනි...
.
.
.
.
.
.
.මතුසම්බන්ධයි
( බන්ටි )

📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️

📍 හායි ළමයි... මම ඊයේ Under The mask එක්ක බිසී උනානේ...

📍 මොකද කියන්නේ පහුවදා උදෙන් ඊලග එපිය පටන් ගන්න ද...😁😁😁😁

Continue Reading

You'll Also Like

23.8K 4.3K 32
"" 𝓢𝓸𝓻𝓻𝔂 𝓼𝓲𝓻 𝓘'𝓶 𝓻𝓮𝓪𝓵𝓵𝔂 𝓼𝓸𝓻𝓻𝔂 .... ""❤️ "" 𝓘𝓽'𝓼 𝓸𝓴. 𝓐𝓻𝓮 𝔂𝓸𝓾 𝓸𝓴 .... ""💚 " 𝓨-𝓨...
79.3K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
45.2K 5.1K 46
[BOOK ONE] [COMPLETED] [HAPPY ENDING] 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐦𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐛...
69.8K 12.3K 42
ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට...