" අද දවල්ට මහත්තයාලාට මොනාද කන්න හදලා ඕන ? "

" ඔය තියෙන දෙයක් හදාගෙන කමූ කූ...ඇරත් කෑම හදන්න ඔයාම මහන්සි වෙන්න එපා...මෙතන ලොකු ලමිස්සියෙකුත් ඉන්නවා නේ... නිසා කපන කොටන සේරම දේවල් ටික එයාට දෙන්න..."

නම්ජුන් තේ කෝප්පේ දාරේ කටට ලං කරගෙන ඇස් වලින් ලූනාව ජන්කුක්ට පෙන්නනකො ලූනාට බිබී හිටිය තේ එකත් හිර වෙන්න ආවා...

" මං ? මං උයන්න දන්නේ නැහැ..."

" හරි ශෝක් අවුරුදු විසි එකක ලමෙක් කියන කතාව...ඊයේ රෑ වේලත් ජන්කුක් තනියමම හැදුවා...නිකමට ඇවිත් උදව් කරා ? මං මේ ලමයාව එක්කගෙන ආවේ කුස්සි අම්මා වැඩේ කරන්න නෙමෙයි...හරි හරි උයන්න ඕන නැහැ...ඔය කපන කොටන ටික විතරක් කරලා දෙන්න... ඇති "

" අනේ මහත්තයා , නෝනාට අමාරු ඇති නේ.... අත් වලට පිහි තලේ හුරු නැති නම් තුවාල වෙයි...මට හැකියි තනියමම උයා ගන්න...කරදර වෙන්න එපා මං ගැන..."

" ඒත් කූ-"

" දවල් කෑම පස්සේ...දැන් කට වහගෙන තේ ටික බොන්න..."

ජන්කුක් තමන්ට වඩා අවුරුදු හත අටකම පරතරයක් තියෙන නම්ජුන්ට හුරතලේට සැර කරලා අත දික් කරද්දි තමන්ගේ වයසත් අමතක වෙලා ගිහින් හිටිය නම්ජුන්ද තොල් දෙක පෙරලන් තමන්ගේත් ටේහියුන්ග්ගේත් මැද්දේ තිබ්බ බිස්කට් පැකට්ටුවේන් බිස්කට් කිහිපයක් අරන් ජන්කුක්ගේ අත තැබුවා....

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now