"බබා...අපි දෙන්නට කන්..."

ජංකුක් කෑම පාර්සල් එකත් අරන් ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙලා කතා කරන ගමන් මන් දිහා බලද්දි සූ කරන වැඩේ දැකලා ජංකුක්ගේ මූණ ඇඹුල් උනා...මන් ලාවට හිනාවෙලා සූගේ පස්සට තට්ටු කරන ගමන් දෙපැත්තට වැනුනා.

"මැණික!..."

"මොකද හියුන්ග් කෑ ගහන්නේ"

"ම්...මුකුත් නෑ"

බොරුවට කෑ ගහපු ජංකුක් ආපොහු මුකුත් නෑ කියලා කෑම පාර්සල් එක බැක් සීට් එකෙන් තියලා කා' එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.

"මොනාද කූ ගෙනාවේ"

"ම්ම්...ස්පැගටි කනවනේ"

"ඕ.."

ටිකකින් ජංකුක් වාහනේ ගේ ගාවින් නවත්තලා ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැලා ඇවිත් මගේ පැත්තේ දොර ඇරියා...

"නින්ද ගිහින්ද?"

"ඔව්...නැගිට්ටම කවලා බෙහෙත් ටික දෙමු"

මන් නිදාගෙන ඉන්න සූවත් හරහට වඩාගෙන ගේ ඇතුලට යද්දි ජංකුක් බෙහෙත් ටිකයි කෑම එකයි අරන් මගේ පස්සෙන් ආවා.

"කූ මන් වොශ් එකක් දාන් එන්නම්"

අපේ රූම් එකට ඇවිත් සූව ඇදෙන් තියලා බැල්කෙනි එකට වෙලා කෝල් එකක ඉන්න ජංකුක්ට කිවුවම එයා ඔලුව වනලා ආපොහු කෝල් එකට අවදානය දුන්නා....මන් වොශ් එකක් දාගෙන සැහැල්ලු ඇදුමක් ඇදන් බාතෲම් එකෙන් එලියට එද්දිත් ජංකුක් හිටියේ කෝල් එකක...

"මන් උබට පස්සේ කෝල් එකක් ගන්නම්"

මන් ඇරලා තිබ්බ බැල්කෙනි එකේ දොරත් වහගෙන එයාව පිටිපස්සෙන් තුරුල් කර ගනිද්දි එයා කෝල් එක කට් කරලා මාව එයාගේ ඉස්සරහට ගත්තා...

"මොකක්හරි ප්‍රශ්නයක්ද කූ..."

"ලොකු දෙයක් නෙවෙයි ඔෆිස් එකේ චූටී ප්‍රශ්නයක්"

මන් ජංකුක්ගේ නිරුවත් පපුවට අතක් තියන් අහද්දි එයා මාව ඉනෙන් උස්සලා බැල්කෙනි එකේ ගැට්ටේ වාඩි කරවන ගමන් උත්තර දුන්නා...

"බඩගිනියිද?"

"ම්හුම්...තාම නෑ"

මන් ජංකුක් දිහා බලන් බඩගිනි නෑ කියද්දි එයා හිනාවෙන්න පටන් ගත්තා....මන් හිනාවෙන්න දෙයක් කිවුවද මේ මනුස්සයාට.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now