The Lord of Weito-(YizhanFF✔️...

By BantiPrabu

48.6K 11K 2.9K

වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord... More

හැදින්වීම...
චරිත හදුන්වාදීම
01 ( Golden Life )
02 ( Green Ash- අමතක වීම )
03- ( කුතුහලය )
04- (අමුතු මිනිසා)
05 ( Red Rose King )
06 (Legend of pearl )
07- ( Pearl Story )
08 ( බොද වූ සිහිනය )
09 ( බල අර්බුදය )
10 ( නිදිබර මුහුණ )
11 ( Red & Gold Ring
12 ( විශ්මිත වෙනස් වීම )
13 ( 2500 රහස )
14 ( දිවුරුම )
15 ( යූෂෙන් )
16 ( හදවත බිදීම )
17 ( ශ්වේත මාළිගය )
18 ( Red wine )
happy birthday wish my boo baby
19 ( ස්වර්ග ලෝකයේ මාස්ටර්වරු )
20- අවසාන මාස්ටර්
21- ( සීතල ජලය )
22- ( ශ්වේත මාළියගේ රාත්‍රිය)
24- ( අවසන් කලයුතු පුහුණුව )
25-( විනාකිරි )
26- ( අවසන් අදියර )
27- ( විශ්මිත තේරීම )
28- ( කඩු සටන් ශිල්පය )
29- ( මන්දාකිණි දෙවියාගේ අනතුරු ඇගවීම. )
30- (අනාගත ලෝක පාලක දෙවිවරයා ඔහුයි ) 🍁
31- ( කාල පාලනය ) 🍁
32- ( විලෝපිත වනයට පෙර )
33- ( වෙනස් වීම )
34- ( වන ද්වාරයේ විලෝපිතයින් )
35- ( මගේ කියුට් ලිට්ල් බනී )
36- ( අත්භූත වනය )
37- ( ශාක දඩයම )
38- ( ගස් වැල් සමඟ )
39- ( අතුරුදහන් වීම )
40- ( බලය පසුපස )
41- ( බල අරගලය )
42- ( ඒ මගේ ෂාන් ද )
43-( විනාශයේ ආරම්භය )
44-( ශ්වේත නදිය )
45- (පලි ගැනීමේ මෙහෙයුම)
46- ( පාතාල ලෝකය )
47- ( අනතුරක සේයාවන් )
48- ( බල ආරක්ෂක පලිහ )
49- (පාතාල ලොව වෙත)
50- ( ඔහු දැන් ඔහු නොවේ. )
51-( රන් මංගල්‍යයට පෙර )
🥀(රන් මංගල්‍යය) - අවසාන කොටස🥀
⚜️රන් මධුසමය (21+)⚜️

23- ( බල වර්ධනය )

940 227 80
By BantiPrabu

The Lord of Weito- Green Lord💚❤️
.
.
.
.
.
බලවර්ධනය....

පසු දා ම උදෑසන යීබෝ ප්‍රථමව අවදි වූ අතර තම තුරුළේ නිදා සිටින ෂාන් දෙස මද වේලාවක් බලා සිටියේය ...

වෙයිටෝට තමා ගැන ම කලකිරීමක් ඇති විය....

මේ තරම් කල් තමාගේ වරදවා වටහා ගැනීම නිසා පෙර ආත්මයෙත් දුක් විද මේ ආත්මයේත් තමාගේ කෙනෙහිලිකම් විද දරා ගනිමින් තමාට ම ආදරය කරන මෙම ආදරවන්තයා පිළිබදව තමා අංශුමාත්‍රයක තරම් වත් දෙයක් සිදු කර නොමැත...

වෙයිටෝගේ දෑස් මත කදුළු පිරුණ අතර පපුවම වේදනාවෙන් මිරිකී ගියේය....
ඒත් එක්ක්ම හද පතුලෙන් ම පැමිණි වේදනාව ඉකි ගැසීමක් සේ පිටව ගියේ ෂාන්ව ද අවදි කරවමිනි....

" බෝ ඇයි මේ.... මොකද අඩන්නේ...
" අහ්... නෑ මේ කදුළු නෙවේ....
ෂාන් තරවටු බැල්මක් මවාගෙන යීබෝ දෙස හිස ඔසවා බැලුවේය....

"අනේ මේ බෝ... එහෙනම් මේ වතුර ද .... ???
"කියන්න මට ඇයි මේ...??
" ඔයා මොනවද කල්පනා කරන්නේ....???
" මුකුත් නෑ බනී අපි යමු...
අද මම පුහුණු වීම් කරන්න ඕනි...

යීබෝ ෂාන්ගේ හිස ඉවත් කර ඇස් මග හරිමින් යහනෙන් බැස යන්නට නැගිට්ට අතර එකවරම ෂාන් යීබෝගේ අතින් අල්ලා ගත්තේය ....

" අහන්න බෝ.......
"ම්ම්ම්......යීබෝ තම රතු වුණු දෑස් බිමට යොමාගෙන ප්‍රතිචාර දැක්වීය...

" ඔයා මම නිසානම් කල්පනා කරන්නේ ප්ලීස් බෝ...
එහෙම කරන්න එපා...
මම මේ හොදට ඉන්නවා...
ඔයා එක්ක සතුටින්...

" බනී ඔයා රෝස ලෝකේ ආරක්ෂා කරන්න ඕනි....
ඒ ආරක්ෂක ආරාව හදන්න ඕනි....
ඔයාගේ ආධ්‍යාත්මික බලය සම්පූර්ණයෙන්ම ගන්න ඕනි..

" මට සාමාන්‍ය මිනිහෙක් වෙන්න බෑ බනී...
ඔයාට ඒත් දෙවිකෙනෙක් වෙන්න පුළුවන් ...
අමරණීයත්වය ලබා ගන්නත් පුළුවන් ..

ඒකට එකම මාර්ගයේ මම ගමන් කරනවා...
තවත් මේ ගැන තර්ක කරලා මාව අසරණ කරන්න එපා බනී....

යීබෝ ෂාන්ගේ අත අතහැර පිටතට ගියේය....

ෂාන් තම සිර කරගත් කදුලක් කොට්ටය මතට මුදා හැරියේය...

"මං කොහොමද බෝ ඔයාව අර ලෝක 6ක් එක්ක සටන් කරලා විලෝපිත කැලයට යවලා මගේ බලය ගන්නේ....

මට ඒක කරන්න බෑ....
මම ජීවත් වෙනවනම් ඒත් එකට...
මැරෙනවනම් ඒත් එකට ....
ගැටලුවලට මූන දෙනවනම් ඒත් එකට...

අපි දෙන්නා එක්කෙනෙක් වෙලා ඉවරයි බෝ....
ඔයාට මාව නවත්තන්න බෑ.
මම ඔයාගේ හෙවනැල්ල වෙනවා ඔයාට මාව වදයක් වුණත්...

මට ඔයාව රකින්නවත් ඔයාට වදයක් නොවී ඉන්නත් බෑ...
ඒත් මට පුළුවන් ඔයා වෙනුවෙන් මරු කටකට හරි පනින්න...

ඔව් බෝ... ඔයා තනියෙන් කොහෙවත් යන්නේ නෑ...
අනික අපි එකට හදවතිනුත් බලයෙනුත් බැදිලා දැන් ගොඩක් කල්....

හිත පුරාම තනිවම කිය වූ ෂාන් නැගිට ආහාර ගැනීමට ගියේය...

ඒ වන විටත් යීබෝ නිහඩවම කල්පනා කරන්නට විය..
පෙර දින රෑත් තමාව අත හැර මැදියමක් වන තුරු ඔහු භාවනාවේ යෙදුණු අතර ෂාන්ට තේරුනේ එය භාවනාවකට වඩා කල්පනාවක් බවයි....

දෙදෙනා අතර තවමත් කතාබහක් නොතිබූ අතර ෂාන් සැරෙන් සැරේ යීබොව හොදින් නිරීක්ෂණය කලේය...

" යීබෝ....???
" යීබෝ තම දෑස් නිහඩවම ෂාන්ගේ හඩට යොමු කලේය...

" ඔය මදැයි කල්පනා කලා ....

කාල ඉවරනම් අපි යමු....
එන්න...

ෂාන් යීබෝ අසලට පැමිණි යීබෝ අත දෙස බලා එය අල්ලා ගත් අතර තම අතැගිලි බෝගේ ඇගිලි මත දවටාගෙන ලං වී ගමන් කලේය....

දින 06 ක පුහුණුවක් වූ අතර ,

ප්‍රථමයෙන්ම ,

Dragon Master යටතේ පුහුණු වීමට නියම වී තිබුනි...

ඒ අනුව Dragon masterගේ පුහුණු පිටියට පිටත් වූ දෙදෙනා මාස්ටර් හමුවීය....
දෙදෙනා පිවිසි විටම අහසින් බට අවුත් ගිනිවලල්ලක් මත සිටගෙන පසුව එය නිවී ගියේය....

දෙදෙනාම ඔහුට දණ නැමුවේය...

" නැගීසිටින්න.....

දෙදෙනාම සූදානම් වෙන්න සටන් පුහුණුවෙන්න...

වෙයිටෝ ඔයාගෙ බලයෙන් කොටසක් සම්ප්‍රේෂණය කරලා රෙඩ්ගේ අවම බලය මතු කරගන්න....

බිම Gold ආරාවක් ඇදුණු අතර දෙදෙනා ඒ මට සිටගත්තේය ....

මද වේලාවක් තම අත්ල මගින් රෙඩ්ගේ හදවතට කොළ පැහැති බලය සම්ප්‍රේෂණය කල අතර පැය බාගයකට පසු රතු පැහැ සහ කොළ පැහැ කිරණක් රෙඩ් මතින් පිටතට මුදා හැරිණි.....

" හරි අවසන් කර පැමිණෙන්න...

" හොදයි... ඔයාලගේ බලය අත්ල තුළට වෘත්තාකාරව ලබාගන්න....

දෙදෙනාම තම අත්ල එකිනෙක උඩ යට මාරු කරමින් තම බලය ගුලියක් ලෙසට අත්ල මැදට ගත්තේය....

" හොදයි රඳවාගෙන සිට පුහුණු වෙන්න....
යීබෝගේ බලය විනාඩි දෙකක් පමණ අත්ල මත ගුලියක් ලෙස රැඳුණු අතර , ෂාන්ගේ බලය විනාඩියක් තුළ විසිරිනි...

ෂාන් නැවත උත්සහ කරමින් එය රදවා ගැනීමේ කාලය ගැනීමට උත්සහ කලත් ෂාන්ගේ සියලු බලාපොරොත්තු සුන් වූයේ එය විනාඩියකට වැඩි නොවුණු නිසාය..

තම හදවත පතුලෙන්ම ආ වේදනාව කදුළුවලට පෙරලා නොගෙන ෂාන් ඉවසා සිටියේය...

යීබෝ සාර්ථක ලෙස තම බලය අත්ල මත රදවා ගැනීමේ වේලාව පැය බාගයකට උපරිම කර ගත් අතර ඊලට වතාවේ එය පැයක් පමණට රැගෙන ආවේය .....

ෂාන් ද හිතේ ශක්තියයි ඕනෑකමත් සහිතව එය විනාඩි 10ක උපරිමයකට රැගෙන ආවේය....

" හොදයි... රෙඩ්ගේ දුර්වල ආධ්‍යාත්මය අනුව හොද ප්‍රවනතාවයක්...
මාස්ටර් ෂාන්ගේ උරහිසට තට්ටුවක් දමා පැවසුවේය .....

ඒ අතර යීබෝ ෂාන් දෙස බලා තම සිනහව දෑසින් පෑවේය...

"හොදයි ඊලග පියවර ලෙස ගිනි කලාව පුහුණු කරමු....

"නැවත බලය අත්ලට රදවා ගන්න....
තම ආධ්‍යාත්මික බලයේ පවතින සියලු බල කොටස් වසා දමා දකුණු බල කොටස පමණක් විවෘත කරන්න...

***************************************************
පැහැදිලි කිරීම......❤️💚

* ආධ්‍යාත්මික බලය කොටස් 6 කට බෙදේ....
ඕපපාතිකව බිහිවන දෙවිවරු ප්‍රථමව තම බලය පුහුණු වීමේ දී ආධ්‍යාත්මික බලය කොටස් 6 කට වෙන් කර පුහුණු වේ ...

යීබෝ මෙහිදී විලෝපිත කැලයට යාමට අවශ්‍ය නිසා නැවත තම බලය වැඩි දියුණු කර ගැනීමක් මෙහි දී සිදු කරන අතර , ෂාන් පුහුණු වන්නේ දෙදෙනාගෙ බලය එක තැන රැදීමෙන් යීබෝට බලය කලමණාකරණයට පහසු වන නිසා ය...

එයට හේතුව වන්නේ පෙර බල සම්ප්‍රේෂණය සමග ඇති වූ එකිනෙකා කෙරෙහි බලපාන බල විඛණ්ඩණයයි...

එලෙස කොටස් 06 කට බෙදී යාමේ දී, ආධ්‍යාත්මික

බල හරය - 🔶( ඩයමන්ඩ් හැඩයෙන් යුක්තව )හදවත තුළ ශක්තියක් ලෙස ගබඩා වී ඇත...

🌊ජලය පාලනයට - වම ( පුහුණුව Snake Master )

🔥ගින්න පාලනයට - දකුණ ( පුහුණුව Dragon Master )

💨සුළග පාලනයට - ඉහළ ( පුහුණුව Snake Master)

💥ශක්තිය පාලනයට - පහළ ( පුහුණුව Dragon Master )

🦂විෂ පාලනයට - මධ්‍යය ( පුහුණුව Tiger Master )

🌀වේගය පාලනයට - දාරය (බල හරය වටා ඇති ) ( පුහුණුව Tiger Master )

කොටස්වලට බෙදා ආධ්‍යාත්මය කලමණාකරණය කරන ලදි...

***************************************************
යීබෝ සහ ෂාන් දෙදෙනාම උපදෙස් මත බල කොටස විවෘත කල අතර යීබෝ එම වේලාවේම තම අත්ල මත ගින්දර මවා ගත් අතර ( මෙය සහිත පුද්ගලාට රස්නෙන් තොරයි. අනෙක් අයට සැබෑ ගිනිදැල්ම වේ.. )

ෂාන් වාර කීපයක් අපහසුවෙන් උත්සහ කරත් රදවා ගැනීමට අසමත් විණි....

" කණගාටු නොවන්න.. ඔබගේ බලය සීමිතයි... එම නිසා බල ඛණ්ඩණයේ පුහුණුව ඔබ හැකි පරිදි සිදු කරන්න...

බලහත්කාරයෙන් එය සිදු කිරීමය නොයන්න...

ෂාන්ගේ ඇස් දුකින් පිරුණු අතර යීබෝ උනන්දුවෙන් පුහුණුවේ නිරත විය...

යීබෝ පැයකට පසුව තම ගිනිදැල් අසල පදුරකට ගසා දමමින් පුහුණු වන්නට වූ අතර පසුව ගිනි ආරාවක් මතු කිරීමට මාස්ටර් අනුගමනට කරන්නට විය...

එලෙසින් මාස්ටර් තම දෑත් උරහිස් මගින් කවාකාර කර විශාල වෘත්තාකාර ගිනි රවුමක් මැව්වේය...

යීබෝ ද දෙවතාවකට පසු එය මවන්නට සමත් වූවේය...

ෂාන් තම පෙම්වතාගේ දක්ෂතාවයන් සහ කඩවසම් බව දෙස බලමින් පසෙකින් පාඩි වී සිනා සෙමින් සිටියේය...

ඇත්තටම ෂාන් යීබෝගේ බලය ප්‍රදර්ශනය කරන සෑම අවස්තාවකටම ලොබ බැන්දේය...

පසුව අහසට බට මාස්ටර් පසු පසට පසු පසට යමින් ගිනි වලලු මැවීය....

යීබෝ ද අහසට පැන පසු පසට යමින් ගිනි දැල් ආරාවන් ඉදිරියට විසි කලේය....

" wooooooooooh...... ෂාන් දුටුවේ අහස මත උල්කා මෙන් ගිනි වළලු මැවෙන ආකාරයයි....

පෙර මතක තවම නොමැති හෙයින් යීබෝගේ සහ මාස්ටර්ගේ පුහුණුව Fantasy and Adventure flm එකක් මෙන් ෂාන් කට ඇරගෙන බලා සිටින්නට විය...

ඒ අතර තම කඩවසම් පෙම්වතාගේ කොළ පැහැති ලෝගුවේ රෙදි පොටවල් ඔහුගේ මුහුණ මත වැදී මුහුණ රතු වී බැරෑරුම් කොළ පැහැති නිතර නොදකින ඇස් සහ නව ඉරියව් රස විදින්නට විය...

" මගේනේ ඉතින් මේ දෙයියා.....😍😍😍😍

පැය ගණනාවකට පසු ස්වර්ග ලෝකයටද රාත්‍රිය උදා වීමට ආසන්න විය...

යීබෝ පුහුණුවෙන් පසු තරමක් තෙහෙට්ටුවෙන් සිටි අතර අහසින් බට එන යීබෝ දැක ෂාන් මුහුණ පුරා බනී හිනාව පෑවේය...

යීබෝ ලගට ඇවිත් ෂාන්ගේ කොපුලක් මිරිකුවේය...

"ඔය හිනාව නිසා මගේ මහන්සිය නැති වෙලා යනවා මගේ කෝලම් බනී.....

" අපි යමු... දෙදෙනාම මාස්ටර්ට ආචාර කලේය...

"හෙට එහෙනම් ශක්තිය පාලනය පුහුණු වෙමු....

" හොඳමයි මාස්ටර්....

එකවරම අහසට බට මාස්ටර් පිටව ගියේය...

අපි යමු ... යීබෝ ෂාන්ගේ කර මත අත දමා ගත් අතර නැවත පසුපස බලා කොපුල මත මෘදු හාදුවක් තැබීය....

ෂාන් ද යීබෝ දෙසට හැරී කොපුල මත තැබීමට හදනවාත් සමග මුහුණ හරවා එම හාදුව දෙතොල් මතට ලබා ගත්තේය ...

" හම්බෝ බනී මට මහන්සී ගොඩක් .

එන්න අතින් අල්ලගන්න.. බලයෙන් මගේ මැදුරට යමු...

එකවරම කොළ පැහැති සුළි ආරාවක් මගින් තම මැදුරට ෂාන් සමග යීබෝ පතිත වුණි....
..
.
.
.
.
.මතුසම්බන්ධයි
( බනිටී )

* අනේ සමාවෙන්න ගොඩක් අයට මම මේක ඊයෙ දෙනවා කිව්වේ ...
බැරි වුනා....
ගොඩක් සමාවෙන්න..

වෝට් එකක් දලා සපෝට් කරන්න... එච්චරයි අපිට ලැබෙන්නේ යාලුවනේ💚❤️

* මෙය හුදු මා විසින් ලියන ලද සම්පූර්ණ ප්‍රබන්ධයකී....

Continue Reading

You'll Also Like

477 22 1
"මගේ ආදරේ කියන්නෙම දුකක් ,කිසි කෙනෙක් කැමති නෑ දුකේම ඇලිලා ඉන්න." "ඒත් මම කැමති දුකේ ඇලිලා ඉන්න. බලෙන් ලබාගත්ත දේකින් ලැබෙන සතුටට වඩා අර ලැබෙන දුක ම...
5.5K 1.1K 7
"කොයිද උපමා ලොවේ කිසිදා අසා නෑ මා... හදේ ඇදුනා හිතේ රැදුනා ඔබේ රුව මා..."❤💚
98.4K 6.4K 31
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
14.1K 2.2K 25
මොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?