අලුත් දවසක් උදා වෙලා තිබුණ සූරිය බණ්ඩාර වලව්ව පුරා අද සේවකයො එහෙ මෙහෙ කලබලෙන් දුව ඇවිදින අයුරු දැකගන්න පුළුවන් උනා. උදේ නවයට පමණ ලොකු හාමු රැගත් කාරය වලව්වෙන් පිට වෙලා යද්දි වලව්වේ පොඩි බේබිගේ කාමරය තුළ තිබුණෙ වෙනමම තත්ත්වයක්. උදේම අවදි වෙලා ලොකු හාමුගෙ කීමට හොඳ ඇදුමකින් සැරසුනත් මොකද සිහිනගෙ ඇදුම් දෙකත් පරිස්සමට මල්ලක දාගත්ත ආක්ෂ වලව්වේ සේවකයොත් මගඇරලා මුළුතැන්ගෙට වෙලා දවල් කෑම සකස් කරන කුමාරිහාමිට හොරා වලව්වෙන් පැනගන්න උත්සාහයක හිටියා.
තමන්ගෙ කාමරෙන් ඔලුව එළියට දාලා කිසිවෙකුත් පේන්න නොහිටිය නිසා ලොකු හුස්මක් වා තලයට මුදා හැරපු ආක්ෂ කාමරෙන් එළියට පැනගත්තා. ක්‍රියාදාම චිත්‍රපටියක මෙන් වලව් පොළවටත් නොදැනෙන්න හැන්ගි හැන්ගි ඇවිදන් ආව ආක්ෂ තම පිටුපස මග හොඳට නිරීක්ෂණය කරමින් ආවේ කොයි මොහොතක හෝ කුමාරිහාමි මතු උනොත් කියලා.
"කොහෙද මේ පුංචි මහත්තයා හොර ගමන් යන්නෙ"
පිටුපස බලාගෙන ආව ආක්ෂ බලාපොරොත්තු නොවුන විදියට තමන්ට ඉදිරියෙන් උන්න කෙනාගෙ සිරුරේ වැදිලා තරමක් පිටුපසට තල්ලු වෙද්දි ඇහුණ කටහඬට මොහොතකට ගල් ගැහිලා වගේ බලන් හිටියේ මුළුතැන්ගේ හිටපු කුමාරිහාමි කොහොමද ඉස්සරහින් මතු උනේ කියලා වෙන්නැති. තම අතේ තිබුණ බෑගයත් පිටුපසට කරලා අල්ලගත්ත ආක්ෂ කුමාරිහාමි දිහා එක එල්ලේ බලාගෙන හිටියත් ඒ හිත ඇතුළෙන් කියන්න බොරුවක් හිතන ගමන් තමයි උන්නෙ.
ආක්ෂගෙන් පිළිතුරක් නැති තැන දැඩි පෙනුමකින් කුමාරිහාමි ආක්ෂ දිහා බලන් ඉද්දි වටපිට බලපු ආක්ෂ හැදුවේ කුමාරිහාමිගෙ කතාව මගඇරලා එළියට යන්න.
"මොනවද ඔය හන්ගගෙන යන්නෙ?"
කුමාරිහාමි එහෙම අහද්දි ආක්ෂ යටි තොල හපාගත්තෙ ඊයෙ දොළේ නාන්න ගිය වගක් කුමාරිහාමි නොදැන උන්න බව මතක් වෙලා.
"ආ මේ ඇඳුම්...ඔව් ඇඳුම්."
"කාගෙද ??"
"සිහිනගෙ ඇඳුමක් අමතක වෙලා මන් අරන් ඇවිල්ලා. ඒක දීලා එන්නම්"
YOU ARE READING
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...