Chapter 21

1.3K 275 496
                                    

රෑ බෝ වේගෙන එනකොට හවස් වරුවේ තිබ්බ වැස්ස සම්පුර්ණයෙන්ම නැවතිලා ගියා....

රාත්‍රි සීතල වෙනදාට වඩා සීතලක් ගෙන දුන්න නිසා ජන්කුක් කමිසයට අමතර වෙනින් කබායක් ඊට උඩින් දාගෙන ලාම්පුවත් උස්සගෙන කරුවලේම එළියට බැස්සා...

තවමත් ගමේ මිනිස්සු ඇහැරිලා...

ඒ මිනිස්සුන්ගේ කසුකුසු හඬ නිසා ජන්කුක්ට රාත්‍රියේ ඇති වෙන බිය ගතිය මදක් පහව ගියා....

ජන්කුක්ගේ කකුල් එහෙමම ගෑටූවේ කිම් වලව්ව දිහාවට....

මිනිත්තු කිහිපයකට පස්සේ ජන්කුක් ටේහියුන්ග්ගේ ගෙදර ඉස්සරහා ගෙට්ටුව ගාව හිට ගත්තා....

" මහත්තයා ? නම්ජුන් මහත්තයා ? "

ජන්කුක් ගෙට්ටුවේ එල්ලිලා කිහිප සැරයක්ම නම්ජුන්ට අඬ ගහන්කොට ඉස්තෝප්පුවේ තිබ්බ හාන්සි පුටුවේ ඇලවිලා ඇස් දෙක වහගෙන කල්පනාවකට වැටිලා හිටිය ටේහියුන්ග් කලබලෙන් ඇස් ඇරලා ඉස්සරහා ගේට්ටුව දිහා බැලුවා....

" නම්ජුන් මහත්තයා ! "

ජන්කුක් නැවතත් නම්ජුන්ගේ නම අමතලා බෙල්ලත් දික් කර කර ගෙට්ටුවෙන් ඇතුල බලද්දි ඒ කට හඬ ඇහුන ටේහියුන්ග් පුටුව ලඟ ගලවලා දාලා තිබ්බ සෙරප්පු කුට්ටමත් කකුලට දාගෙන ඉක්මනින් ගේට්ටුව ලඟට ගියා....

" ජන්කූ ? මේ වේලාවේ මොනාද මෙතන කරන්නේ ? "

ටේහියුන්ග් ගේට්ටුව භාගෙට ඇරලා ජන්කුක්ගේ ඉස්සරහින් හිටගෙන එහෙම අහනකොට ඉක්මනින් බිම
බලා ගත්ත ජන්කුක් තමන් ආව කාරණාව කිව්වා...

" නම්ජුන් මහත්තයා ඉන්නවා ? "

" ඔව් , ඒත් ඇයි ? "

" මට නම්ජුන් මහත්තයාව හම්බෙන්න ඕන "

" මොකක්ද කාරණාව ඉතිං ? "

" මං ඒක නම්ජුන් මහත්තයාත් එක්කම කතා කරන්නම් පුංචි මහත්තයා..."

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now