"ට්-ටේ..කෝ යුන්ගියා මගේ ම..මැණික..ප්..ප්‍රින්සස් "

"හෝව්ව්...සන්සුන් වෙයන් බන් දගලන්න එපා සේලයින් කටුව ඇනෙයි..."

කලබලෙන් ඇදෙන් නැගිටින්න ගිය ජංකුක්ව යුන්ගි පරිස්සමට ඇද වට්ටමට හේත්තු කරා..

"මන් යන්න ඕනේ බන්...එ-එයාලා මන් එනකන් බ්-බලන් ඇති..."

"කලබල වෙන්න එපා ජංකුක්.හොසොක් මෙච්චර වෙලා ඉදලා දැන් ගියෙත් එයාලා ගැන හොයන්න තමයි..."

"ඔහ් ඔම්මා..."

ජංකුක් දැනුයි එයාගේ ඔම්මව දැක්කේ...ජංකුක් එයාගේ ඔම්මට කතා කරද්දි මිසිස් ජියොන් ලාවට හිනාවෙලා ජංකුක්ගේ අතින් ඇල්ලුවා...

"මචන් මන් එලියෙන් ඉන්නම්..."

ඔම්මටයි පුතාටයි කතා කරන්න ඉඩ දීලා යුන්ගි රූම් එකෙන් එලියට යද්දි ජංකුක්ගේ ඔම්මා ජංකුක් දිහාම බලන් හිටියා...

"ඔයාට මොනාහරි කියන්න ඕනෙද ඔම්මා"

"ඔ-ඔයා ඇත්තටම ටේහ්‍යුන්ග් ට ආදරෙයිද?"

"ප්ලීස් ඔම්මා විකාර ප්‍රශ්න අහන්නෙ නැතුව කියන්න තියන දෙයක් කියන්න...මගේ ඔලුව පුපුරන්න වගේ..."

"ප්-පුතා ම්...මන් දන්නවා එයාලා ඉන්න තැන.."

මිසිස් ජියොන් කියපු දෙයත් එක්ක ක්ශනිකයෙන් ජංකුක්ගේ ඇස් වල කදුලු පිරුණා...එයා මිසිස් ජියොන්ගේ අත් දෙක අල්ල ගත්තා...

"ඔ..ඔම්මා ම්..මගේ මැණිකයි ප්..ප්‍රින්සස් ඉන්න තැන ක්...කියන්නකෝ"

ජංකුක් ඉකි ගගහා අඩද්දි මිසිසි ජියොන් ජංකුක්ව තුරුල් කර ගත්තා...

"ම්...මට එතන හරියටම කියන්න බෑ..ඒත් මන් ඇඩ්‍රස් එක අරන් ආවේ..."

"යුන්ගී!! ඕයි හු#තෝ වරෙන් ඇතුලට!"

මිසිස් ජියොන් ඇඩ්‍රස් එක තියනවා කියලා කියද්දි ඉන්නේ කොහිද කියලත් අමතක උන ජංකුක් යුන්ගිට කතා කරා...

"මොකද හු...යකෝ නරක වචන කියන්නේ"

රූම් එකට ආපු යුන්ගි කියන්න ආපු එක ගිලගත්තේ මිසිස් ජියොන් හිටපු නිසා...අපේ හොද පුතා යුන්ගි ජංකුක් ගාවින් ඇවිත් හිට ගත්තා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now