ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා..සිහින වල මිස හිනාවක හැඩ
නොදුටු මගේ රෝස කුමාරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී.......එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී........ගැහෙන පපුවට කන් දිදී හෙට
මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා.......එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී..
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී........****
නුවර අහසට පායලා තිබුණ ලා හිරු කිරණ අලුත් දවසක ආරම්භය කියද්දි පුරුදු විදියටම වෙල් යාය මැද්දෙ හිනැහෙන ඇහැළ ගස් හෙවණ හොයාගෙන පුංචි කොල්ලෙක් අදත් පාන්දරම එළි බැහැල තිබ්බා. වලව්වේ පොඩි බේබ් උන ආක්ෂගේ හිත හෙව්වේ ඇහැළ සෙවණ විතරමද කියලා දැනගෙන හිටියෙත් ආක්ෂගෙ හිතම තමයි.. තණ පිස්සේ වාඩි වෙලා ඇහැළ සෙවණේ ඉදගෙන හිටපු ආක්ෂ වෙනදා වගේම සිහින එනකන් බලාගෙන හිටියත් වෙනද වගේ අද ඒ අත් අතර රැදුණ පොතනම් තිබුණේ නෑ. ඒ වෙනුවට අද ඒ අත් අතර රැදිලා තිබුණේ රත්තරන් මාලයක්...
"ඒ මොකක්ද ඒ..?"
තමන්ගේ කරේ තිබුණ ඒ මාලේ පෙන්ඩන්ට් එක අත් අතර රැදිලා තියෙද්දි ඒ දිහා බලාගෙන හිටපු ආක්ෂ තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණ හුරුපුරුදු උනත් එකවර ඇහුණ කටහඬ නිසා යන්තම් ගැස්සිලා ගියා..දවස් ගණනක්ම මේ විදියට විටින් විට හමු උන පොඩි කොල්ලො දෙන්නා මේ වෙද්දි හොඳ යාලුවෝ වෙලා හිටියා....වෙල් යායේ දුවන්න, මාලු පැටව් බලන්න, ඇහැළ හෙවණේ වාඩි වෙලා සිහිනගෙ පුංචි පුංචි කතා අහගෙන ඉන්න, අත් අල්ලන් ගම වටේ ඇවිදින එක වගේ පුංචි පුංචි වැඩ වලින් පොඩි කොල්ලො දෙන්නගේ කාලය ගෙවිලා ගියේ ඒ පුංචි හිත් දෙකේ දෙන්නටම දෙන්නා වෙනුවෙන් ලොකු ඉඩක් වෙන් වෙද්දි....ඒ හැම දවසකම සිහින එක්ක දවස ගත කරලා ලොකු හාමු වලව්වට එන්න කලින් ගෙදර දුවන ආක්ෂ ඒ හැමදේටම කලියෙන් පුංචි සිහිනව පරිස්සමින් ගෙදරට ඇරලවන්නත් අමතක කරේ නෑ.
ВЫ ЧИТАЕТЕ
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Документальная проза| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...