Chapter 12

1.1K 249 153
                                    

එදා ටේහියුන්ග්ගේ ගෙදර හරිම කාර්යයබහුලයි...

හිරු නැගි එන්නත් කලියෙන් මුලු ගෙදරම මිනිස්සු හිටියේ අවදියෙන්...

කලබලෙන් එහෙට මෙහෙට ඇවිදින අඩි සද්දත් , කුස්සියේ බඩු මුට්ටු වල හඬත් එදා කිම් ගෙදර ඇතුලෙන් හරි හරියට ඇහුනා...

පාන්දර පහට පමණ ටේහියුන්ග්ගේ කාමරයේ මේසේ උඩ තිබ්බ පුංචි ඔරලෝසුවේ සීනූව මහ හඬින් නාද වෙන්න ගත්තා...

ඒ අතර කකුල් දෙක ඇඳ මත දිග ඇරගෙන බිත්තියට ඔලුව හේත්තු කරන් හිටිය ටේහියුන්ග් තමන්ගේ නිදිමත බේරෙන ඇස් දෙක ජනෙලේ ගාවින් අයින් කරලා ඒක එහෙමම ඔරලෝසුව තියෙන පැත්තට හැරෙව්වා...

කලින් රාත්‍රියේ ඔරලෝසුවේ සීනූව නාද වෙන විදිහට කට්ට කැරකෙව්වාත් මුලු රෑම නින්ද පේන මානේක නොතිබ්බ ටේහියුන්ග්ව නැඟිට්ටවන්න තවත් ඔරලෝසූ නම් අවශ්‍ය උනේ නැහැ...

ඔරලෝසුවේ සීනූව නිහඬ කරවලා ටේහියුන්ග් ආයේ ජනේලේ දිහාවට ඔලුව හරවනවත් එක්කම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගොඩ උන සේවිකාව කාමරේ නිවිලා තිබුන විදුලි බුබුලු දල්වන්න පටන් ගත්තා....

" පුංචි මහත්තයා නැඟ්-"

ස්විචය පත්තු කරන ගමන්ම සේවිකාව ටේහියුන්ග්ව නැඟිට්ටවන්න හැදුවාත් තමන් කියන්න ගිය එක එහෙමම නවත්ත ගත්තේ මේ වෙනකොටත් ටේහියුන්ග් ඇහැරගෙන ජනේලෙන් එපිට බලන් ඉන්න විදිහ දැක්ක නිසා...

" පුංචි මහත්තයා ? "

සේවිකාව තොල් අතර මුමුනමින් හෙමින් ටේහියුන්ග් දිහාවට අඩි තියද්දි මැරුන මල කඳක් මෙන් හිටිය ටේහියුන්ග් අප්‍රාණික ලෙස සේවිකාව දිහා බැලුවා...

ඒ නහය මුල තවමත් රත් පැහැ ගැනිවිලා තිබුනේ ජන්කුක්ව මතක් වෙන මතක් වෙන සැරයක් ගානේ ඉකි ගහන්න පටන් ගත් නිසා වෙන්න ඇති...ඇස් යට කලු පාටින් වර්ණවත් වෙලා තිබුනේ මුලු රෑයක්ම නින්දක් නැතිව හිටිය නිසා වෙන්න ඇති...ඒ ඔලුව පුපුරන්න තරම් වේදනාවක් ගෙන දුන්නේ නොනැවතීමක් නැතිව තවමත් මේ ප්‍රශ්න වලින් පැනලා යන්න ක්‍රමයක් හොයමින් හිටිය නිසා වෙන්න ඇති...ඒ ඇඟට කෙලින් හිට ගන්නවත් පණක් නැති උනේ හදවත සහමුලින්ම මැරිලා ගියා කියලා දැනුන නිසා වෙන්න ඇති....

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now