විසි පස්වන සිහිනය 💭

304 44 54
                                    

එක දවසක අපි නුපුරුදු සුවඳක
හිත හෙමිහිට බැදුණා....
අප හමුවුණු හිනැහුනූ මතකය
සසර පුරුදු හැගුණා...
ජන්මෙන්...ජන්මේ, ඔබට හද පිදුවා...
මේ භවයේදී හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා...

තුන්.. හිතක සීතලේ..ගුලි උනු
පෙම්..කවක් තියෙනවා...කියන්න....
දිවුරන්න ආදරේ..නාමෙන්...
මා.. හැරදා....නොයන බව...
ඔබෙ සුවඳ දැනුනා...හද මගේ නිවුනා...

මේ ලොවම සැහැසි වූ වද සඳ
මා හදෙන්..වෙන් වී නොයන්න....
ආදරේ සනාථ පැතුමන්,
මතු භවෙත් හදේ රැදෙන්න.....
ඔබෙ සුවඳ දැනුනා...හද මගේ නිවුනා...

.

.

.

"ඔය ළමයින්ගෙ ගෙවල් කොහෙද පුතේ...?"

වෙලාව එකත් පහු වෙලා ඇති.....

සිහිනගෙ අම්මා එහෙම ඇහුවෙම තේව්ගෙ අම්මා ගෙනත් තියලා ගිය අතිරස දීසිය දෙවෙනි පාරටත් මගේ දිහාවට අල්ලන ගමන්... අතිරස හදලා තියෙන්නෙ සිහිනගෙ අම්මලු... වෙලාවෙ හැටියට තවත් කාගන්න බැරි උනත් නැන්දගෙ කැවිලි පට්ට රහයි හැබැයි. විශාක නම් මේ වෙද්දි දෙක තුනක්ම බඩට දාගත්තා... ඌ තේව් එක්ක කෑම කාමරේ මේසෙට වාඩි වෙලා ෆෝන් එකේ මොකක් හරි බලන ගමන් හිනා වෙවී ඉන්නවා... උට නම් මන් ගැන ගානක් නෑ. පාප මිත්‍රයා... මන් විතරක් මෙතන ගෑණු උදවිය දෙන්නෙක් අස්සෙ තනි වෙලා. අපි හිටියේ සාලෙ සෝෆා එකේ වාඩි වෙලා වට මේස සාකච්ඡාවට වගේ...

මගෙ ඇස් හෙව්වේ අර පුංචි භූතයව වෙද්දි මන් දෙතුන් පාරක්ම වටපිට බැලුවා...

'උඹේ හිත කොන්ට්‍රෝල් කරගනින් ආක්ෂ!!'

ඔව් ඔව් ඔය මගෙ හිත තමයි මට කෑ ගහන්නෙ.

මග බලපු මගෙ ඇස් වලට පොඩි විවේකයක් දෙන්න වගේ පොළොවට නොදැනෙන්න අඩි තිය තිය පඩිපෙළ බැහැලා සාලෙ දිගේ ඇවිදගෙන ආපු සිහිනගෙ කකුල් කෑම කාමරේට ඔන්න මෙන්න තියලා ඉක්මන් උනා... කෑම කාමරේ දොරෙන් ඇතුළට රිංගලා මූණ විතරක් යන්තම් පේන්න ඔලුව එළියට දාගත්ත සිහින එයා යන යන තැනට මගෙ ඇස් අරන් යන්න දගලද්දි මන් මගෙ හිතටම බනින ගමන් ඇස් දෙක තද කරලා පියාගෙන බිම බලාගත්තා... තවමත් සිහිනගෙ ඇස් තිබුණෙ එයාගෙ අම්මගෙ ගාව උනත් මගේ ඇස් නම් නැන්දලා දෙන්නට හොරා දෙතුන් පාර සිහින දිහාවට හැරුණා... මෙච්චර වෙලා අනික් අයගෙ කතා අතරෙ කෑම කාමරේ දොරෙන් යන්තම් බෝල ඇස් දෙක විතරක් එළියට දාගෙන අපේ කතාව දිහා බලන් ඉන්න සිහින දිහා කාගෙත් ඇස් වලින් වහන් වෙලා සැරින් සැරේ බැල්ම දාගෙන හිටපු මගෙ අවධානය බිදිලා ගියේ සිහිනගෙ අම්මාගෙ කටහඬට...

| අපේ යාලු පුංචි භූතයා | Ongoing..Where stories live. Discover now