28 කොටස 💜💗

500 113 18
                                    

Ara pov :

ඔව්.. මම ඒ උණුසුමට ආදරේ කරා... ඒ ආදරණීය වචන, ස්පර්ශයන් මාව වෙනම ලෝකෙකට අරගෙන ගියේ මගෙ හිතේ ජින් ගැන තියෙන ආදරය දෙගුණ තෙගුණ කරමින්...

සමාධියක් වගේ පිරිමිකම උතුරන ඒ මූණ දැක්කම මට හිතුනේ මම කොච්චර නම් වාසනාවන්තද කියලා...

චෙරි පාට පිම්බිච්ච තොල් දෙකට චූටි කිස් එකක් දුන්නෙ මට තවත් ඒ මුණ දිහා නිකන්ම බලන් ඉන්න බැරි වුණ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චෙරි පාට පිම්බිච්ච තොල් දෙකට චූටි කිස් එකක් දුන්නෙ මට තවත් ඒ මුණ දිහා නිකන්ම බලන් ඉන්න බැරි වුණ නිසා..

පොඩි දරුවෙක් වගේ නිදාගෙන හිටපු මගෙ කොල්ලා ඇහැරුනේ මගෙ සීතල තොල් එයාගෙ තොල් එක්ක ගැටෙනවත් එක්කම....

"මැණික නිදි නැද්ද තාම"
ජින් ඇහුවෙ ආරාගෙ පපුව වටේ අතක් යවලා තවත් ආරාව ළඟට ගන්න ගමන්..

"මම දැන් ඇහැරුණේ බබා... වෙලාව 7යි.. දැන් නැගිටිමුද අපි"

ආරා ජින්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වෙ හරි ආදරෙන්...

"අනෙ බබා තව චුට්ටක් හාද.. මට හරි මහන්සි අප්පා 😒"

ජින් ආරාගෙ නිරුවත් ශරීරයට ගුලි වෙලා ආයෙත් නිදා ගත්තා... ඊයෙ දවස ගොඩක් වෙහෙසකාරි නිසා ආරා ආයෙත් නින්දට වැටුනා..

Jin pov:

මම ආරාට ආදරය කරන්න කලින් ආදරේ කලේ එකම එක කෙල්ලෙක්ට විතරයි.. මම idol කෙනෙක් වුණාම ඒ affair එක එයා නැවැත්තුවා.. එදා මට මගෙ පලවෙනි ආදරේ නැති වුණත් හිතට කිසි දුකක් දැනුනෙ නෑ..

ඒත් ආරා ඊයෙ රෑ හොයාගන්නවත් නෑ කියද්දි මගෙ පපුව ඇදුම්කන් දුන්නෙ මට ඉවසගන්නවත් බැරි විදියට..අහම්බෙන් හම්බවෙච්ච කෙල්ල දැන් මගේ ජීවිතේම වෙලා...

ආරාව දකිද්දි ඉවසීමේ සීමාව පැන්න මට මගෙ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා...
කෙල්ලගෙ අවසරයෙන් මගෙ පන ටිකව මං මගේම කරගත්තෙ පුදුමාකාර ආඩම්බරෙන්. ඔව් දැන් ආරා මගේ විතරයි.. ආරා මට විතරක් අයිති වස්තුවක්... මම මටම පොරොන්දු වුණේ ඒ කෙල්ල මං ගැන තිබ්බ විශ්වාසය ඉදිරියටත් මං රකිනවා කියලා ඒ වගේම ආයෙ කවදාවත් ආරාගෙ ඇස්වලින් එක කඳුලක්වත් වැටෙන්න දෙන්නෑ කියලා...

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now