Chapter 3

1.9K 354 354
                                    

එදා ටේහියුන්ග්ගේ පංතියේ ඒ විශය උගන්වන ගුරුවරයා නොපැමිණිම නිසා ටේහියුන්ග් ඇතුලු මුලු පංතියේම ලමයි හිටියේ තම තමන්ගේ රාජකාරි වල....

ඇතැමුන් දැනටමත් පංතියෙන් එලියට ගිහින් ඉස්කොලේ වටේ සවාරියක් යද්දි අවුරුදු දහ අටේ ටේහියුන්ග් සහ ඔහුගේ පංතියේ සඟයෝ කිහිප දෙනා මේසයක් වට කරගෙන ඒ මැද්දෙම තිබ්බ පත්තර කෑල්ල දිහා බැලුවා...

" කොහොමද කෙල්ලගේ ඉණ ? "

පත්තරේ ගෙනාපූ කොල්ලා ඒ විදිහට කියන ගමන් අනිත් කොල්ලො දිහා බලනකොට ටේහියුන්ග්ගේ ඇස් දෙකත් පත්තරේ හිටිය කෙල්ලගේ පපුවෙන් එහාට වෙලා එහෙමම ඒ කෙල්ලාගේ ඉණ දිහාවට ගියා....

" ඔහ්...මගේ ජන්කූගේ උකුල ඕයිටත් වඩා හිනී..."

පත්තර පිටුවේ හිටිය කෙල්ලව ජන්කුක්ගේ ලඟින්වත් තියන්න බැහැ කියලා හිතපූ ටේහියුන්ග් පත්තරේන් ඇස් දෙක අහකට කරලා කන ඇතුල කහන ගමන් එහෙම කියද්දි අනිත් කොල්ලෝ සේරමල්ලා ටේහියුන්ග් දිහා බැලුවා...

" ඔව් ඉතිං..උබට උබේ ජන්කූ තරම් ලස්සන වෙනින් කවුරුත් නැහැ නේ..."

" ඉතිං මං වැරදිද ? ජන්කූ තරම් ලස්සන කෙනෙක් මේ මුලු ඉස්කොලේම ඉන්නවද...මගේ ජන්කූ අපේ පංතියේ ඉන්න කෙල්ලන්ටත් වඩා ලස්සනයි..."

" අපිට නම් එහෙම ලොකු දෙයක් පේන්නේ නැහැ එත්..? "

" උබලා හරියට දැකලා නැති නිසා නේ...ජන්කූ කෙල්ලෙක් උනා නම් මට විශ්වාසයි ඔය පත්තර දිහා බලන් කෙල වක්කරන උබලාත් එයාගේ පස්සෙන් යයි කියලා..."

" ඔව් ඉතිං...අපිටත් විශ්වාසයි එහෙම ගිහින් අන්තිමට එයාගේ හියුන්ගීගේන් ඇහැ නිල් වෙනකන් කන්න වෙයි කියලාත්..."

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now