අප දෙදෙනා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ....
උදේ පාන්දරම මන් අයියත් එක්ක ඇවිදින්න ආවේ නුවර යන ට්‍රේන් එකට වෙලාවත් ගොඩක් තිබුණ නිසා. භාප්පා වැඩට යන ගමන්ම අපිව ඇරලවන්න ආවා. තේව් අයියත් ස්කෝලෙ ගාවින් අපිට සමුදීලා බැහැලා යද්දි භාප්පා අපිව බැස්සුවේ කොටුවෙන්. ට්‍රේන් එකට වෙලාව එනකන් අපි පිටකොටුවේ ටිකක් ඇවිද්දා.
කොළඹ කොටුවම සෙනගෙන් පිරිලා. අයියා ටිකට් අරන් එනකන් මන් බෑග් දෙකත් උස්සන් අයිනකට වෙලා බලන් හිටියා. සතියෙ දවසක් නිසා මේ වෙලාවෙ නම් කෝච්චියට සෙනග අඩු වෙයි. ටිකට් අරන් අපි දෙන්නම ඇතුළට එද්දි කෝච්චියක් නැති හිස් වේදිකාව දිහා බලාගෙනම මන් බංකුවකින් වාඩි උනා. මන් තේව් අයියට මැසේජ් එකක් දැම්මේ අපි ස්ටේෂමට ආවා කියලා. අයියට කියලා අරගත්ත කජු ගොට්ටෙන් එකින් එක කටට දාගන්න ගමන් මන් අයියගේ උරහිසට ඔලුව තියාගත්තේ මොකක්දෝ අමුත්තක් හිත පුරාම දුවද්දි.
නුවර මාතලේ සීඝ්‍රගාමී දුම්රිය.
කොටුවට ගහපු හැටියේ අයියා කෝච්චියට නැගලා ජනේලේ ගාවින් මටත් එක්ක සීට් එකක් අල්ලගත්තා. ඔව් අද මම නුවර යනවා. අවුරුදු නිවාඩුවට. උදේ පාන්දර අයියා කිව්වේ මාව ගෙදර එක්ක යන්න ආවේ කියලා. මන් පුදුම උනා ඒ වගේම කලබල උනා. ඒත් ඉතින් අයියලා දෙන්නට මන් ගියා කියලා කියන්න තේව් අයියට මන් පවරලා තමයි ආවේ. කොහොමත් ආක්ෂ අයියා එක්ක මන් තරහෙන්නෙ හිටියේ. ගෙදර යන්න තිබුණ ආසාව නිසාම මන් ස්කෝලෙත් නොයා අයියා එක්ක ආවා.
කෝච්චියට නැගලා සීට් එකක් අල්ලගත්තට පස්සෙ අයියා ආයෙත් බැහැලා ගියේ අපි දෙන්නට කන්න මොනවහරි අරන් එන්නම් කියලා. මාත් ජනේලෙන් ඔලුව දාගෙන නොයෙක් විදියෙ මිනිස්සු එහාට මෙහාට යන හැටි බලාගෙන හිටියා.
/
YOU ARE READING
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...