ටේහියුන්ග් කන ගාවින් වගේ ඇහුන ගෙජ්ජි සද්දේ තවත් අහගෙන ඉන්න අපහසුම තැන කටින් සද්දයක් පිට කරන ගමන්ම ඇස් දෙක අරින්න තීරණය කරා...
කූඩාරමේ ඇරිලා තිබ්බ රෙදි පලු අතරින් අවදි උන සූර්යයාගේ හිරු රශ්මිය මුහුනට පතිත වෙන එකෙන් අතක් ඉස්සරහාට කරලා භාගේට ඇරුන ඇස් දෙක ආවරණය කර ගත්ත ටේහියුන්ග් තවමත් ඇහෙන ගෙජ්ජි සද්දෙට තමන්ගේ වම් පැත්තට බෙල්ල හැරෙව්වා...
" අහ් ටේ , නැඟිට්ටා ද ? අනේ බලන්නකෝ මේක මගේ කකුලට ෆිට් වෙන්නේ නැහැ නේ..."
ලූනා දත කාගෙන තමන්ගේ කකුලේ වලලු කර මත පලඳින්න උත්සහා කරන පා සලබ උඩට උස්සලා ටේහියුන්ග්ට පෙන්නද්දි අන්න ඒ වේලාවෙයි ටේහියුන්ග්ට තේරුනේ තමන්ට මෙච්චර වෙලා ඇහුන ගෙජ්ජි සද්දේ නිකුත් උනේ කොහෙන්ද කියලා....
" ඔ..ඔයාට කොහෙන්ද ඕක හම්බුනේ ? "
" ඇයි ඔයාගේ ගාව වැටිලා තිබ්බේ...ඇත්ත කියන්න , මේක මට නේද ගත්තේ...? "
ලූනා ටේහියුන්ග්ගේ නහයට තට්ටුවක් දාලා ඒ විදිහට කියනකොට ලූනාගේ ඇඟිල්ල තමන්ගේ නහයට ඇවිත් වදිනාවත් එක්කම මුහුන අහකට හැරෙව්ව ටේහියුන්ග් මෙච්චර වෙලා වැලමිටට වාරු දිලා හිටිය එකෙන් කෙලින් උනා...
" විහිලු කරන්නේ නැතුව ඕක දෙන්න ලූනා..."
ටේහියුන්ග් අත දික් කරලා බැරෑරුම්ව කියද්දි ලූනා පා සලබ පපුවට ලං කරන් ටේහියුන්ග්ගේන් ඒක අහකට කරේ හරියට දෙන්න බැහැ කියන්න වගේ...
" කිව්වාම අහලා ඕක දෙන්න..."
මෙදා පාර ටේහියුන්ග් ටිකක් සැර පරුශ විදිහට කෑගහන්න ගත්ත නිසා ලූනා අවසානේ හිත හදාගෙන ටේහියුන්ග්ගේ අත් උඩින් ඒ පා සලබ තිබ්බා...
" මං හිතුවා මේක මට ගත්ත එකක් කියලා..."
" ඔයා මේවා පාවිච්චි කරන්නේ නැහැ නේ...මං ඒ වෙනුවට පස්සේ කරාබූ ජෝඩුවක් අරන් දෙන්නම්..."
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...