29 කොටස 💜💗

429 105 6
                                    

දින සති මාස ගෙවිලා ගියේ හරි ඉක්මනට .. ආරා වගේම ජිනුත් තමන්ගෙ එදිනෙදා වැඩ හොඳින් කරගෙන දිනෙන් දින වැඩි වෙන ආදරෙත් එක්ක හිටියෙ ගොඩක් සතුටින්.....
ආරාට තමන්ගෙ අම්මව හම්බවෙලා මාස දෙකහමාරකටත් වැඩී. එදා තිබ්බ දුකෙන් හරි අඩක්වත් අද නොතිබුනත් අම්මගෙ මූණ ආරාගෙ හිතේ හැමවෙලාවෙම වගේ පේන්න ගත්තා..

Ara pov:
මම උදෙන්ම නැගිටලා උදෙන්ම ඉව්වා.. යූරි වගේම මින්ජිත් නිදාගෙන හිටියෙ දෙන්නම ඊයෙ රෑ නම්ජූන් එක්කයි ජිමින් එක්කයි ඩේට් එකකට ගිහින් එන්න රෑ වුණ නිසා... මගෙ ජියා අක්කා ඕස්ට්‍රේලියාවට ගිහින් අදට මාසයකුත් දවස් ගානක් වෙනවා.. ඔෆිස් එකේ වැඩකට අපෙන් දුරකට ගියත් ජියා නැති අඩුව මට ගොඩක් දැනුනා...

_______________+++++++

කොන්සර්ට්වල වැඩ නිසා කොල්ලො 7 දෙනා වගේම මුලු ස්ටාෆ් එකම මේ දවස්වල ගොඩාක් busy.ආරාට හැරෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ..
දවසම මහන්සි වෙලා ආරා කැබින් එකට ආවෙ වතුර ටිකක් බොන්න...

පපුවෙ කැක්කුමත් එක්ක උගුර කඩාගෙන ආපු කැස්සක් ආවෙ ආරා වතුර බොද්දිමයි... කැස්ස වැඩි නිසා තමන්ගෙ මුලු අත්දෙකෙන්ම ආරා කට වහගත්තෙ පපුව හරි හරියට ඇදුම්කන් දෙද්දි...

ටිකෙන් ටික පපුවෙ කැක්කුමත් කැස්සත් අඩු වුණාම ආරා තමන්ගෙ මුවින් අත් දෙක අයින් කරද්දි ආරාගෙ අත් දෙකට තෙතක් දැනුන නිසා ආරා බැලුවෙ තමන්ගෙ අල්ල දිහා...

කෙල්ලට ලොකු කෙල බිංදුවක් ගිලුනෙ අත් දෙකේම අල්ල ලේ වලින් පිරිලා තිබ්බ නිසා...

Ara pov:

වතුර ටිකක් බීලා වතුර ටික ගිලගද්දිම ලොකු කැස්සක් ආවෙ මගෙ පපුවත් ඇදුම්කන් දෙන ගමන්.. මම එවෙලෙ හිතුවෙ වතුර පිට උගුරෙ යන්න ඇති කියලා... මම කැස්ස නවත්තගන්න හැදුවත් එන්න එන්නම පපුවෙ කැක්කුමයි කැස්සයි හුඟක් වැඩි වුන නිසා මම මගේ අත් දෙකෙන්ම මගෙ කටවහගත්තා..
ටික වෙලාවකින් කැස්සත් , පපුවෙ අමාරුවත් අඩු වෙද්දි මගෙ මුලු ඇගටම දැනුනෙ හරි සැහැල්ලුවක්..
අතෙ පොඩි තෙතක් දැනුන නිසා මම මගෙ අත් දෙක බලද්දි මුලු අත්දෙකේම ලේ...
ඇයි මේ? මගෙ ඇස්වල කදුලු පිරුනෙ මටත් නොදැනීමයි...

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now