සතියකට දෙකකට පසූ ~
එදා විශ්ව විද්‍යාලයේ නිවාඩු දවසක් උන නිසා ටේහියුන්ග් සූදානම් උනේ සෝල් නගරයේ සිද්ද උන ආගිය තොරතුරු ඇතුලත් කරලා ගෙදර අයට ලියමනක් ලියන්නයි....
මේසේන් වාඩි වෙලා කොහෙන් පටන් අරන් කොහෙන් අවසන් කරන්නද කියලා හිතමින් හිටිය ටේහියුන්ග්ට ඇත්තටම ලියුම් කඩදාසියක් කොහොමද ලියන්නේ කියලා කිසිම අවබෝධයක් තිබුනේ නැහැ....
නමුත් ගමේ ඉදන් නගරේට ආවාත් හරි තමන්ගේ දෙමාපියන්ට හරියට කතා කර ගන්නවත් බැරි උනා නේ කියලා හිතුන ටේහියුන්ග් අවසානේ තමන්ගේ පෑන් තුඩ කොලේ මතට තද කරේ හිතට එන සේරම දේවල් අකුරු කරන්න බලාපොරොත්තුවෙන්...
පැයක් හෝ දෙකක් ගෙවිලා යන්න ඇති...
ටේහියුන්ගේ කකුල ගාව තිබ්බ කුණු කූඩය කට ලඟට එනකන්ම පිරිලා ගිහින් තිබුනේ ගුලි කරලා විසි කරපූ කොල බෝල වලින්...
නමුත් අවසානේ සාර්ථක විදිහට තනි රූල් පිටු දෙකක පමණ ලියුමක් ලියා ගන්න හැකි උන ටේහියුන්ග් කඩදාසිය උස්සලා ඒ ඉස්සරහාම තියෙන ජනේලෙන් වැටෙන ඉර එළියට ඒක අල්ලන ගමන් තනියමම හිනා උනා....
" දැන් තියෙන්නේ මේක තැපැල් කරන්න..."
ටේහියුන්ග් තොල් අතර මුමුනමින් ලියුම ලස්සනට නවන ගමන් ලාච්චුව ඇරලා ගත්ත දුඹුරු පාට කවරයට ඒ කොල කැලි දෙක දාලා ආයේමත් ලියුම ලාච්චුව අස්සට දැම්මා....
ටිකකින් තමන්ගේ කාමරේ ඉදලා එලියට ආව ටේහියුන්ග් එහෙමම කුස්සියට ගියා....
" නැන්දේ , මෙහෙ තැපැල් කන්තෝරුව තියෙන්නේ කොහෙද ? "
තවමත් නගරයට අලුත් උන ටේහියුන්ග් ඒ විදිහට අහද්දි පලතුරු වගයක් මැශිමකට දාලා පොඩි කරමින් හිටිය යුන්කි මැශිම නවත්තන ගමන් ටේහියුන්ග් දිහාවට හැරුනා...
" මොකක්ද පුතේ කිව්වේ ? "
" අහ් මං මේ ඇහුව්වේ මෙහෙ තැපැල් කන්තෝරුව කොහෙ හරියේ වගේද තියෙන්නේ කියලා..."
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...