නම්ජුන් වත්තේ අයිනක , අඹ ගස් දෙකකට තියලා ගෙට ගහලා තිබ්බ වැල ලඟ හිටගෙන හිටියා...
ඒ මුහුනේ පේන නොපෙනෙන ගානට පොඩි හිනාවක් ඇදිලා...
තමන්ගේ අත් අතර තියෙන කමිසේ පපුවට ලං කර ගත්ත නම්ජුන් ඒකට නහය තියලා තුන්වෙනි වතාවටත් ඒ කමිසයෙන් විහිදෙන සුවඳ වින්දා...
කලින් රාත්‍රියේ ජන්කුක් සෝදලා දුන්න කමිසයෙන් ඒ සෝදද්දී ගාපූ සබන් වල සුවඳ නම්ජුන්ගේ නාස් පුඩු හරහා ආයේමත් සැරයක් ගමන් කරා...
නම්ජුන් මතක් කරා කලින් රාත්‍රියේ වෙච්ච හැමදේම...
ගඟට බැහැලා ඇඟට වතුර දදා හිටියාත් නම්ජුන්ගේ ඇස් නැවතිලා තිබුනේ තමන්ගේ රෙදි ටික හෝදන ජන්කුක් ලඟ....
ඒ දර්ශනේ නම්ජුන්ගේ පපුව නැවතත් වේගෙන් ගැහෙන්න සැලැස්සුවා...
නම්ජුන් ජන්කුක්ගේ ඒ අමුතු අභාශේට ගොඩාක් ආස කරා...
ඒක බොහෝ දුරට ආසාවට වඩා එහා ගිය අමුතු හැඟීමක්...
නම්ජුන් ඒ හැඟීම ආදරය නමින් හැඳින්නුවා...
ඒ හිතට ජන්කුක් ගැන දැනුනේ අවංක ආදරයක්...
කටින් වචන විදිහට පිට නොකරාත් නම්ජුන් මේ ටික කාලේට ජන්කුක්ට ගොඩාක් බැදුනා...ඒ හිතට දැනිච්ච හැඟීම් වචන කරන්න නම්ජුන් තරමක් අපොහොසත් උනාත් තමන්ට හැකි පමණනින් නම්ජුන් ජන්කුක්ට ඉඟි දුන්නා...
ජන්කුක්ට ඒ දේවල් තේරුනාද නැද්ද යන්න නම්ජුන් හරිහැටි නොදැන හිටියාත් තමන්ගේ එක ඉඟියක් හරි ජන්කුක් තේරුම් ගන්න ඇති කියන බලාපොරොත්තුව නම්ජුන්ගේ හදවත ඇතුලේ තැන්පත් උනා...
කොහොම නමුත් නම්ජුන් අද නොවිසිල්ලෙන් හිටියා...
කලින් රාත්‍රියේ ගඟ ලඟ ඉදන් ගෙවල් බලා පිටත් උන ජන්කුක් , නම්ජුන්ට පැවසුවේ අදත් තොටුපොල ලඟදි මුණ ගැහෙමූ කියලා...
තමන් වෙනුවෙන් විස්කෝතු පවා සාදාගෙන එන බවද ජන්කුක් නම්ජුන්ට කියා සිටියා...
කලින් රාත්‍රිය පුරාම නම්ජුන්ට නින්ද අහිමි කෙරූ ඒ සිතුවිලි , අවසානේ පැය ගානක තර්ක විතර්ක එක්ක තමන්ගේ අවසන් තීරණයට එලබුනා....
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...