Chapter 37

1.1K 135 43
                                    

Jungkook p.o.v

මමයි හෝසොකුයි තව පොලීසියේ තුන් දෙනෙකුයි ඔම්මා දීපූ ඇඩ්‍රස් එකට ආවා...ඒක පාලු පාරක කොනට වෙන්න තිබුන ගරාවැටුනු තට්ටු හයක විතර පරණ බිල්ඩින් එකක්...අපි කාර් දෙක බිල්ඩින් එකට ටිකක් එහායින් නවත්තලා පරණ වෙලා තිබුනු ගේට් එක ඇරගෙන ඇතුලට ආවා...බිල්ඩින් එක ඇතුලට යන්න කලින් ඔෆිසර්ලා තුන් දෙනයි හෝසොකුයි එයාලගේ ගන්ස් ලෝඩ් කර ගනිද්දි මාත් හෝසොල් දීපු පිස්ටල් එක ලෝඩ් කර ගත්තා...

"ඔය දෙන්නා මේ පැත්තෙන් යන්න...ඔයා වටෙන් ගිහින් බලන්න...එයාලව දැක්කොත් මට සිග්නල් එකක් දෙන්න.."

අපි පස් දෙනා බිල්ඩින් එක ඇතුලට ඇවිත් තුන් වෙනි තට්ටුවට වෙනකන් ගියත් අඩුම අප්පගේ සපත්තුව ලෙව කන බල්ලෙක්වත් ආරක්ෂාවට හිටියේ නෑ..අනිත් ෆ්ලෝ වලට වඩා තුන් වෙනි තට්ටුව ටිකක් ලොකුයි.ඒක දකුණටයි ඉස්සරහාටයි පැති වලට බෙදලා තිබුන නිසා හෝසොක් ඔෆිස'ලා දෙන්නෙක්ව දකුණු පැත්තට යැව්වා වගේම එක ඔෆිසර් කෙනෙක්ව තුන්වෙනි තට්ටුවේම තිබුන තවත් පැත්තකට යැව්වා...

"ඇයි හොස්පිටල් එකට ගියේ..."

"........"

"ම්ම්...මන් එනකන් ගෙදරට වෙලා ඉන්නවා...ආයේ මන් නැතුව ගමන් යන්න තියා ගන්න එපා..."

මායි හෝසොකුයි ටිකක් ඉස්සරහාට ඇවිදන් යද්දි අප්පගේ කටහඩ ඇහුන නිසා අපි දෙන්නා එයාට පෙන්නේ නැති වෙන්න පඩිපෙල යට හැංගුනා...මන් හිතන්නේ එයා ඔම්මා එක්ක කතා කරන්නේ...අද එයාට කියන්නෙ නැතුව මාව බලන්න හොස්පිටල් ආපු එකට බනිනවද කොහිද?..මන් වටපිට බැලුවත් ටේවත් සූවත් එතන හිටියේ නෑ...

"බොස් අර ළමයා අඩන එක නතර කරන්නෙ නෑනේ..."

"ශිට් පුදුම කරුමයක්...ඉක්මනට ඔය ලබ්බේ ඩොකියුමන්ට්ස් ටික ආවට පස්සේ අරූගෙන් සයින් එකයි පොඩි එකීගෙන් ෆින්ගර්පෙන්ට් එකයි අරන් දෙන්නවම ඉවරයක් කරලා දාපන්..."

අප්පා කෝල් එක ඉවර වෙලා යන්න යද්දිම එයාගේ ගෝලයෙක් ඇවිත් princess අඩනවා කියද්දි අප්පා ඊලගට කියපු දේ එක්ක මන් හෝසොක්ගේ අතේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ල ගත්තා...ඒ කියන්නේ අප්පා සේරම දැනගෙන...මන් මගේ මහන්සියෙන් හම්බ කරපු දේපල වලින් බාගයක් සූගේ නමටයි ටේගේ නමටයි ලියලා තිබ්බේ...ඉතුරු බාගේ අපේ එන්න ඉන්න පැටියට...මේ ගැන ටේවත් දැනන් හිටියේ නෑ..ඒත් අප්පා කොහොමද දැන ගත්තේ...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 24 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now