විසි අට වන සිහිනය 💭

217 35 40
                                    

කලින් චැපියේ නොටිෆිකේෂන් ඇවිල්ලා නෑ ගොඩක් අයට...ඒකත් කියවලා එන්න ළමයී....

───────────────────────────────

"තීනු පුතා..!!"

"ඔව් ටීචර්...."

"පුතාට පුළුවන් නේද සිහිනට ක්ලාස් එක පෙන්නන්න. අද ඉදන් ඔයා එයාට මෙහේ වැඩ පිළිවෙල කියලා දෙන්නකො."

"ඔක්කොම වැඩ ටික හරි. සිහින දැන් මේ ඉස්කෝලෙ ශිෂ්‍යයෙක්...තීනු පුතා සිහිනට පන්තිය පෙන්නාවි දැන් අම්මට පුළුවනි ගෙදර යන්න."

තීනුට සිහිනව භාර දුන්න පන්තිභාර ගුරුතුමීම අනික් පැත්තට සිහිනගෙ අම්මට එහෙම කියද්දි මල්ලිකා ගෞරවය පිරුණු බැල්මෙන් යටහත් පහත් විදියට ගුරුතුමිය සමග හිනා උනා...

ඇය නිහතමානී සතුටක් වින්දා...

තම සැමියත් නොමැතිව තමන්ගෙ හැම දේම කැප කරලා තම එකම දරුවගෙ හීන දිය වෙන්න නොදී ඒ අනාගතය ගොඩගන්න ඇය දරාපු වෙහෙසට හරියන්න අද සිහින ඒ ජීවිතයෙන් ගොඩ එන්න එක පියවරක් තව ඉස්සරහට තිබ්බා.....පියතිලක සොයාගෙන එන සොච්චමෙන් වගේම සිරියාවතී වලව්වෙන් ලබපු දෙයකින් ජීවිතය ගැටගහගත්ත ඒ ජීවිතේ සිරියාවතී නැති වීමත් එක්ක තව තවත් අමාරු වෙද්දි වලව්වේ කුමාරිහාමිටම කන්කෙදිරි ගාලා කොහොමහරි මුළුතැන්ගේ වැඩපළ කරලා මොනවහරි උපයගන්න මල්ලිකාට ඔවුන් ඉදිරියේ දෙකට නැවෙන්න සිද්ද උනා... එතැන් පටන් සිරියාවතී මෙන් මල්ලිකාට උනෙත් වලව්වෙ මුළුතැන්ගෙ හැම වැඩක්ම බලාකියාගන්න. වලව්වේ මුළුතැන්ගෙටම කොටු වෙලා වලව්වේ උන්ගෙ ඉදුල් හෝදන්නම ඇය මේ අවුරුදු ගාණ ගෙවලා දැම්මා...වයසට කලින් වැහැරිලා ගිය ගොරෝසු අත්ලෙන් සිහිනගෙ හිස පිරිමදිමින් මල්ලිකා දිගු සුසුමක් පහළට අතෑරියා...

ඒ තුන් දෙනාගෙන්ම සමුගෙන ඇය කොරිඩෝව දිගේ ඈතට යන හැටි මල්ලිකා මොහොතක් බලාගෙන හිටියා...

මේ අතරතුරේ මල්ලිකාගෙ සාරි පටේ එල්ලිලා හිටපු සිහින වටපිට ඔලුව හරව හරව බැලුවේ කාර්යාලය ලගින් එහෙ මෙහෙ යන ළමයි දිහා වෙද්දි ඔවුන් ලගින් ඇවිදගෙන ගිය තරුණ පිරිමි ළමයෙක් ලග සිහිනගෙ ඇස් නැවතුනා.. ඔහුගේ අත් දිග කමිසයේ පපුව මට්ටමේ සිට පහළට වෙනතෙක් එල්ලා තිබුණ බැජ් එක දිහා බලන් හිටපු සිහිනගෙ ඇස් පොල් ගෙඩි තරම් ලොකු උනා...ඔහුට තව බොහෝ අලුත් දේවල් මේ ඉස්කෝලේදි දකින්න ලැබේවි කියලා සිහින හිතුවා.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Tahanan ng mga kuwento. Tumuklas ngayon