අවුරුදු අටකට පසූ ~
උදෑසන පින්න වැටිච්ච කොළ ඒ චුටි වතුර බිඳු දරා ගන්න නොහැකීව පොලොව දිහාවට බර උනා...චුටි චුටි කුරුල්ලෝ දැනටමත් ලස්සන සිංදු කිව්වා...කඳු මඳුන් වල වැඳීගෙන හමාගෙන ආව නැවුම් මද සුලඟ හැමදාමත් වගේ ඇඟේ හිරිගඬු පිපෙව්වා....
ඒ අතර සරමක් ඇඳගෙන හිටිය ටේහියුන්ග් කරේ පැත්තකින් සාලුවකුත් දාන් අතේ තිබුන හැලප කෑල්ලකිනුත් භාගයක් කන ගමන් එහෙමම වලව්වේ ඇතුලේ තිබුන පොඩි කාමරයක් ඇතුලකට ගොඩ උනා...
ටේහියුන්ගේ ඇඟේ තවමත් ඉතුරු උන බිංදු බිංදු වතුර කැට ඒ දෙහදාරි පපුව මැද්දෙන් පහලට රූටලා ගිහින් ඉනේ බැඳගෙන හිටිය සරමේ දාරේ අතරින් නොපෙනි ගියා..
ටේහියුන්ගේ එක අතක කැන්ද කොලෙකින් ඔතාපූ හැලපයක් හිර වෙලා තියෙනකොට අනිත් අතින් ගුලි වෙලා පා සලබක් තිබුනා...
" ආ...අදත් වට්ටගෙන..."
ටේහියුන්ග් තමන්ගේ කමිසයක් ස්තිරික්ක කරමින් හිටිය ජන්කුක්ගේ මුහුන ඉස්සරහාම පා සලබේ කොන අල්ලන් ඉතුරු ටික පහලට වැටෙන්න සලස්වද්දි වෙනමම සිහියක ඉදන් ඇඳුම මැඳ මැද හිටිය ජන්කුක්ව ගැස්සුනා....
" අනේ මට ගැලවෙනවා දැනුනේවත් නැහැ අපේ මහත්තයා..."
" අනේ ඇත්තට හැව් හැව් තමා...උබ ඕක මේ කී වෙනි වතාවද වට්ට ගන්නේ...එක්කො මං දැන් ඉස්කෝලේ මාස්ටර් වැඩේ නවත්තලා උබේ පා සලබ අහුල අහුල ඉන්නවා..."
" දෙනවා මෙහාට...! "
ජන්කුක් ටේහියුන්ගේ අතින් පා සලබ ඇදලා ගන්න ගමන් ඒක එහෙමම කලිසම් සාක්කුවට ඔබා ගත්තා....
" දැන් ඔය හැලප කෑව ඇති හියුන්ගී...නාන කාමරේටත් එකක් උස්සන් ගියා නේද ? "
" හොඳ අත් ගුණයක් තියෙන මැණිකේ කෙනෙක් ඉද්දි මහත්තායාගේ යුතුකම තමා බඩ පැලෙන්න කන එක..."
" හැලප ටික රසයි ද ? "
" මගේ මැණිකේගේ කෑම කවද්ද රස නැති උනේ...ම්ම්.."
ටේහියුන්ග් අන්තිම හැලප කෑල්ලත් කටට දාගෙන අතේ තිබ්බ කැන්ද කොලේ අල්ල අස්සෙම ගුලි කර ගන්න ගමන් ජන්කුක්ගේ ඉන වටේ අත් යැව්වා...
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...