Chapter 13

1K 239 138
                                    

පැය ගානක් දුම්රියේ ආසනය මත ඉදගෙන ජනේලෙන් එපිට බලාගෙන හිටිය ටේහියුන්ග්ගේ අවදානේ බිදිලා ගියේ තමන්ගේ ඇස් වලට " සෝල් " කියලා ලියලා තිබ්බ ගමන් පුවරුවක් දැක ගන්න ලැබුන නිසා...

එහෙමම පුටුව යට තිබ්බ ගමන් මල්ලත් , ඔඩොක්කුව උඩ තිබ්බ ගමන් මල්ලත් අත් දෙක ලඟට අර ගත්ත ටේහියුන්ග් කෝච්චිය ස්ටේශමෙන් නතර කරනකන් බලාගෙන හිටියා...

ඊට තප්පර කිහිපයකට පස්සේ සෙනඟ පොකුරු පිටින් ඉන්න ස්ටේශමෙන් ටේහියුන්ග්ව ගමනාන්තය කරා ගෙන ආ කෝච්චිය නතර වෙද්දි පොර කාගෙන කෝච්චියෙන් බහින මිනිස්සු අතර තෙරපි තෙරපි ටේහියුන්ග්ද අවසානේ සෝල් පොලොව උඩ පලවෙනි වතාවට අඩිය තිබ්බා....

කෝච්චියෙන් බැස්ස හැටියේ ටේහියුන්ග් පපුව ඇතුලේ හිර වෙලා තිබ්බ ඒ බර කඳ සැහැල්ලු කර ගන්නාක් මෙන් ලොකු හුස්මක් නාස් පුඩු අතරින් ඇතුලට ඇද ගත්තා...

මේ වාතය ටේහියුන්ග්ට අලුත් හැඟීමක් ගෙන දුන්නා...ගමේ තරම් පිරිසුදු නැවුම් ගතිය නොතිබ්බාත් ටේහියුන්ග්ට නගරේ ජනග්‍රහනය අතරින් සැරිසරන වාතය අලුත් දෙයක් උනා....

තමන්ගේ අත් අතර හිර කරගෙන හිටිය එක් බෑගයක් උරහිසේ පැත්තකින් දා ගත්ත ටේහියුන්ග් එක එක පැති වලට බෙදෙන පඩිපෙල් කිහිපයක් අතරින් පිට වීමේ දොරටුව හොයාගෙන එතනින් එලියට ගියා....

ටේහියුන්ග් ඉර නගින්නත් ප්‍රථමයෙන් ගමෙන් පිට උනාත් මොකද ටේහියුන්ග් තමන්ගේ ගමනාන්තයට ලං වෙද්දි මහ දවාල උදා වෙලා තිබ්බා...

ගිනි මද්දහනේ පිට වීමේ දොර ලඟ හිටගෙන එතනින් පේන සුන්දර වගේම නවීන සෝල් නුවර දිහා බැලුව ටේහියුන්ග්ගේ මුවේ යාන්තමට හිනාවක් ඇදුනා...

ගමේ තියන තියන අඩියක් ගානේ රූස්සට වැවුන ගස් තිබුනාත් ඒ වෙනුවට නගරේ දකින්නට තිබුනේ අහසක් උසට නැඟුන විශාල ගොඩනඟැලි...

එක එක වර්ණයන්ගේන් සමන්විත සිය ගනනක් වාහන ඇසි පිය හෙලන පමාවට ටේහියුන්ග්ව පසු කරගෙන ගියා...මුලු පාරම ඒ වෛවාරන වාහන වලින් කාර්යයබහුල වෙලා තිබ්බා....

ටේහියුන්ග්ට මේ හැමදේම අලුත් අත් දැකීම්...ටේහියුන්ග් මේ අදහා ගත නොහැකි සුන්දර දසුන් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා...

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now