"Memories"
.
.
ගෙදර ආපු හැටියේ ඇදට වැටුණ මන් මහන්සි ඇරෙනකන් සිවිලිම දිහා බලාගෙන හිටියා. විනාඩි ගානක් සිවිලිමේ කොටු ගනන් කරලා ඒකත් එපා උන මන් එහෙමම ඇද උඩට අතෑරපු බෑග් එකට අත දාලා ගත්තෙ බුක් ෂොප් එකෙන් අරන් ආපු පොත.
ඇත්තටම කිව්වොත් ඒක ඩයරියක්.
ඔව් මට ඕන උනා ඩයරියක් ගන්න. මීට කලින් ඩයරි ලියලා නොතිබුණත් මොකක් හරි හේතුවකට මට ඕන උනා. දකින හැම හීනයක් ඇතුළෙම මොකක් හරි දෙයක් ඇති කියලා හැමදාම හිතුණ නිසා මන් අද ඉදන් පළවෙනි දවසෙ ඉදලම පේනුන හැම හීනයක්ම ලියාගන්න හිතාගත්තා. අනික් එක අර පුංචි භූතයා. ඕකව අහු උන දාට තමයි මන් බලාගන්නෙ.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ( මේ වගේ ඩයරි එකක් කියලා හිතන්න ළමයි )
පොතේ උඩම වැල් අකුරෙන් ලියලා තිබුණ Memories කියන වචනෙ ඇතුළෙ මට දැනුනේ ලොකු පුරුද්දක්. හරියට කාලෙක ඉදන් මන් ඩයරියක් ලිව්වා වගේ. ඒ නම මට හොඳට දැකලා පුරුදුයි වගේ දැනුනා. ඒ ඇයි කියලා දන්නෙ නෑ. ඒත්... ඒ නිසාම වෙන්නැති ඒ පොතම මන් තෝරගත්තෙ. ඉතින් මටත් නොදැනිම මන් ඒ වචනෙ උඩ දෙතුන් පාර මගෙ ඇගිලි ගෙනිච්චා.."අහ්හ්"
එක පාරටම ඔලුවෙ කරන්ට් එකක් දුවනවා වගේ දැනෙනකොට ඇදේ හාන්සි වෙලා හිටපු විදියෙන්ම ඔලුව අල්ලගත්තෙ මොකක්ද වෙන්නෙ කියලා නොතේරුණ නිසා. පොතත් අතෑරුණා යකෝ මූණ උඩටම. අනේ ඉතින් මගෙ හැන්ඩ්සම් ෆේස් එක. එක පාරටම මගෙ ඔලුවෙ ඇදුනෙත් පොතක්.. මේ දැන් මන් පොතේ තිබුණ අකුරු උඩ ඇගිලි ගෙනිච්චා හා සමානවම සිදුවීමක් මගෙ මනසෙ ඇදුණා. ටික වෙලාවක් යද්දි නම් මන් සාමාන්‍ය අතට හැරුණා. ඔලුව ගසලා දාලා ඇදේ වාඩි උන මම කල්පනා කරේ ඒ මොන මගුලක්ද උනේ කියලා. මන් දැන් කරපු දේ ඇයි ආයෙත් මට පෙනුනේ. අනික ඒ විදියට..ඒත් එතන පොඩි වෙනසක් තිබුණා. ඒ තමයි පොත. ඒ මේ පොත නෙමෙයි. එතකොට ඒ වෙන මතකයක්ද?
![](https://img.wattpad.com/cover/356158059-288-k838840.jpg)
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...