Chapter 17

1.3K 268 557
                                    

එදා උදෑසන නම් ගමේ තරුණ උදවිය ටික හිටියේ තරමක් උද්‍යෝගයෙන්...

මොකද අවුරුද්දකට වරක් හෝ දෙවතාවක් පවත්වන අත් පන්දු තරඟේ පැවැත්වෙන්න තිබ්බේ අද....

ගමේ ගැහැණු ලමුන් සේරම කඳමලු බැඳගෙන පිට්ටනියට දුවද්දි සුපුරුදු පරිදි ජන්කුක්ව හොයාගෙන ඒ ගෙදරට ආපූ ආරී ජන්කුක්වත් එක්කගෙන පිට්ටනියට ගියා....

පිට්ටනියට ඇතුල් වෙන්න තිබ්බ පිවිසුක් දොරටුව අබියස මොහොතකට නැවතුන ජන්කුක් පිට්ටනිය වටේටම තමන්ගේ ඇස් ගෙනිච්චා...

තවමත් තරඟේ පටන්ගෙන නොතිබ්බ නිසා ක්‍රිඩකයන් කිහිප දෙනෙක් ගැහැනු ලමුන් සිටින බංකු උඩින් වාඩි වෙලා කියව කියව ඉද්දි තවත් සමහරු පිට්ටනියේ පැත්තක තිබ්බ අත් පන්දු දැල වටේ මිනුම් බලමින් කුඩු කරපූ හුණු හලමින් හිටියා...

කාලේකට පස්සේ ගමට ආව ටේහියුන්ග්නුත් තරඟේ සඳහා අවශ්‍ය පිට්ටනිය සකසන්න අනිත් අයට උදව් වෙන ආකාරය දැක්ක ජන්කුක් හෙමීට හිනා උනා...

" ටේහියුන්ගී ඔප්පා....!!! "

ටේහියුන්ග් දිහා නිහඬවම බලාගෙන හිටිය ජන්කුක්වත් තිගස්සවමින් ඒ අතේ එල්ලිලා හිටිය ආරී සද්දෙන් කෑගහන ගමන් ටේහියුන්ග්ට කතා කරනකොට බිමට නැමිලා කලින් ඇදපූ රේඛා උඩ අතේ තිබ්බ හුණු ටික හලමින් හිටිය ටේහියුන්ග් ඉන්න විදිහෙන්ම අත් යටින් පිටිපස්ස බලලා පිට්ටනියට ඇතුල් වෙන තැනම හිටගෙන හිටිය ජන්කුක්ව දැක්ක හැටියේ නවාගෙන හිටිය කොණ්ද කෙලින් කර ගත්තා....

" මේ ටික ගනින්.."

ටේහියුන්ග් තමන්ගේ පිටිපස්සේ හිටිය ලමෙක්ගේ අත් උඩට හුණු කුඩු ටික හලලා ජන්කුක් එක්ක ලස්සනට හිනා වෙන ගමන් ඒ ලඟට කිට්ටු උනා....

" අද කලින්ම ඇවිල්ලා..."

එහෙම කිව්ව ටේහියුන්ග් තමන්ගේ දඹර ඇඟිල්ලේ හිටිලා තිබ්බ හුණු ටික ජන්කුක්ගේ කම්මුල උඩ තනි ඉරකින් ඇදගෙන ගියා...

" කොහෙද ඉතිං...මේ ආරී යන්න ඕනී කියලා වද දුන්නා නේ..."

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now