Chapter 36

855 142 19
                                    

No one pov

දින දෙකකට පසු...

"තාම විස්තරයක් නැද්ද ඔෆිසර්"

යුන්ගි හෝසොක් ගෙන් අහද්දි හොසොක් ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියලා කියන්න..ටේහ්‍යුන්ග් වගේම සූ අතුරුදහන් වෙලා දැනට දවස් දෙකක් වෙනවා..මීට දවස් දෙකකට කලින් ජංකුක්ගේ පෝන් එකට ආපූ මැසේජ් එකේ තිබුනේ පුටුවක ගැටගහලා ඉන්න ටේහ්‍යුන්ගෙයි සූගෙයි පොටෝ එකක්...ජංකුක් ඉක්මනින් කාර් එකත් අරන් ගියේ හෝසොක් ගේ ඔෆිස් එකට.එයාලා නම්බර් එක ට්‍රැක් කරලා ඉන්න තැන හොයා ගන්න හැදුවත් ඒ වෙනකොටත් ඒ සිම් එක වැඩ කරේ නෑ...

යුන්ගි හෝසොක් කොච්චර කිව්වත් අහපු නැති ජංකුක් මේ දවස් දෙකේම කරේ හරියට කෑමක් බීමක් නැතුව උදේ ඉදන් රෑ වෙනකන්ම සෝල් නගරෙ පුරාම ඇවිදිමින් ටේහ්‍යුන්ග් වයි සූවයි හොයපු එක...අන්තිමට බලන්න තැනක් නැති උනාට පස්සේ රෑ එලිවෙනකන් බොන්න පුරුදු උන එක...හෝසොක් රූම් එකෙන් එලියට ගියාට පස්සේ යුන්ගි හොස්පිටල් ඇදේ නිදන් ඉන්න ජංකුක් දිහා බලලා හුස්මක් පහත දැම්මා...ඇගට කිසි ශක්තියක් නැති නිසා එයා ඊයේ හවස ෆෙන්ට් උනා...

"යුන්ගි..."

"ඔහ්...මිසිස් ජියොන් එන්න..."

ජංකුක් දිහා බලන් හිටපු යුන්ගි රූම් එක දොර දිහාවට ඇරුනේ සද්දයක් ඇහුන නිසා...ඒ ඇවිත් හිටියේ මිසිස් ජියොන්..‍යුන්ගි මුලින්ම පුදුම උනත් ලාවට හිනාවෙලා ජංකුක්ගේ ඇද ගාවින් ටිකක් එහාට උනා...මිසිස් ජියොන් එතන තිබ්බ පුටුවෙන් වාඩි වෙලා බෙහෙත් නිසා නින්ද ගිහින් ඉන්න ජංකුක්ගේ ඔලුව අතගෑවා...

"ජංකුක් දැන්ද නිදා ගත්තේ..."

"නිදා ගත්තා නෙවෙයි නිදි කෙරෙව්වා"

ජංකුක් දිහා බලන් හිටපු මිසිස් ජියොන් කලකිරීමෙන් හුස්මක් පහත දාලා ජංකුක්ගේ ඔලුව අතගාන ගමන් ඒ මහන්සි පාට මුහුණ දිහා බලන් හිටියා..

"ම්හ්ම්..ට්-ටේ.."

නින්දෙන්ම කෙදිරිගාපු ජංකුක් ටේහ්‍යුන්ගේ නම මුමුණලා ආපොහු නිදා ගන්න ගියත් මීට දවස් දෙකක ඉදන් සිද්ද උන දේවල් මතක් වෙලා ඉක්මනින් ඇස් දෙක ඇරියා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now