2 කොටස 💜💗

1.1K 183 2
                                    

එදා වැහිබර දවසක්. ආරා වෙනදා වගේම උදෙන්ම නැගිටලා university යන්න ලෑස්ති වුනා හැබැයි අකමැත්තෙන් .මොකද උදෙන්ම ජියාගෙන් බැනුම් අහපු නිසා කන පිරෙන්න . පොඩි එකීනම් හැමදාම ආරාට බැන්න ගමන් ඇහැරෙනවා . එයා ගොඩක් බයයි ජියාට .

වෙනදා වගේම 3 දෙනා එකතු වෙලා උදේට උයලා කන්න පටන් ගන්නවා .. නොකා එලියට බැස්සොත් ආය ගෙදර එන්න වෙන්නෑ කියලා දන්න නිසා ආරායි, මින්ජි කොහොමහරි ඔක්කොම කෑම ටික කෑවා 😂

"මම එහෙනම් යන්නම්. ඔයාලා පරිස්සමට යන්න . හවස් වෙන්න කලින් ගෙදර එන්න. පරක්කු වුනොත් ගේ ඇතුලට ගන්නෑ තමුසෙලා දෙන්නව මං 😒"

ඒ තමයි ජියාගෙ විදිය. එයා ආදරය පෙන්නන්නෙ ටිකක් අඩුවෙන්. ඒත් එයාගෙ හැම වචනෙකම ආදරේ තියෙනවා කියලා ආරා වගේම මින්ජිත් දැනගෙන හිටියා ..

ජියා ගියාට පස්සෙ ආරා , මින්ජි එකතු වෙලා කුස්සිය ටිකක් අස් කරලා බෑග් එකත් අරගෙන university යන්න සූදානම් වුණා
ඒ දෙන්නා කවදාවත් ළඟ තැනකට කවදාවත් බස් එකේ ගියේ නෑ.. university එක ලඟට යනකන් දෙන්නගෙ රහස් බෙදා ගත්තා.. ඇති වෙනකන් කතා කරා..

මින්ජි: අක්කෙ ලබන සතියෙ graduation එකෙන් පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නෙ ☺️☺️

ඒ අහපු විදියටනම් ආරාට ටිකක් සැක හිතුනා. මොකද මින්ජි මීට කලින් එයාට අක්කා කියලා කතා කරලා නෑ 😂

ආරා: තමුසෙ මොකක් හරි හොර වැඩක් කරාද 🤨

මින්ජි: අ... නේ.. නෑ නෑ මං... මෙ...

මින්ජි පටලව පටලව කියද්දිම දෙන්නම university එක ලඟටම ඇවිත්.. ඒ දෙන්නගෙ කියවිල්ල කොච්චරද කියනවනම් university එක ලගට එනකන් එයාලා දන්නෑ..

 ඒ දෙන්නගෙ කියවිල්ල කොච්චරද කියනවනම් university එක ලගට එනකන් එයාලා දන්නෑ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

අඩුපාඩු තියෙනවනම් කියන්න ලමායි 💖💖💖

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Wo Geschichten leben. Entdecke jetzt