14 කොටස 💜💗

553 128 6
                                    

ජින් වගේම ආරාත් එයාලගෙ ගෙවල්වලට ගියෙ ගොඩාක් සතුටින්.. දෙන්නගෙම හිතේ යාලුකමකුත් නොවන ආදරයකුත් නොවන අමුතු හැඟීමක් හිතේ හිරවෙලා..
ඒත් ආරා දැනගෙන හිටියෙ නෑ ජින් කියන්නෙ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් කියලා..

"අක්කෙ මේ මාසෙ අන්තිම bts concert එකක්. මේකටත් අනිවාර්යයෙන් යන්.. ආරා .. ඔයත් එන්න"
මින්ජි ජියාට කිව්වා..

ආරාටත් ඕනි වුනේ වෙනසක්. ඒ නිසා ආරාත් ඒකට කැමති වුණා..

"හරි එහෙනම්. මම ticket book කරන්නම්"
මින්ජි එහෙම කියාගෙන එයාගෙ රූම් එකට ගියා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ජින් සහ නම්ජූන් කියන්නෙ යාලුවො දෙන්නෙක් නෙවෙයි සහෝදරයො දෙන්නෙක්. අනිත් පස් දෙනත් ඒ වගේමයි.. ඒත් ජින් සහ නම්ජූන්ට ඊට වඩා ලොකු බැදීමක් තිබ්බා.. නම්ජූන්ගෙ හැම රහසක්ම කිව්වෙ ජින්ට.. ජින් කිව්වෙත් නම්ජූන්ට.

ඉතින් එදා රෑ වෙච්ච දේ ගැන නම්ජූන්ට කියන්න ඕනි කියලා ජින්ට හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් එදා රෑ වෙච්ච දේ ගැන නම්ජූන්ට කියන්න ඕනි කියලා ජින්ට හිතුනා. නැත්තන් පස්සෙ නම්ජූන් ඕක දැනගත්තොත් නම්ජූන්ගෙ හිත නරක් වෙන්න පුලුවන්නෙ..

"නම්ජූන් අපි ටිකක් කතා කරමු"

"ඔව් කියන්න හියුන්"

"මම එදා ආරා ගැන ඔයාලට කිව්වා නේද.. මට එයාව ටිකකට කලින් හම්බුනා නම්ජූන්. ඒ කෙල්ල තාම මන් ගැන දන්නෑ. ඒත් එයාව දැක්කම මට ලොකු නිදහසක් දැනෙනවා නම්ජූන්.. එයා ගොඩාක් හොදයි.. මම ගැන දැනගත්තොත් එයා මාව ආශ්‍රය කරන එක නවත්තයිද කියලා මට බයයි.. ඒත් මට සතුටුයි මෙච්චර කල් මම හොයපු කෙල්ල අන්තිමේදි ටිකකට කලින් මට හම්බවුණා"

ජින් එක දිගට කියවගෙන ගියා😂😂

නම්ජූන් ජින්ට හොදට ඇහුම්කන් දුන්නා.. නම්ජූන්ට තේරුනා ජින් බලාපොරොත්තු වෙන්නෙ එයාගෙන් විසදුමක් කියලා..

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now