"ඒක පොසිටිව් නේ..ඔයා ප්‍රෙග්නට් නේද මැණික..."

"ඔයාම බලන්නකෝ"

මන් කියන්නත් කලින් එයා පොඩි ලමයෙක් වගේ මගේ අත් දෙක අල්ලන් එක දිහට ප්‍රශ්න කරද්දි මන් හිනාවෙලා එයාගේ අතින් ස්ටික් එක තිබ්බා..ටිකක් වෙලා ඒක දිහා බලන් හිටපු එයා මාව තද කරලා බදගත්තේ මාත් හිනාවෙන ගමන් එයාව ආපිට බදාගත්තා...

"ම්...මට සතුටුයි..දෙයියනේ මට ගොඩක් සතුටුයි මැණික...ත්...තැන්ක්ව් මාව අප්පා කෙනෙක් කරාට"

එයා මගේ බෙල්ල පාමුල මූණ තදකරගෙන හුස්මක්වත් නොගෙන එක දිහට කියවගෙන යද්දි මට ටිකක් සද්දෙන් හිනා ගියා...මගේ මනුස්සයා හරි හුරතල් නේ අප්පා...මගේ හිනාව අඩු උනේ මගේ බෙල්ලට දැනුන තෙත ගතිය නිසා...දෙයියනේ මෙයා අඩනවද?

"කූ ඔයා ඔය අඩනවද?"

"ම්...මන් අඩන්නේ නෑ"

මන් අහද්දි එයා නහයත් උඩට අදින ගමන් අඩන්නේ නෑ කියලා කියද්දි මට ආපොහු හිනා ගියා..එයාට ඇති වෙනකන් අඩන්න දීලා මන් එයාගේ පිට අතගාමින් හිටියා...විනාඩි පහලවකට පස්සේ එයා මගෙන් ඈත් වෙද්දි මන් ඒ මූණ දිහා බැලුවා..අඩලම ඒ ඇස් දෙක රතු වෙලා.ඇස් විතරද කම්මුල් දෙක නහය පවා රතු වෙලා.

"මගේ චූටි බබා අඩලා ඉවරද?"

මන් අහද්දි එයා හිනාවෙලා මාවත් ඇදගෙන අපේ ඇද ගාවට ආවා..එයා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මාව උකුලට ගන්න ගමන් මගේ කම්මුලට හාදුවක් දෙද්දි මන් හිනාවෙලා එයාගේ බෙල්ල වටේට මගේ අත් දෙක ඔතා ගත්තා.

"එයා ඇවිත් කොච්චර දවස් ද දන්නෙ නෑනේ"

"ම්ම්...සමහරවිට සති දෙකක් වගේ වෙන්න ඇති.."

මගේ කුස මත තියන එයාගේ අත උඩින් මගේ අත තියන ගමන් කියද්දි එයා මාත් එක්ක හිනාවෙලා මගේ පපුවෙන් මූන තියා ගත්තා..මන් එයාගේ කෙහෙරැලි අතරින් ඇගිලි යවන ගමන් ඒ හිස් මුදුනට හාදුවක් දුන්නා.

"හියුන්ග්..."

"ම්ම්..."

"සූව ගේන්න කියන්නකෝ"

මන් තොල් දෙකත් උල් කරන් කියද්දි එයා මගේ පපුවෙන් ඔලුව අරන් මගේ තොල් වලට චූටි කිස් එකක් දීලා යුන්ගිට කෝල් එකක් ගත්තා...මට ඇදට වෙලා ඉන්න බෑමයි කියලා එයත් එක්ක එකට එක කියන්න ගිහින් රිදෙන්නම ටොක්කුත් කාලා එයාගේ රැවිලි එක්කම මන් පහලට ආවා.ඒම ඇදට වෙලාම ඉන්න පුලුවන්ද අනේ මෙයාගෙත් විකාර...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now