The Lord of Weito-(YizhanFF✔️...

By BantiPrabu

45.4K 10.8K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... More

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
13 ( 2500 රහස )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
17 ( ශ්වේත මාළිගය )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
23- ( බල වර්ධනය )
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
37- ( ශාක දඩයම )
38- ( ගස් වැල් සමඟ )
39- ( අතුරුදහන් වීම )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
44-( ශ්වේත නදිය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

36- ( අත්භූත වනය )

624 195 108
By BantiPrabu

The Lord of Weito...( Green Lord )

.
.
.
.
" ෂාන් ඉන්නකෝ. යූෂේන්ගේ අතින් අල්ලාගෙන ඉදිරියට යන ෂාන් වෙත යීබෝ හඩ නගන්නට වීය..
ෂාන් තවමත් ඉදිරියට යීබෝටත් ගස්සාගෙන යන්නට වූ අතර අවසානයේ යීබෝ තබ බලය පාවිච්චි කර ෂාන් ලගට ගියේය...

එවර නම් යීබෝට ද කේන්ති ගොස් තිබුණි..
යීබෝ යූෂේන්ට ඉගි කර හියුන්සන් සහ හයිකුආන් වෙත යාමට පැවසූ අතර ඔහු ඔවුන්ට එකතු වුනේය...

යීබෝ එකවරම පාත් වී ෂාන්ව දෑතට ගත්තේය ...

" ඒයි................මාව අතාරිනවා...........වංචාකාරයා...!!!!"

ෂාන් යීබෝ ඔසවා ගත්තද පිටට මිට මොළවා පහර දෙන්නට වීය....

" නිහඩවනු..... නැත්නම් ඇත්තමයි මං කටට ඔබනවා වෙන එකක්.... "

" එහෙනම් මං ඒක හපලා කෑලි කරනවා කියලා හිතාගන්න... !"

යීබෝගේ ඇගම සීතලව ගියේය....

ඒත් යීබෝ ෂාන් පිළිබඳව රෙඩ්ට වඩා දැනසිටි නිසා ෂාන් වේදනාවෙන් බව යීබෝට අමුතුවෙන් පැවසීමට කාරණාවක් නොවීය...
යීබෝ පසුපස බැලුවේය...

" ඔය තුන්දෙනා ඉස්සරහට ගිහින් නවතින්න... !" අණ පරිදි තිදෙනා ඉදිරියට ගොස් නැවතුනේය...

" මාව බිමින් තියන්න.. ......................."

'" කෑගහන්න එපා ෂාන්. අපි ඇවිත් ඉන්නේ මේ විලෝපිත කැලේ...
යීබෝ පවසනවාත් සමගම ෂාන් මදක් සන්සුන් වූ අතර ඔවුන් අසල පදුරක් අතරින් සර සර හඩක් ආවේය...
දෙදෙනාම එහි බැලූ අතර ෂාන්ගේ දෑස් දිලිසෙනු යීබෝ දුටුවේය...

" වෝහ්...................හා.............................!"
මොකෙද්ද ඒ...........???????

යීබෝගෙත් මුවග හිනාවක් ආවේ එම හුරතල් පෙනුම නිසා ය.. නමුත් එම ඇස් අතර යම් කිසි භයානක බවක් ඇති බව යීබෝට සිතුණි...

" වෝව් බෝ.........එයා ලස්සනයි .... චඃ චඃ... ඉජු ඉජු...... !""
ෂාන් සතාව ගෙන්නා ගැනීමේ ප්‍රයත්නයක් දැරුවේය...

"බබී එයා ඔහොම හිටියට භයානක ද දන්නෑ.... පරිස්සමෙන් ...

" අනේ බෝ.......බලන්නකෝ හුරතල්... ඔයා කොහොමද ඒවගේ කෙනෙක් භයානකයි කියන්නේ...??

" පේන්නේ නැද්ද මං ලගත් හුරතල් උනාට අතිශය භයානක කෙනෙක් ඉන්නේ.. එයාව උදාහරණයට ගන්න...
යීබෝ සිනා සී පැවසූ අතර ෂාන්ට ද ලාවට හිනාවක් ආවත් එය පෙන්නුවේ නැත...

දෙදෙනාගේ රණ්ඩු අමුතු සතා දුටුවිට අමතකව ඇත.. සත්වෝද්‍යානයක සතුන් බලන පොඩ් දරුවෙකු සේ ෂාන් සිනාසෙයි...
යීබෝගේ ද අතින් අදිමින් තට්ටු කරමින් සතා දඟලන අයුරු ද පෙන්වයි...

" බෝ.....අන්න එයා කනවා..!" ෂාන් සත්වයා යමක් ආහාරයට ගන්නා බව දැක පැවසුවේය.. ඒත් ඒ කුමක් දැයි දෙදෙනාම දුටුවේ නැත..
යීබෝ මද සිනහවකින් ෂාන් දෙස බැලුවේය...
ෂාන්ට රණ්ඩුව අමතකව ඇති බව දැනුණු යීබෝ සිනහ වූ අතර ෂාන් එම සිනහවේ වෙනස දුටුවේය.

" ආ......අමතක උනා.. මම තරහයිනේ..... හිනාවෙන්න එපා මං එක්ක.. ඔයා ආදරේ රෙඩ්ට... මට නෙවේ...

"ඔන්න පටන් ගත්තා ඉතින්.."... යීබෝ හිස දෙපසට වැනුවේය...

"ඒයි ඔය දෙන්නම එක්කෙනෙක්... පෞරුෂය විතරක් ටිකක් වෙනස්.. ඒත් ඔය දෙන්නම එකයි...

" එකයි නම් මට මොකද මුකුත් මතක නැත්තේ...???? එකයි නම් මතක තියෙන්න එපැයි.. ඕනි නෑ.. ඔයා යන්න. මට පුළුවන් තනියම ගස් හොයාගෙන මගේ බලය ගන්න ඕනි කරන එවා එකතු කරගන්න... ඒ නිසා යන්න..."

" හපෝ බනී ඔයා නම් හරිම දුෂ්ටයි නපුරා.. "

" අහ් ඇත්තද.... එහෙනම් රෙඩ් දුෂ්ට නැතුව ඇතිනේ.. එයා හොද ඇති මට වඩා...ෂාන් රවමින් ගැස්සා යන්නට විය...

" බබී ඔන්න බලාගෙන.........!! " වෙයිටෝ කෑගසා තම බලය මගින් ෂාන්ගේ ඇගට පනින්නට ගිය සත්වයා පසෙකට විසි කලේය...
නමුත් ඒ වන විටත් ඌ ෂාන්ගේ කකුල ලෙවකා තිබුණි...

"අම්බෝ.........බෝ........මට කුචු කැවුනා..ඇයි ඔයා එයාට එහෙම කලේ. පව්නේ. එයා ආදරේට වෙන්නැති මං ලගට පැන්නේ....

එවිට යූෂේන් සහ අනුදෙවිවරු එතැනට පැමිණියේය..
යීබෝ සහ අනුදෙවිවරු අතර කලබලයක් නොවුවත් යූෂේන් ෂාන්ව පැන අල්ලා ගත්තේය ...

" උතුමාණෙනි , කකුල කෙසේද....???

" ආශ්.... එයා ලෙව කෑවා විතරයි...."

"අහ්....???? කුමක් ද....???? වෙයිටෝ උතුමාණෙනි ඉක්මනින් පය සෝදන්නට වේවී... ඔහුගේ ඛේටයන් විෂ සහිතයි....

" ආ..........කුමක් ද....??

වෙයිටෝගේ හිසම භීතියෙන් වෙලාගන්නට වූ අතර ෂාන් කිසිම ප්‍රතිචාරයක් නොකර බලා සිටියේය...

'" ඉක්මනින් කරමු...."

" ඉන්න.. මේ ජලය ද භයානක විය හැක... මට විෂ පාලන බලය ඇත...
යීබෝ ඉක්මනින් තම ආධ්‍යාත්මික බලයේ විෂ පාලන කොටස ක්‍රියාත්මක කරන්නට විය.

ඒත් එක්කම ෂාන්ගේ දෑස් අඩවන් විය... ෂාන් සෙමින් යීබෝගේ පපුවට තුරුළු වූ අතර යීබෝ බල සම්ප්‍රේෂණය තුළ තවදුරටත් රැදී සිටියේය....

මද වේලාවකින් දිව ගෑ නිල් පැහැ ගැන්වී තිබු කොටස සාමාන්‍ය පැහැයට හැරුණි..
යීබෝ නැවත ෂාන් ඔසවාගෙන ගමන ආරම්භ කලේය..

" අපි යමු...එයාට සිහිය ඒවී......"

සියලු දෙනා ගමන් කරන්නට වූ අතර වෙයිටෝ පෙරමුණ ගත්තේය...

" හැංගෙන්න.........එකවර වෙයිටෝගෙන් ලැබුණු අණ නිසා සියලු දෙනා ගස් පසුපසට වන්නට විය...

ලොමු ඩැහැ ගන්වන සුළු දෙමුහුන් දිවියෙක් පඳුරක් තුළින් පිටතට ආවේය...
ඌ දසතම ඉව කරන්නට වූ අතර රුධිරය සුවද ඌට දැනී තිබුණි...
ඔහු අවට පරීක්ෂාවෙන් ගමන් කල අතර කෙමින් කෙමින් යූෂේන් ඇතුළු පිරිස වෙත යන්නට වීය...

යීබෝ ෂාන් කර මතින් සෙමින් ගෙන තණබිමින් තැබුවේය...

යීබෝ මෙතෙක් වේලා පිටතට නොගත් තම ඉන රැඳි කඩුව ඉවතට ගෙන එයට ගිනිදැල් නිකුත් කරන්නට වීය.. සාමාන්‍යයෙන් සතුන් ගිනිදැල්වට බියක් දක්වන බව යීබෝ දැන සිටියේ ය...
තම බල හරයේ ගින්දර පාලන කිරණ තමාගේ ශරීරය මතින් පිටතට විහිද වූ අතර කඩුව සහ ශරීරය පුරා රැස් වලල්ලක් සේ ගිනි දැල් පිට වීය. එය පිටතට ඉතා ගිනියම් වුවත් යීබෝට දැනුනේ සීතලකි..

යීබෝ කඩුව අමෝරාගෙන දෙමුහුන් සතාගේ ඉදිරියට පැන්නේය...
එහෙත් එක ක්ෂනිකවම ගිනිදැල් සතාගේ හුස්මෙන් නිවී ගිය අතර ඌ ඉහලට එස වී ඉදිරිපස කකුල් ඔසවා යීබෝට පහර දීමට උගේ ශරීරයේ ශක්තිය ගැනීමට ගෙරවූයේ ය..

යීබෝට දැනුනේ තම ශරීරය සීත වී යන බවකි.. දෙවන පියවර ලෙස විෂ නිකුත් කරමින් කඩුවෙන් කැපීමට උත්සහ ගත් අතර එවර කඩුවට ශක්තිය ද මිශ්‍ර කලේය...
යීබෝ වේගයෙන් සත්ත්වයා වෙත නැවත කඩුව අමෝරා ගත්තේය...

නමුත් එකවරම ආ ප්‍රහාරයක් හමුවේ ඌ මොර හඩ දී කෑ ගසා පසෙකට විසිවුණේය...
යීබෝ අවට බැලුවද කිසිවෙකු සොයාගත නොහැකි වූ අතර යූෂේන් හයිකුආන් සහ හියුන්සන් ගස් කඳ පිටුපසින් පිටතට ආවේ ය..

" උතුමාණෙනි කුමක් ද සිදු වූයේ....??"

ඈත විසිවී ඇද වැටී සිටි සත්වයා දෙසට සියලු දෙනා ඒ දෙසට යද්දී යීබෝ අවට බැලුවේ ය...
කිසිවෙකු නොසිටි අතර යීබෝ ඉක්මනින් ෂාන්ව තැබූ ගස පිටුපසට යන්නට වූයේ ය...

යීබෝගේ දෑස් විශාල වී ගතම ශීත වූයේ ෂාන් තැබූ ගස පිටුපස හිස්ව තිබූ නිසාය...

"බ.....බ්....බනී.... ෂාන්..... ඔයා කොහෙද..........???? ෂාන්.... යීබෝ හයියෙන් කෑ ගැසුවේය.

අනු දෙවිවරුන් සමග යූෂේන් සත්වයා පරීක්ෂා කල විට දුටුවේ සතාගේ පපුව හාරගෙන බල කිරණක් නිකුත් වී ඇති බවත් හදවත ආසන්නයේ විෂ කටුවක් ඇනී පිටතට ලේ වැගිරී තිබෙන බවකි...


( මේ වගේ අඩි 3ක දිග අඩි බාගෙක පලල ලොකු කටු උලක් )

" ෂාන්.............ෂාන්..........ඔයා කෝ.................යීබෝ බියෙන් ෂාන් සොයමින් සිටියේ ය..

'" උතුමාණෙනි , යූෂේන් වෙයිටෝට කෑගැසුවේ ය...

යූෂෙන් සිනාසුනු අතර යීබෝට ඈත ඇති රතු පැහැ ජායාව යූෂේන් පෙන්වීය...

" ෂාන්.........යීබෝ කෑගසමින් වේගයෙන් එතැනට දිව ගියේය...

"බෝ බෝ..........අනේ .............මම ඒ මොකක්ද කලේ....??? කොහොමද මං ඒක කලේ..??? මම එදා රෑ ඔයාට තුරුළු වෙලා නිදාගෙන හිටියා...
ඇත්තටම මම රෙඩ් තමයි.. රෙඩ් මම තමා.. මට මතක් උනා.. ඔයා එක්ක කරපු දේවල්... බෝ බෝ.........අනේ.... මම අමුතු වෙලා ද බෝ....????

ෂාන්ගේ මුහුණ භීතියෙන් පිරී ගොස් තිබුණු අතර යීබෝ ඉක්මනින් ෂාන්ව තම තුරුළට ගත්තේය.. සියලු දෙනා හැරෙන තැපෑලෙන් අනෙක් පස හැරුණු අතර ෂාන් හඩන්නට වීය...

"බෝ... අ..නේ ම..ම එ..යා...ව මැ...රු...ව ...ද....?
අනේ ......මං හිතුවේ ඌ ඔයාට කරදර කරයි කියලා ඒකයි මම එහෙම කලේ.
මට ඒ වෙලාවේ මාව පාලනය කරගන්න බැරි උනා බෝ...
මට ඉඹේටම අත දික් වුනා බෝ. එතකොට මගේ අතින් මොකද්ද එලියක් ගිහින් ඒ සතාව ඈතට විසික් වුනා බෝ...."

ෂාන් හැඩූ කදුලෙන් යීබෝගේ පපුවට ගුලිවන්නට විය....
ෂාන් ඉකිගසමින් හඩන්නට වූයේ ෂාන් සත්තුන්ට ඉතා ආදරේ කරන අහිංසක කෙනෙක් වූ නිසාවෙනි. ඔහුට ඔහු විසින් සතෙකු හෝ මැරීම දරා ගත නොහැකි විය..

" අනේ මැණික ඔයා මුකුත් කරේ නෑ.... "

"යූෂේන් අද අපි මෙතන නවතිමු.. "! අද ඉදිරියට යන්න බෑ...සියලු දෙනා හිස නවා තැනින් තැන පහසු තැන් සොයා බිම ඇල වුනේය...

" මේ අහන්නකෝ රත්තරන්.. ඒක අනතුරක්.. ඔයා මුකුත කලේ නෑ මැණික...
මගේ වස්තුව නාඩා ඉන්න... කෝ එන්න අපි වාඩි වෙමු අතනින්..
යීබෝ අනෙක් අයට නොපෙනෙන්නට ගසක් පිටිපසට ගියේය...
පසුව ෂාන්ව ද ගෙන ගසේ මුල අසල වාඩි වුනේය...

" කෝ එන්න මගේ බබා... මේ බලන්නකෝ ... ?"

" අනේ බෝ ඒට් ම...ම...මම ම්ම්ම්ම්...""

ෂාන්ට වචනයක්වත් පැවසීමට නොදී යීබෝ ෂාන්ගේ දෙතොල් අතර තම යටි තොල හිර කරගත්තේය...
යීබෝ ෂාන්ගේ දෙතොල් සමග දැවටී ෂාන් සන්සුන් කලේය...

"අහ්ම්.. බො...."

යීබෝ ෂාන්ගේ දෙතොල්වල මිහිර සොයා ඒ මේ අත දග ආරන්නට විය..
ඒ ගස් කොළන් , චූටි සතුන් පවා සන්සුන් වී ආදරවන්තයින්ට ඒ ලෝක තුළ තනිවෙන්නට ඉඩ හැරියේ ය...
ෂාන්ගේ හුස්ම හිර වන්නට වූ අතර යීබෝ සෙමින් ෂාන්ගේ දෙතොල් අත හැරියේය....

ෂාන් යීබෝගේ ගෙල තුළ තම මුහුණ හිර කරගෙන දෑස් පියා ගත්තේය...

" බනී..........සේරටම හේතුවක් තියනවනේ.. ඔයාගේ වරදක් නෑ.. ඔයා මට ආදරේ නිසානේ එහෙම උනේ... අපි විවේක අරන් කතා කරමු.. දැන් මැණික නිදාගන්න...

" ඔයාගේ බෝ ඔයාට ගොඩක් ආදරෙයි ...."

" හරි බෝ..."
.
.
.
.
.
.
.
මතුසම්බන්ධයි
( බන්‍ටි )

🥀 රෙඩ් බනී දෙන්නම එක්කෙනෙක් වෙන්නයි යන්නේ...

🥀 කතාව කොහොමද 😍

🥀 අන්ඩර් ද මාස්ක් ඕනි ද අද...??

🥀 මේකින් නම් බෝනස් ඉල්ලන්න එපා දෙයියෝ... මං උදේ ඉදලා මේකත් ලිව්වේ..

Continue Reading

You'll Also Like

46.2K 10.9K 70
අන්ධකාරයෙන් වෙලාගත් ආත්මයකට සද කිරණ රැගෙන ආ ආගන්තුකයෙකුගේ කතාවක් ..... " සිනාව අමතක වූ ඔහුට යලි සිනාසෙන්නටත්, බලාපොරොත්තු නැති ජිවීතයට බලාපොරොත්තුවක්...
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
11.9K 2.3K 15
නිරුවත කියන්නෙත් කලාවක් වෙනකොට__ නිරුවතින් නටන එක ලැජ්ජාවක් වෙන්නේ කොහොමද!? ඒකත් කලාවක් හ්‍යුන්ග්!
153K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။