නුවර අහස යට.............
අවුරුදු ගානක් ගෙවිලා ගියා...ඒ අවුරුදු ගානටම නුවර අහස යට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා.....
දැන් සිහිනට වයස අවුරුදු දහයයි......
කාලය හරි ඉක්මනින් ගත වෙලා ගිහින් තිබුණෙ ඒ ගමේ හැම කෙනෙක්ගෙම ජීවිත වල ගොඩක් වෙනස්කම් ඇති කරලා. මල්ලිකාගෙ ධෛර්යය නිසාම පුංචි සිහිනගෙ එක වසරෙ ඉදන් මේ වෙනකන්ම ඉස්කෝලෙ ගමන නතර නොවී තිබුණා...සිහින ඉගෙනීමට ගොඩක් දක්ෂයි....සිහින දැන් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා ලොකු ස්කෝලෙට යන්න ඔක්කොම සූදානම් වෙලයි තිබුණෙ...
"මේ දරුවා කොහෙ ගියාද?"
උදේ පාන්දරම මැටි හට්ටිය ලිපේ තියන ගමන් වලව්වට යන්න දතකට මදින පියතිලකට ඇහෙන්න කෑ ගැහුව මල්ලිකා ඉස්සරහ දොරකඩට ඇවිත් හිටගත්තා...
"සිහින!!!!!!!"
සිහිනගෙ නම කියමින් පුළුවන් තරම් සද්දෙන් කෑ ගැහුව මල්ලිකාගෙ හඩට මිදුලෙ ගස් වල වහලා හිටපු කුරුල්ලො රංචුවත් සී සී කඩ විසිරිලා ගියා....ඒත් සිහිනගෙ රුව නම් පේන මානෙක තිබුණෙ නෑ...ගෙවුණු අවුරුදු පහටම සිහින පියතිලක සමග ටවුමට ගිය මොහොතක හැර තනිවම ගමෙන් පිටතට ගිහින් නොතිබුණා...
"මේ දරුවා පාන්දරම කොහෙ ගියාද...."
මල්ලිකා තමන්ටම මුමුණමින් කල්පනා කරේ මේ කොල්ලා තමන් යන්න තහංචි කරපු අහකවත් ගියාද කියලා...
ආක්ෂ ගිය පසුව දොළ පාරත් ඇහැළ සෙවණත් ඔහු නැතුව පාලුවට ගියා...පාසල් වැඩ නිමවී මොහොතක් ඇහැළ සෙවණේ රැදෙන්න සිහින අමතක නොකළත් ගෙවුණු අවුරුදු කිහිපයම ඇහැළ හෙවණ පුංචි කොල්ලො දෙන්නගෙ දගකාරකම් නැතුව වෙල් යාය මැද තනි උනා.....
YOU ARE READING
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...