වර්තමානය ────
"එක්තරා මූසල රාත්‍රියක කිසිවෙකුගේ වාසයක් නොමැති ගම කෙලවරක වෙන්න පිහිටි කැලෑව දෙසින් ඇසුනේ පුංචි කොල්ලෙකුගේ වේදනාබර කෑ ගැසීමක්..
: කවුද උඹලා...එයාගෙන් ඈත් වෙලා ඉන්නවා!!!
: පොඩි බේබි පැත්තකට වෙලා ඉන්න.
: උඹලා කොහොමද මාව දන්නෙ....උඹලට මොනවද ඕන..
: හහ් හහ් හා.......
: නෑ. එපා.... ආආආහ්හ්හ්!!........"
කෑ ගහගෙන ඇහැරුණු මන් වේගෙන් ගැහෙන පපුවට අත තියාගත්තෙ ගැහෙන වේගෙට දැන් එළියට පනී දැන් පනී කියල දැණුන තරම් හදගැස්මෙ වේගේ මටම පාලනයක් නැති වුණ නිසා.
: ඒක හීනයක්..ඔව්..මං දැක්කේ හීනයක් ද එතකොට. මොකක්ද ඒ වුණේ.....ආආඅහ්හ්හ්.
ඇදෙන් එළියට ඇදිලා ලෑම්ප් එක ඔන් කරගත්ත මන් වෙලාව බැලුවම පාන්දර 4.30 ට වත් නෑ. එහෙමම ඇද උඩටම වෙලා කල්පනාවට වැටුණෙ තවමත් ඒක හීනයක් ද නැද්ද කියල තිබුණ අවිශ්වාසෙට. "කවුද උන්...එතකොට කවුද ඒ පොඩි කොල්ලා...කොහෙද මන් ඒ හිටියේ..." එකකට එකක් වෙනස් ප්‍රශ්න කෝටියක් මගෙ ඔලුවෙ වැඩ කරද්දි අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්ත මන් කෑ ගැහුවේ උදේ පාන්දරම නින්ද කැඩුන තරහට වගේම දැකපු විකාර හීනෙ නිසා....වෙලාවට කාමරේ දොර වහලා තිබුණ නිසා මගෙ කටේ සද්දෙ පහළට නම් ඇහෙන්නෙ නැතුවැති...හිතාගන්න බැරි විදියට දැකපු හීනේ මගෙ මුලු හිතම වෙලාගෙන තිබුණේ ඒක හීනයක් විතරයි කියලා නොහිතෙන තරමට....
: මෙන්න අම්මා...ලෝක පුදුමයක්... මෙයා අද කලින් ඇහැරිලා....
කල්පනාවෙ තරම කොච්චර ද කියනවා නම් මන් මේ ලෝකෙට ආවේ නංගිගේ කෑගැහිල්ලට. ඒක කෑ ගැහිල්ලක් නම් තව හොඳයි. ශීත කාලෙට නින්දෙ ඉන්න වලස්සු පවා ඇහැරවන්න පුළුවන් ඒ කෑගැහිල්ලට. වෙලාවට එච්චර හයියෙන් හිතුවේ නැත්තේ. නැත්නම් අදත් පාන්දරම වලියක්.
: යනවා යන්න සිතූ...
කියල ලඟ තිබ්බ කොට්ටෙ විසික් කරලා ඒකිට ගහපු මං ඇඳේ කොනක ගුලි ගැහිලා තිබුන ඊයේ රෑ පොරවපු බෙඩ්ෂීට් එක ඔළුවේ ඉඳන් ආයෙ පොරවගෙන ගුලිවුණේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ හීනයක් නිසා බය වෙලා හිටපු මාව තවත් පාරක් ගැස්සිලා ගිය තරහට නම් නෙමෙයි ඔන්න.
YOU ARE READING
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...