"බ්වෑක්.."

"හැමදේම හරි ම්ම්.."

වමනෙ කරලා ඉවර වෙද්දි බඩ පපුව දැවිල්ල ගත්ත නිසා මන් කදුලු පුරවගෙන ජංකුක් දිහා බැලුවා..එයා මගේ මූන හෝදවලා මාව වඩාගෙන ඇදට ආවේ මට කෙලින් ඉන්නවත් පනක් තිබ්බෙ නැති නිසා...ජංකුක් මාව එයාගේ උකුලට අරන් ඔලුව අතගැහුවේ මන් ඒ පපුවට මූණ තදකරගෙන ඇස් දෙක වහා ගත්තා.

"හෙලෝ ඩොක්ටර් කිම්.."

"මගේ හස්බන්ඩ්ට ටිකක් සනීප මදී.අද ඩොක්ටර් ඉන්නවද?"

"ඕකේ මන් හතර වෙද්දි එන්නම් තැන්කිව් ඩොක්ටර්"

ජංකුක් මාව එක අතකින් තුරුල් කරන් ඩොක්ටර් කිම් එක්ක කෝල් එකක් හිටියේ.එයාගෙන් තමයි ඉස්සර ජංකුක්ගේ නූනා හියුන්ග් ඒම අසනීප උනාම බෙහෙත් අරන් තියෙන්නේ හරියට නිකන් එයා අපේ ෆැමිලි ඩොක්ටර් වගේ..හරිනේ දැන් මෙයා මාව හොස්පිටල් අරන් යයි...අනේ මට තිත්ත බෙහෙත් බොන්න බෑ අප්පා..ඩොක්ටර් එක්ක කතා කරලා පැණි ඉල්ල ගන්න ඕනේ පෙති බොන්න බෑ ඊව්ව්...

"ඇහුනනේ princess ව ජිමින්ලගේ ගෙදර දාලා හතර වෙද්දි අපි යනවා.."

"මට එච්චර අමාරු නෑනේ හියුන්ග්"

"ඔව් ඔව් මන් දැක්කනේ ඒක..කවදා ඉදන්ද කියන්නේ බෙහෙත් ටිකක් ගන්න යමු කියලා.පන්ඩිත කම වැඩියිනේ."

"මමා~ ත්..තූවත්..ගන්නතෝ..."

මන් ජංකුක්ට තුරුල් වෙලා ඉද්දි සූ අපි ලගට ඇවිත් එයාවත් ගන්න කියද්දි ජංකුක් හිනාවෙලා කෙල්ලව මගේ උකුලෙන් තිබ්බා..මාත් සූගේ බෝල කම්මුලට හාදුවක් දීලා කෙල්ලව තුරුල් කර ගත්තා.ජංකුක් අපි දෙන්නවම තුරුල් කරන් ලොකු හුස්මක් පහත දානවා මට තේරුනා...

"මමා ඉක්මනින් ගිහින් එන්නම් හරිද..වූබින් එක්ක දග නොකර ඉන්න ඕනේ හොදේ"

"හලී...ම්..මමා ඉත්මනත එන්න හොදේ..."

අපි තුන්දෙනාම තුනහමාර වෙද්දි ලෑස්ති වෙලා මුලින්ම ජිමිනිලාගෙ ගෙදර ගියේ සූව එයාලට දීලා යන්න...මන් සූව ජිමින්ගේ අතින් තියලා කෙල්ලට දග කරන්න එපා කියද්දි කෙල්ලත් මන් කියපු තාලෙටම ඇදලා පැදලා කියලද්දි මට විතරක් නෙවෙයි ජංකුක් යුන්ගි හියුන්ග් ජිමිනි තුන් දෙනාටත් හිනා..මන් සූටයි වූබින්ටයි කිස් එක ගානේ දීලා හැමෝටම ගිහින් එන්නම් කියලා අපි දෙන්නා කා' එකට නැග්ගා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now