දාහත්වන සිහිනය 💭

233 32 29
                                    

"ලොකූ..පාඩම් කරලා නිදාගන්න දරුවෝ. නිකන් ඇහැරන් ඉන්නැතුව"

පුරුදු විදියටම රෑට පාඩම් කරනවා කියලා නිදාවැටෙන සිතූගෙ කාමරේට එබිලා ඒකිව කූද්දලා යන අම්මා මගේ කාමරේ දොරෙන් ඔලුව දාලා එහෙම කියලා ආයෙත් පහළට ගියා. පහුගිය සතියෙම අම්මගෙ ප්‍රධානම රාජකාරිය උනේ ඒක. පාඩම් මේසෙ වාඩි වෙලා බිත්තියෙ ගහලා තිබුණ ඇවෙන්ජර්ස් රූපවලට පණ ඇවිල්ලා වගේ බිත්තිය දිහා කන්න වගේ බලන් ඉදලා කියලා තේරුණේ අම්මා කාමරේට එබෙද්දි. විභාගෙ අස්සෙ මගෙත් සිහිය අන්තිමයි.

හවස තේව් මල්ලි කතා කරපු වෙලාවේ කිව්වේ සිහින උදේ ඉදන් පාඩම් කරනවා කියලා. විභාගෙ ටිකේම සිහින අපි තුන් දෙනාගෙත් මෝටිවේෂන් එක වෙලා. කොහොමහරි විභාගෙට දවස් දෙකක් තියලා උගන්නපු ඔක්කොම පාඩම් කරගන්න විශාකටයි මටයි පුළුවන් උනා. ඉදලා හිටලා හිස් පීරියඩ් වල අපි හතරදෙනා ලයිබ්‍රි ගිහිල්ලත් පාඩම් කරා.

මාත් ඉතින් අනික් ඔක්කොටම කලින් එක්සෑම් හොඳට කරගෙන, හොඳ තැනකට එන්න ඕන. නැත්නම් කොහොමද දවසක අර හා පැටියව බලාගන්නෙ. තාත්තට අයිති වතුපිටි ඔක්කොම කවදහරි දවසක මට අයිති වෙයි කියලා දැනගෙන හිටියත් මට ඒවට වඩා ලස්සන පොඩි පොඩි හීන ගොඩක් තිබුණා.

තාත්තට ඕන උනේ මාව තාත්තා වගේ ලොකු දොස්තර කෙනෙක් කරන්න. ඉතින් තාත්තා කිව්වෙම මට බයෝ කරන්න කියලා. ඒත් මට ඕන උනේ නිදහස් ජීවිතයක්. අපෙ තාත්තා ගත්තම සල්ලි හම්බ කරාට ගෙදර අය එක්ක ඉන්නෙ හරිම පොඩි කාලයයි. ඒත් මට ඕන උනේ මට වටින අය එක්ක සතුටින් ගෙවන්න පුළුවන් ජීවිතයක්.

මේ ඔක්කොම හිත හිත මන් පාඩමේ මුල් පේළිය දහ සැරේකට වඩා කියවලා.

'පුද්ගල මනසේ ගැඹුරු මනෝ භාවයන් සියුම් ආකාරයට විශ්ලේෂණය කෙරෙන නවකතාවක් වශයෙන් මළගිය ඇත්තෝ නවකතාව..'

මළගිය ඇත්තෝ මන් ආසම නවකතාවක්. සරත්චන්ද්‍රයන් මිනිස්සුන්ගෙ සිතුවිලි හරි අපූරුවට පෙන්නලා තිබුණා. ආදරේ කරද්දි කොහොමද අපේ සිතුවිලි වෙනස් වෙන්නෙ කියලා මට හොඳටම තේරුණේ පුංචි භූතයා මේ හිතේ අරක් ගත්තට පස්සෙ. ආසාවෙන් පාඩම් කරන්න ගත්තට පැයක් දෙකක් පාඩම් කරගෙන යද්දි ආපු නිදිමත නවත්තන්න නම් නවකතා පොතටවත් බැරි උනා. දෙතුන් පාරක් ගැස්සිලා යද්දි පුටුවෙන් නැගිට්ට මන් කාමරේ එහාට මෙහාට ඇවිදලත් නිදිමත නැති කරගන්න බැරි තැන නවකතා විචාර පොත වහලා ෆෝන් එක අතට ගත්තෙ වට්ස්ඇප් එක පැත්තෙ යන්න. නොටිෆිකේෂන් 50 ක්. ඒකත් ගෲප් එකේ. මුන් දෙන්නා පාඩම් කරනවද මල් කඩනවද?

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now