16 කොටස 💜💗

545 128 4
                                    

එදා යූරි කැෆේ එකේ වැඩ කරපු පළවෙනි දවස වුණත් එයා ගොඩක් මහන්සි වෙලා හොඳට වැඩ ටික කරා.. ආරා වගේම යූරිත් ලස්සන නිසා university කොල්ලො එදා කැෆේ එකට දෙතුන් සැරයක්ම ආවා 😂

මේ අතරේ යූරිට කෝල් ආවා
"මින්සුක් මම විනාඩි දෙකකින් එන්නම්. මම එනකන් මේ ටික කරන්න පුලුවන්ද"

යූරි කැෆේ එක පිටිපස්සට ගියා..
ඒ වගේම ආරාත් කැෆේ එක පිටිපස්සට ගියේ ඒප්‍රන් එකත් ගලවලා ගෙදර යන්න හිතාගෙන..
ආරා එප්‍රන් එක ගලවද්දි ආරාට ඇහුණා යූරි අඬන සද්දයක්...

"අනේ මට මේ මාසය විතරක් දෙන්න. මම ගෙදර කුලිය ගෙවන්නම්. මම අද ඒ ගෙදර දාලා කොහේ යන්නද. අනේ මට එක චාන්ස් එකක් දෙන්න"
යූරි හොඳටම අඬනවා.. ආරා මේ හැමදෙයක්ම බලාගෙන හිටියේ..

ෆෝන් එක කට් කරපු යූරි බලාගත්තු අතේ බලන් හිටියා

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

ෆෝන් එක කට් කරපු යූරි බලාගත්තු අතේ බලන් හිටියා.. ආරා දෙපාරක් නොහිතා කෙල්ලගෙ අතින් අල්ලගත්තා..

"අක්කේ, මොකක්ද වුණේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද"

"ම්ම්ම්"

යූරි බිම බලාගෙන තාමත් අඩනවා..

"හරි කියන්න මම අහන් ඉන්නම්"
ආරා යූරිගෙ අත් දෙක තදින් අල්ලගත්තා..

"ගෙදර අයිතිකාරයාට මම සල්ලි ටිකක් ණයයි නංගි. අද මට ගෙදරින් යන්නලු.. මම කොහේ කියලා යන්නද දෙයියනෙ😔"

යූරිගෙ ඇස්වලින් කදුලු සට සට ගාලා වැටෙන්න ගත්තා..

"එතකොට ඔයාගෙ පවුලෙ අය?"

ආරා යූරිගෙන් එහෙම ඇහුවත් යූරී කිසිම උත්තරයක් නොදුන්න නිසා ආරා ඒ ප්‍රශ්නෙ ගැන ආයෙත් යූරිගෙන් ඇහුවෙ නෑ..

"එන්න යන් අපෙ ගෙදර"
ආරා යූරිගෙ ඇස් දිහා බලන් හිනා වෙන ගමන් කිව්වා..

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now