22 කොටස 💜💗

572 129 14
                                    

දින සති මාස ගනන් ගෙව්නා ආරාත් ජිනුත් කිසි වෙනසක් නැතුව හරි ලස්සනට ආදරය කළා.. එයාලා ගොඩාක් කිට්ටු වුණා. ජින් කොච්චර කාර්‍යබහුල කෙනෙක් වුණත් ආරාගෙ දුකේදි සතුටෙදි ආරා ළඟින්ම හිටියා, ආරා ගැන හොයලා බැලුවා.. ජින්ගෙන් ආරාට ලැබෙන ආරක්ෂාව රැකවරණය , ආදරය ආරාට ලොකු හයියක් වුණා...

ආරා වගේම යූරිත් උගත් කෙල්ලො දෙන්නෙක් වුණත් එයාලාට අලුත් රස්සාවක් හොයා ගන්න බැරි වුණා.. සුපුරුදු විදියට coffee shop එකෙ වැඩ කරත් කෙල්ලො දෙන්නා ගොඩක් මහන්සි වුණා. නම්ජුන් ගොඩ කාලෙක ඉදන් ආරාට වගේම යූරිට රස්සාවක් හොයලා දෙන්න හිතාගෙන හිටියත් වැඩ නිසා නම්ජූන්ට ඒක අමතක වෙලයි තිබුණේ...

Coffee shop එකෙ වැඩ ඉවර වෙලා කෙල්ල හැමදාම ගියේ පාක් එකට... කෙල්ල දවස ඇතුළත ගෙවන ලස්සනම පැය කිහිපය තමයි රෑට ජින් එක්ක ගත කරන පැය කිහිපය. කොච්චර මහන්සි වුණත් කෙල්ල ඒ මහන්සිය ජින්ට හැංගුවා. මොකද ජින් කැමති නෑ කෙල්ලට සීරීමක්වත් වෙනවට..

"යූරි මම ජින් ඔප්පව මීට් වෙලා එන්නම්. ඔයා ගෙදර යන්න"
කොෆී ශොප් එකෙන් එලියට ආපු ආරා යූරිගෙ කරට අතක් දාන ගමන් කිව්වා

 ඔයා ගෙදර යන්න"කොෆී ශොප් එකෙන් එලියට ආපු ආරා යූරිගෙ කරට අතක් දාන ගමන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි පරිස්සමට ගෙදර එන්න ආරා.. පුළුවන්නම් රෑට කාලා එන්න. බඩගින්නෙ ඉන්න එපා"
යූරි ආරාට කිව්වා

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යූරි ආරාට යන්න දීලා පයින්ම ගෙදර යන්න පිටත් වුණා. කෙල්ල ආසයි තනියම ඇවිදින්න ... රෑට සෝල් ටවුන් එකේ තනියම ඇවිදිද්දි දැනෙන හැඟීම හරිම වෙනස් එකක්..

 රෑට සෝල් ටවුන් එකේ තනියම ඇවිදිද්දි දැනෙන හැඟීම හරිම වෙනස් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now