"මන් ඇහුවා ඇයි ඔයා දැන්ම ආවේ කියලා මොකද එයා අපේ අප්පට කියලා ගියේ එහේ වැඩ ඉවර වෙන්න අඩුම අවුරුද්දක් වත් යයි කියලා...මගේ අප්පා එයාට කෝල් කරලා කියලා එයා මාව මැරි කරේ නැත්තන් මාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා කියලා..ඉතින් මන් මිස්ටර් ජියොන්ට කිව්වා මන් ප්‍රෙග්නට් වගේම මට එයාගේ ලමයව නැති කරන්න බෑ කියලා.මන් හිතුවා එතකොටවත් මිස්ටර් ජියොන් මේ marriage එකට අකැමති වෙයි කියලා ඒත් එයා කිව්වේ මන් හිතුවෙවත් නැති දෙයක්..'මන් ළමයත් එක්කම ඔයාව බාර ගන්න කැමතියි'."

"ඉතින් ඔම්මා එච්චර ආදරේ කරපු ලමයව මරන්න තරම් එයා කෝමද හිත හදා ගත්තේ..."

"සල්ලි වලට බලයට පෙරේත මිනිස්සුන්ට තමන් ආදරේ කරපු උන්ව පේන්න ගන්නෙත් හතුරො වගේ පුතා..."

ඔම්මා කියද්දි මන් එයා දිහා බැලුවේ ඒ කියපු කතාවේ තේරුම මොකක්ද කියලා අහන්න වගේ.

"අන්තිමට අපි දෙන්නා මැරි කරා..ඒත් එයා මගේ අප්පට කිව්වේ නෑ මන් ප්‍රෙග්නට් කියලා...කාලය ගත වෙලා ගියා.එයා junghyun ට ආදරේ කරේ එයාගෙම පුතෙක්ට වගේ...junghyun ට අවුරුදු හතරක් වෙද්දි ඔයා ඉපදෙන්න හිටියා.මන් බය උනා ඔයා නිසා එයා junghyun ට තියන ආදරේ අඩු වෙයිද කියලා..ඒත් ඒක ඒම උනේ නෑ ඔය දෙන්නා ලොකු වෙනකන්ම ඒ ආදරේ කිසි වෙනසක් නැතුව ඔය දෙන්නටම සමානව දුන්නා..."

"ඔයාට මතකද ඔයා යුනි යන කාලේ හියුන්ග් අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තා.."

"නැතුව ඉතින් මන් මේ කරන් යන්නෙත් එයාගේ කම්පැනි එකනේ.."

"එයා ඔය බිස්නස් එක පොඩියට පටන් ගත්තත් අවුරුදු දෙකකින් විතර එයා ලොකු තැනකට ආවා..ඔයාට මතකනේ ඉස්සර ඒකේ නම JJK Corporation නෙවෙයි.ඒකේ නම JSA Corporation.."

ඔම්මා කියද්දි මන් ඔව් කියන්න ඔලුව වැනුවා... JSA Corporation කියන්නේ Junghyun, Sooha and Ara කියන නම් වල මුල් අකුරු අරන් දාපු නේම් එක...මන් ම තමයි ඔය නේම් එක හියුන්ග්ට කිව්වේ...

"මීට අවුරුදු දෙකකට කලින් aword Ceremony එකක් තිබුනා..ඒ කාලේ ඔයා හිටියේ ඕස්ට්‍රේලියා වල..ඒ aword ceremony එකේ Businessman of the year aword එකට ඔයාගේ හියුන්ගේ කම්පැනි එක වගේම අප්පගේ කම්පැනි එකත් nominate උනා...ඉතින් එදා මායි අප්පයි වගේම junghyun එයාගේ වයිෆ් ළමයා එක්ක මේකට ආවා...කෝමහරි Businessman Of The Year aword එක හම්බ උනේ හියුන්ග්ට..."

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now