තිස් පස්වැනි සිහිනය 💭

250 23 77
                                    

AN :- කලින් කොටස කියවපු නැති අය 34 කියවලා මේ කොටස කියවන්න හොදේ...

______________________________________________

කාලෙකට පස්සෙ ඇදහැළුණු අලුත් වැස්සක්.... උදෑසන වුවත් මුළු පරිසරයම අඩ අදුරෙ ගිල්වා ගනිද්දි උදේ පාන්දරම විවර කරපු ජනෙල් කවුළු අතරින් දෙතැනකට වී දෙන්නෙක් පොළව සිදුරු කරගෙන වැටෙන වැහි වතුර දිහා බලාගෙන උන්නා...වැස්සක් නැතුව පුරන් වෙලා ගිය ඒ හිත් වලට සැනසීම නම් වැහි වතුර අරගෙන ධාරාණිපාත වැස්සක් පාන්දර ඉදලම කඩා වැටෙන්න පටන් අරන් තිබුණා...

ඉතින් වැස්සකට මුළු පරිසරයම හෝදලා යවන්න පුළුවන් වගේ හිත් දෙකක තිබුණ දුක් දෝමනස්සයන් ද සෝදලා යවන ගමන් ඒ හිත් වලට අවසානයේ වස්සානය අරගෙන ඇවිත් තිබුණා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඉතින් වැස්සකට මුළු පරිසරයම හෝදලා යවන්න පුළුවන් වගේ හිත් දෙකක තිබුණ දුක් දෝමනස්සයන් ද සෝදලා යවන ගමන් ඒ හිත් වලට අවසානයේ වස්සානය අරගෙන ඇවිත් තිබුණා.....

ඉතින් වැස්සකට පුළුවන් හිත් වලට සැනසුම අරන් එන්න...

ඒ වගේම හිත් වල කැකෑරෙන හැගීම් අවුලුවන්නත් වැස්සකට පුළුවන්...

හිත් වලින් ගලාගෙන ඇවිත් ඇස් වලින් පිට දමන වේදනාවේ කදුලු සගවන්නත්..වැස්සකට පුළුවන්....

"ඉස්කෝලෙ යන්නෙ නැද්ද ඔය ජනෙල් කූරු බදාගෙන ඉන්නෙ...?"

කාමරේ ලී ජනෙල් කූරු වල එල්ලිලා මිදුල හෝදගෙන ඇදහැලෙන වැස්ස දිහා බලාගෙන උන්න සිහින ඊයෙ රාත්‍රියේ දැකපු හීනෙ ගැන හිත හිතා උන්නා....වැහි බිංදු එකින් එක පොළව සිපගන්න හැටි බලාගෙන කල්පනාවෙ ගිලිලා ඉද්දි වරුසාවේ හඩට වඩා සද්දෙන් ඇහුණ මල්ලිකාගෙ හඩට සිහින ගැස්සිලා පියවි සිහියට ආවා...

"අම්මේමේ අද සිකුරාදා..."

"ඉතින් මොකදෑ දැන් මට කරන්න කියන්නෙ?"

සිහින තවමත් ජනෙල් කූරු වල එල්ලිලා තොල් දෙක උල් කරගෙන මල්ලිකා දිහා බලන් ඉද්දි මල්ලිකා සිහින නිදා උන්න ඇදේ රෙද්ද ගසා දාලා ඇද හදන්න ගත්තා...

| අපේ යාලු පුංචි භූතයා | Ongoing..Dove le storie prendono vita. Scoprilo ora