"මන් කොහෙද ඉන්නෙ"
සිහිය ආව ගමන් මන් ඉස්සෙල්ලම අහපු ප්‍රශ්නේ ඒක වෙද්දි මෙච්චර වෙලා මගෙ ලග ඉදන් කෑ ගහපු ඩබලම සයිලන්ට් මොකද කියලා මන් ඔලුව උස්සලා බැලුවේ. දෙන්නම මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නවා....මන් දැම්මේ "මොකද????" වගෙ ලුක් එකක්.
"උඹට සිහියද නැති උනේ මතකෙද??"
"ඔලුව වැදුනද කොහෙහරි!!
කියලා අහන ගමන් විශාකයා මගෙ ඔලුව හරව හරව බලද්දි උගේ අතත් ගසලා දාපු මන් ඇදේ වාඩි වෙලා අම්මා අතට දීපු වතුර වීදුරුව අරන් බොද්දි ලගින් වාඩි උන අම්මත් මගෙන් ඇහුවේ 'එකපාරටම මොකද උනේ' කියලා.
"මන් බය උන තරමක්. මොකද දරුවෝ උනේ"
"අව්වේ ආපු නිසා වෙන්නැති අම්මේ"
"බෙහෙත් ටිකක් ගන්න යනවද??"
"ඕන නෑ අම්මේ පොඩි කලන්තයක්නේ."
"තා ටිකක් බලලා අපි දෙන්නා ඉස්පිරිතාලෙ අරන් යන්න හැදුවේ"
කියලා විශාකයා දිහත් බලලා මගෙ දිහා බලපු අම්මා මොනාහරි හදන් එන්නම් කියලා එළියට යද්දි විශාකයා හෙමින් සැරේ මගෙ ලගින් වාඩි උනා.
"උඹට කොහොමද දැන්! ඇත්තටම මොකද උනේ!!"
"මන් හීනයක් දැක්කා බන්"
ඌ මට දැම්මේ 'මොන මගුලක්ද?' වගේ බැල්මක්.
"උඹ හීන බල බල ඉදලා.. අරහෙ නැන්දත් බය වෙලා හිටියේ"
"උඹ මගුලක් කතා කරනවානෙ. මම හිතල දැක්කද බං. ඒක හරියට නිකන් මතකයක් වගේ."
ඔලුවට අත් දෙකම ගහගෙන කල්පනා කරපු මන් ඔක්කොම දමලා ගහලා ඇදෙන් බැස්සේ මූණ ටිකක් හෝදගන්න යන්න.
"උඹ කලින් දැකපු හීනෙ වගේද??"
"නෑ බන්"
"උඹ අද දැක්කෙ මොකක්ද????"
තප්පරෙන් මූඩ් එක වෙනස් උන විශාකයගෙන් ඊළග ප්‍රශ්නෙ ආවේ ගොඩක් සීරියස් විදියට.. මුගෙ මූඩ් වෙනස් වෙන හැටියට බයත් හිතෙනවා. ෂිට් එපා වෙනවනේ මේ හීන.. අව්වේ ආවා කිව්වට සිහිය නැති වෙන්න තරම් අව්වක ආවේ නැති මගෙ හිතට දැනුනේ මහ අමුත්තක්..
YOU ARE READING
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...