කාලය නොනැවතිමක් නැතිව ගලා බසින ගඟක් මෙන් වේගෙන් ගෙවීගෙන ගියා...
ජන්කුක්ගේ ජිවිතේ තව දුරටත් එකකාරී නොවුනා....
ඒ හිතම වෙලා ගෙන තිබුන වැහිබර වලාකුළු සේරම නැති කරලා දාන්න ටේහියුන්ග්ගේ සුන්දර වචන කිහිපයකට හැකියාව තිබුනා....
ජන්කුක්ගේ අතට ලැබුන ටේහියුන්ග්ගේ පලවෙනි ලියුමෙන් පස්සේ ජන්කුක් නැවතත් යථා තත්වයට පත් වෙන්න පටන් ගත්තා...
වෙනදා වගේම ජන්කුක් යූනාටද උදව් වෙමින් සතියකට දවස් දෙකක් ගෙදර ඉස්තෝප්පුවට වෙලා බලාගෙන හිටියේ නගරේ ඉදන් මාසේකට දෙසැරයක් එන ටේහියුන්ග්ගේ ලියුම බලාපොරොත්තුවෙන්....
ඔව් , ගෙවීගෙන ගිය මාස අට පුරාම ටේහියුන්ග් වගේම ජන්කුක්ද එකිනෙකාට ලියුම් ලියමින් තමන්ගේ ජිවීතය ගෙවුන හැටි අකුරු කරන්න පුරුදු උනා...
ටේහියුන්ග් ලියුමත් එක්ක නොවරදවාම තමන්ගේ පින්තුරයක් ජන්කුක්ට යැව්වා...ජන්කුකුත් වුබින්ව බලෙන්ම ටවුමට එක්කන් ගිහින් පින්තුර ගන්න කඩේකින් තමන්ගේ පින්තුර අරන් ඒවා ලියුමත් එක්ක අමුණලා ටේහියුන්ග්ට යැව්වා...
දෙදෙනාම එකිනෙකාගේ පින්තුර දැකලා ඒ හිත් සනසව ගත්තා...
මීට සතියකට පෙරත් ජන්කුක්ට ටේහියුන්ග්ගේන් ලියමනක් ලැබුනා...
ඒ ලියමනේ යට ටේහියුන්ග් මෙන්න මෙහෙම ලියලා තිබ්බා...
" මගේ විභාගේ ඊයෙන් ඉවර උනා...මං ඊලඟ සුමානේ ජන්කූව බලන්න ගමට එනවා...."
ජන්කුක් ඒ වාක්‍ය දැක්ක මොහොතේ පටන්ම ඇඟිලි ගැන්නේ ඊලඟ සතිය වෙනකන්....
තිබ්බ නොවිසිල්ල නිසාම ජන්කුක්ට දැනුනේ මේ සතිය හරිම හෙමින් දුවන බවයි...
කොහොම නමුත් අවුරුද්දේ දිර්ඝතම සතිය අවසන් වෙලා අලුත් සතියේ ආරම්භක දිනය වූ සඳුදා දවස උදා උනා...
කාටත් කලියෙන් අවදි වෙලා උදෙන්ම පිලිකන්නට දුවලා ගිහින් මුහුන කට සෝද ගත්ත ජන්කුක් තමන් ලඟ තිබ්බ ලස්සනම ඇඳුම ඇඳගෙන ඉර පායන්නටත් කලියෙන් ඉස්තෝප්පුවට වෙලා බලාගෙන හිටියේ ටේහියුන්ග් එනකන් උනාත් ඒ හිතේ ඇති උන බලාපොරොත්තුද බිඳ දමමින් එදා දවසේ නම් ටේහියුන්ග් ගමනට නොපැමිණියා....
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...