ටේහියුන්ග් ඔලුව උස්සලා ඒ ඉස්සරහාම තිබ්බ කණ්ණාඩියෙන් තමන්ගේම ප්‍රතිබිම්බය දිහා බැලුවා...
අද ලූනාත් ටේහියුනුත් මුදු මාරු කර ගන්න දවස...
නමුත් කණ්නාඩිය ඉස්සරහා හිටිය ටේහියුන්ගේ ඇස් දෙකම රතුම රතු පාට වෙලා තිබුනා...ඒ ඇස් යට ඉදිමිලා..මුලු මුහුනම මලානික වෙලා...
වැටෙන හුස්ම පවා කැඩි කැඩි එළියට පිටව යද්දි ටේහියුන්ග් තමන්ගේ අල්ල මත හිර කරගෙන හිටිය පා සලබ තද කරලා මිරික ගත්තා....
කාමරේ ඇතුලේ තිබ්බ ඔරලෝවේ කටු කැරෙන හඬ විතරක් ඒ මුලු කාමරේ පුරාම පැතිරුනාත් වැඩි වේලාවක් නොගෙන ටේහියුන්ග් ඒ සද්දෙටම නැවතත් තමන්ගේ හැඬුම් වල ශබ්ඳය එකතු කරා....
ටේහියුන්ග් කණ්නාඩිය දිහා බලාගෙනම උරහිස් ගස්සමින් ඉකි ගැහුව්වා....
" මං මොකද කරන්නේ ? "
හැම පැත්තකින්ම හිර වෙලා හිටිය ටේහියුන්ග් උත්තර නැති ප්‍රශ්නයක් තමන්ගෙන්ම අහ ගන්න ගමන් අල්ලවල් දෙකෙන්ම ඇස් දෙක තද කර ගත්තා...
තවත් උපරිම පැයයි ඉතුරු....උත්සවේ හරියටම තවත් හෝරාවකින් පටන් ගන්නවා...
නමුත් ටේහියුන්ග් අසරණ වෙලා...කර ගන්න කිසිම දෙයක් නැතුව ටේහියුන්ග් අන්ත අසරණ වෙලා...
කවුරුත් ටේහියුන්ග්ට හිටියේ නැහැ...තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන තුවාලේ වේදනාව වචන කරන්න ටේහියුන්ග් ලඟ කිසිම කෙනෙක් රැඳුනේ නැහැ...
ටේහියුන්ග් මඟින් කැඩිච්ච හුස්මක් හයියෙන් උඩට ඇදලා අත අස්සේ ගුලි ගැහුන පා සලබ දිහා බැලුවා....
ඒත් එක්කම ටේහියුන්ග්ට මේ ගෙවිච්ච දවස් කිහිපය ගැන මතකේට ආවා...
හිතුවෙවත් නැති විදිහට ජන්කුක්ගේ සෝල් ගමන ටේහියුන්ග්ව තරමක් සතුටු කරා වගේම ඒ මොහොතේම දුකිනුත් පිරෙව්වා...
ටේහියුන්ග් කොහොමද හිතකින් සතුටු වෙන්නේ ජන්කුක් ආවේ නගරේ බලන්න විතරක්ම නොවෙන කොට ?
ජන්කුක් අද උත්සවේට එයි....කලින් දවසේ ගත්ත සූට් එක ඇදගෙන ජන්කුක් අද කුමාරේක් වගේ උත්සවේට සහභාගී වෙයි කියලා ටේහියුන්ග් විශ්වාස කරා...
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...