හයවන සිහිනය 💭

377 48 53
                                    


"කොහෙ බලාගෙනද යන්නෙ හ-ලෝ -ඕ"


මං හිටියේ බුක් ෂොප් එක ඇතුළට යන ගමන්. ඉක්මන් අඩියෙන් ෂොප් එක ඇතුළට ආව මන් හැප්පුන කෙනාව දැකලා මන් කියාගෙන ආපු වචනත් හිර උනා... මගෙ ඇස් ඉස්සෙල්ලම නැවතුනේ ඒ කලු බෝල වගේ ඇස් දෙක ගාව. සුදු ටීෂර්ට් එකට කළු ඩෙනිමක් ඇදලා හිටපු පොඩි කොල්ලෙක් මගෙ දිහාම බලන් හිටියා... එයාට තිබ්බෙ අහිංසක පෙනුමක්... මගෙ වචන ගොලු වෙලා කටත් ඇරිලා තියෙද්දි මං කොල්ලා දිහාම බලන් හිටියා...හේතුවක් දන්නෙ නැති උනත් ඒ තත්පර ගාණට මගෙ හදවත එකසිය ගාණට ගැහෙන්න ගත්තා....

මගේ ඇගේ වැදිලා අඩියක් පස්සට විසි උන කොල්ලා දිහාවටම මගේ ඇස් රැදිලා තිබුණ නිසා ඒ ඇස් ගැස්සෙනවා මන් දැක්කා... සමාවෙන්න කියලා ඔලුව පහත් කරගෙන අතේ තිබුණ සිලි බෑග් එකත් අත් දෙකටම ගුලි කර ගන්න ගමන් මාව පහු කරන් දුවල යද්දිත් මං ඔහේ සිහියක් නැති මනුස්සයෙක් වගේ බලාගෙන හිටියා....මන් ආයෙම හැරිලා එළියට දුවන් එද්දි කොල්ලා කොහෙ ගියාද කියලා හොයාගන්නවත් පුළුවන් උනේ නෑ....

සැක්...පොඩි කොල්ලෙක් නිසා කරන්න ආපු වැඩෙත් අමතක කරපු මන් ආයෙම බුක් ෂොප් එක ඇතුළට ඇවිත් ගන්න ආව පොත් ටික හොයාගන්න හිතාගෙන උඩතට්ටුවට ඇවිත් සාහිත්‍ය පොත් හොයාගෙන ඇවිද්දා...අපිළිවෙලට ගැහෙන පපුවත් හෙමින් සැරේ අතගගා පොත් ටික බලාගෙන ආපු මන් ගැස්සිලා ගියේ කෙල්ලෙක්ගේ කටහඬටකට.....

"සර් මොනවද බැලුවේ??"

"මන් බැලුවේ මේ, මළගිය ඇත්තෝ පොත"

"මෙහෙන් එන්න සර්"

ඊළග දවසෙ පාඩම කරන්න පොත නැතුව කිසි කෙනෙක් ක්ලාස් එකට එන්නෙපා කියපු සර්ගෙ වදෙන් බේරෙන්න බැරි කමටම මටයි විශාකයටයි දෙන්නටම පොත ගන්න ආපු මට ෂොප් එකේ වැඩ කරන අක්කා කෙනෙක් පොත හොයලා අතට දුන්නම මන් ආයෙම එයින් තව එකක් ඉල්ලුවා... පොතත් අතට අරගෙන අක්කට තෑන්ක් කරපු මන් නිකමට ඇවිද්දෙ තා මොනාහරි ගන්න දෙයක් තියෙද බලන්න...පාස් පේපර්ස් පොත් නම් ඕන ඒත් දැන්ම වැඩක් නැහැනේ. පස්සෙම ගන්නවා කියලා හිතපු මන් කැෂියර් එකට සල්ලි ගෙවලා එළියට එද්දි මගෙ ෆෝන් එකත් රින්ස් යනවා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now