"කෑම එක කා' එකෙන් තිබ්බා ඔක්කොම කන්න ඕනේ හරිද?.පරිස්සමින් ගිහින් එන්න මන් බලන් ඉන්නවා.."

"ඔයත් පරිස්සමින්..දොර අරින්න කලින් බලලා අරින්න හරිද?එද්දි මොනාහරි ගේන්න ඕනේද?"

"හුම්...චිප්ස් පැකට් තුනක් විතර ගේනවද අර චීස් රස තියන එක"

එයා අහද්දි මන් ඇස් දෙකත් බෝල කරන් හුරතල් විදිහට එයාට කිවුවේ එයා මන් දිහා වශියක් කාලා වගේ බලන් ඉද්දි...හුරතල් නොවී බෑ නැත්තන් මේ ලෝබ මනුස්සයා මට ගෙනත් දෙන්නේ නෑ..

"මගෙන් පස්ස පුපුරන්න කන්න තමයි ඔය..ඕම කඩචෝරු කන්න එපා ළමයෝ..."

"හුම් ඕනේ නෑ..."

"හරි හරි ගෙනත් දෙන්නම් හැබැයි අද විතරයි."

එයා මට ටිකක් සැරෙන් කඩචෝරු කරන්න එපා කියද්දි මන් මූණත් දෙක කරන් ඕනේ නෑ කියද්දි මගේ නහය මිරිකලා අද විතරක් ගෙනත් දෙන්නම් කියලා හිනාවෙද්දි මන් එයාව බදා ගත්තා...

"මන් ආදරෙයි හොදේ..."

"කපටිම නෑනේ...ම්ම් මාත් ආදරෙයි."

එයා මගේ ඔලුව අතගාලා හිස් මුදුනට හාදුවක් තියද්දි මාත් ඒ පළල් පපුවට හාදුවක් තියලා ලෝබකමින් එයාගෙන් ඈත් උනා...එයාගේ කා' එක ගේට් එකෙන් එලියට යනකන්ම බලන් ඉදලා මන් දොරවලුත් වහලා කුස්සියට ආවේ සූගේ කිරි එක හදන්න..

"මමා මේ ල්..ලත්තනයිනෙ~"

"ඒකනේ මගේ කෙල්ල දක්ෂයි"

උදේ කිරි එක පොවලා ඒම්මම පොඩ්ඩිවත් හෝදවලා මාත් වොශ් එකක් දාගෙන අපි දෙන්නම පහලට ආවා...කෙල්ලට උදේට කවලා සාලේ බිමට එයාගේ මැට් එක දාලා එයාව එතනින් ඉන්දව්වේ ජංකුක් ගෙනත් දීපූ පාට කරන පොතුයි පාට චෝක්ස් ටිකයි සූ ලගින් තියන ගමන්...

සූ චිත්‍ර පාට කරනකන් මන් එයා ලගින්ම වාඩි වෙලා කෑම එක කෑවා...මාත් කාලා ඉවර වෙලා කෙල්ලත් එක්ක ටිකක් සෙල්ලම් කර කර ඉද්දි වෙලාව දවල් එකත් පහු වෙලා තිබ්බා...

"මැණික අපි ගාඩ්න් එකේ තියන මල් පැල බලන්න යමුද?"

"යමුතෝ..."

මන් කෙල්ලගෙන් අහද්දි කෙල්ල හා කිවුවම මන් කෙල්ලවත් වඩාගෙන එලියට ආවා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now